🎬 අපේ නොවූ ඇය, අපේම වූ හැටි… - Our Little Sister (2015) 🎦

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,074
    153,287
    113
    ජපානෙ ඉන්න ප්‍රවීණ වගේම සම්මානනීය සිනමාකරුවෙක් වෙන "Hirokazu Koreeda" විසින් තිර රචනය කරලා අධ්‍යක්ෂණේ කරපු ලස්සන වගේම, ආදර්ශමත් කතාවක් තියෙන අපූරු චිත්‍රපටියක් විදිහට 2015 වසරෙ තිරගත කරපු "Our Little Sister" කියන චිත්‍රපටිය හදුන්වන්න පුළුවන්.


    p12407293_v_h10_ah.jpg



    ​



    Sachi , Yoshino, Chika කියන එකම පවුලෙ තරුණ සහෝදරියො තුන්දෙනා 'Kamakura' නගරෙ පිහිටලා තිබුණු මෙයාලගෙ මහගෙදර තනියම තමයි ජීවත් වුණේ. මේ සහෝදරියො තුන්දෙනා පොඩිකාලෙදිම මෙයාලගෙ දෙමව්පියො දික්කසාද වෙනවා. එක දවසක් මේ සහෝදරියො තුන්දෙනාට පණිවිඩයකින් දැනගන්න ලැබෙනවා මෙයාලගෙ තාත්තා මියගිය බව. ඉතින් මේගොල්ලො අවමගුලට සහභාගි වෙන්න තාත්තා ඒ වෙනකොට පදිංචි වෙලා හිටපු 'Yamagata' කියන නගරයට යනවා.

    ඒ වෙනකොට Sachi , Yoshino, Chika තුන්දෙනාම තමන්ගෙ තාත්තව අවුරුදු 15 කින් විතර දැකලා තිබුණෙ නෑ. අවමගුලට සහභාගි වෙන්න ගිය අතරෙදි මේ සහෝදරියන්ට මෙයාලගෙ තාත්තගෙ දෙවැනි විවාහයෙන් ලැබුණු දරුවා වුණු, එහෙමත් නැත්නම් මේ සහෝදරියො තුන්දෙනාගෙ "half-sister" වෙච්ච තාමත් පාසල් යන වයසෙ පසුවෙමින් හිටපු "Suzu Asano" ව පළමු වතාවට මුණ ගැහෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ වෙනකොට 'Suzu' ගෙ අම්මත් මියගිහින් හිටපු නිසා Sachi , Yoshino, Chika තුන්දෙනා තීරණය කරනවා මේ අලුත මුණ ගැහුණු තමන්ගෙ බාලම සහෝදරියව ඒගොල්ලො ජීවත් වෙමින් හිටපු 'Kamakura' වල මහගෙදරට එක්කගෙන යන්න. එතැන් පටන් 'Kamakura' වල මේ සහෝදරියො හතරදෙනා ගෙවන ජීවිතයත් එක්ක මේගොල්ලො අතරෙ ඇතිවෙන අපූරු සහෝදර බැඳීම ගැන තමයි "Our Little Sister" චිත්‍රපටියේ කතාවෙන් අරන් එන්නෙ.



    2015-Our-Little-Sister-Umimachi-Diary.jpg

    Our_Little_Sister-0007.jpg
    1217463_our_little_sister.png
    our_little_sister_1280.jpg

    unnamed-1-2-4.jpg

    a2-2.jpg
    ​


    "Our Little Sister" චිත්‍රපටියෙ ප්‍රධාන චරිත වුණු සහෝදරියො සිව් දෙනාගෙ චරිතවලට Haruka Ayase, Masami Nagasawa, Kaho සහ Suzu Hirose කියන රංගන ශිල්පිනියන් තමයි රංගන දායකත්වෙ සැපයුවෙ. ජපානෙ පවත්වන ප්‍රධානම සිනමා සම්මාන උළෙල වෙන "Japan Academy Awards" කියන සිනමා උළලෙ 2016 වසරෙ පවත්වපු 39 වැනි සම්මාන වාරෙදි වසරේ හොදම චිත්‍රපටිය, හොදම අධ්‍යක්ෂණය ඇතුළුව සම්මාන 12 කට නිර්දේෂ වෙලා ඒ අතරින් වසරේ හොදම චිත්‍රපටිය, හොදම අධ්‍යක්ෂණය ඇතුළුව සම්මාන 4 ක් දිනාගන්නත් "Our Little Sister" චිත්‍රපටිය සමත් වෙනවා.


    බලපු නැති අය ඉන්නවා නම් අනිවා බලන්න. "Feel-Good" වයිබ් එකක් තියෙන හුගක් ලස්සන චිත්‍රපටියක්. ලස්සන 'soundtrack' එකකුත් තියෙනවා.
    ​


    ​
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,074
    153,287
    113
    පස්සේ කවුරුවත් මැරිලා යනවද? දුක හිතෙනවද? එහෙම ඒවා මම බලන්නේ නෑ.
    එහෙම දුක හිතෙන ගතියක් නම් නෑ. ඉමෝෂනල් සීන් එකකදි වුණත් කෙලින්ම දුක හිතෙන ගතියකට වඩා bittersweet ෆීලින් එකක් තමයි දැනෙන්නෙ ෆිල්ම් එක බලනකොට. මෙහෙම හොද සහෝදර බැඳීමක් තියෙන සහෝදරියො ටිකක් අපේ පවුල්වලත් හිටියා නම් කියලා වගේ හිතෙනවා ෆිල්ම් එක පුරාවට. ඕවර් ඩ්‍රමෑටික් සීන්ස් එහෙමත් මුකුත් නෑ. කැරැක්ටර්ස්වල, ඩයලොග්ස්වල මාර රියල් ගතියක් දැනෙනවා ෆිල්ම් එක බලද්දි. හරියට අපිත් චිත්‍රපටියෙ කැරැක්ටර්ස් එක්ක ජීවත් වෙනවා වගේ හැගීමක්. :yes: :)
     

    dillido

    Active member
  • Sep 17, 2025
    176
    225
    43
    hirokazu koreeda මේ director කරපු අනෙක් films ඒවත් බලන්න.. shop lifters, broker, nobody knows, still walking ,like father like son, maborosi, after the storm , i wish, මේවා එකදිගටම ආසාවෙන් බලන්න පුළුවන් movies..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,074
    153,287
    113
    hirokazu koreeda මේ director කරපු අනෙක් films ඒවත් බලන්න.. shop lifters, broker, nobody knows, still walking ,like father like son, maborosi, after the storm , i wish, මේවා එකදිගටම ආසාවෙන් බලන්න පුළුවන් movies..
    'Maborosi' බැලුවා සති දෙක තුනකට විතර කලින්. අනිත් ෆිල්ම්ස් ටිකත් බලන්න ඕන ඉස්සරහට. :) (y)