👩‍❤️‍👨 යුද්ධයේ අඳුරු සෙවනැලි මැද දෙහදක් එක් කළ සොදුරු ආදර කතාව - Waterloo Bridge (1940) 🎞️💔

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113
    wKdW7QY.jpg

    "Roy Cronin" කියන්නෙ බ්‍රිතාන්‍ය හමුදාවෙ සේවය කරන හමුදා කපිතාන්වරයෙක්. පළමුවැනි ලෝක යුද්ධයේ ආරම්භක සමය ගත වෙමින් තිබුණු අතරවාරයෙදි එක් දවසක් ඔහු එංගලන්තයේ, ලන්ඩන් අගනුවර තියෙන වෝටර්ලූ පාලම අසල ඉන්න වෙලාවක ජර්මන් "air raid" එකකට ඔහුට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ වෙලාවෙ වෝටර්ලූ පාලම මතින් ගමන් කරමින් හිටපු කාන්තා බැලේ නර්තන කණ්ඩායමක සාමාජිකාවක් වෙච්ච "Myra Lester" කියන බැලේ නර්ථන ශිල්පිණියට මේ "air raid" එකෙන් බේරෙන්න "bomb shelter" එක හොයාගෙන යන්න උදව් කරන්නෙ පාළම මතදි අහම්බෙන් වහේ හමුවෙච්ච මේ "Roy' කියන කපිතාන්වරයයි. "air raid" එකෙන් බේරෙන්න "bomb shelter" එකට වෙලා ඉන්න අතරවාරයෙදි "Roy' සහ 'Myra' අතර බොහොම සමීප කතා බහක් ඇති වෙනවා.

    කොහොම නමුත් පාළම උඩදි පළමුවැනි වතාවට මුණ ගැහුණු මොහොතෙ ඉදලම මේ දෙන්නට එකිනෙකා ගැන ලොකු සමීප හැගීමක් ඇතිවෙලා තිබුණු බව ඒ වෙනකොටත් දෙන්නටම හොදටම වැටහිලයි තිබුණේ. මේ විදිහට සුහද කතාබහක් විදිහට ඇරඹුණු "Roy' ගෙයි, 'Myra' ගෙයි පළමු හමුවීම සොදුරු ආදරයකට පරිවර්තනය වෙන විදිහත්, යුද්ධයේ බලපෑම් මත ඔවුන්ගේ ආදරේට අත්වෙන ඛේදනීය ඉරණම පිළිබදත් ඇතුළත් කතා පුවතක් තමයි 1940 වසරේ තිරගත කරපු "Waterloo Bridge" කියන චිත්‍රපටයෙන් අරන් එන්නෙ.

    zVBRZFp.jpg
    oSXKbKb.jpg

    හොලිවුඩයේ ස්වර්ණමය යුගයෙ හිටපු ප්‍රවීණම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, තිර පිටපත් රචකයෙක් වගේම චිත්‍රපට නිෂ්පාදකවරයෙකුත් වුණු "Mervyn LeRoy" විසින් අධ්‍යක්ෂණය කරපු "Waterloo Bridge" චිත්‍රපටය නිර්මාණය වුණේ 1930 වසරෙදි ඒ නමින්ම වේදිකාවට නංවපු ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයය ඇසුරෙනුයි. S. N. Behrman, Hans Rameau, George Froeschel විසින් තමයි චිත්‍රපටයේ තිර පිටපත රචනා කරනු ලැබුවේ. ඒ වෙනකොට හොලිවුඩයේ හිටපු ජනප්‍රියතම නළු නිළි දෙපළක් වුණු "Vivien Leigh" ("Gone with the Wind" චිත්‍රපටිය බලලා තියෙන කෙනෙක් නම් "Vivien Leigh" ගැන අනිවා දන්නවා ඇති) සහ "Robert Taylor" චිත්‍රපටයේ ප්‍රධාන චරිත වුණු 'Myra' ට සහ "Roy' ට පණ පොවද්දි Lucile Watson, Virginia Field, Maria Ouspenskaya, C. Aubrey Smith කියන ප්‍රවීණ නළු නිළි පිරිස සෙසු ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වුණා.

    qdo1iLm.jpg
    RnYbiHB.jpg

    මේ චිත්‍රපටියේ සාර්ථකත්වයට ප්‍රධාන චරිතවලට පණ පොවපු "Vivien Leigh" සහ "Robert Taylor" ගෙන් චිත්‍රපටයෙදි නිරූපණය වුණු විශිෂ්ට "On-screen chemistry" එක තමයි හුගක් ම හේතුවුණේ. මේ දෙන්නා චිත්‍රපටයෙදි මුලින්ම හමුවෙන දර්ශනයෙන් ම මේ දෙන්නා අතර තිබ්බ මේ අපූරු "On-screen chemistry" එක චිත්‍රපටිය බලන අපිට හොදින් ම දැනෙන්න ගන්නවා. චිත්‍රපටියෙදි විතරක් නෙවේ කලා ක්ෂේත්‍රයට පරිබාහිරව සැබෑ ජීවිතේදිත් "Vivien Leigh" සහ "Robert Taylor" හුගක් සමීප මිතුරන් විදිහට ආශ්‍රය කරපු දෙන්නෙක් විදිහටයි හුගක් ප්‍රසිද්ධ. මේ දෙන්නගෙ මේ සමීප මිත්‍රත්වෙ ජීවිත කාලයේ අවසානය වෙනකම් ම නොවෙනස්ව පැවතිලා තියෙනවා. මේගොල්ලන්ගෙ ජීවිතේ අන්තිම කාලෙදි, තමන්ගෙ සිනමා දිවියේ ආසාවෙන්ම රංගන දායකත්වය සපයපු කැමතිම චිත්‍රපටය මොකද්ද කියලා මාධ්‍යවේදියො "Vivien Leigh" ගෙනුයි, "Robert Taylor" ගෙනුයි අහපු වෙලේ "Waterloo Bridge" චිත්‍රපටය තමයි ඒ දෙන්නගෙම උත්තරය වෙලා තිබුණෙත්.

    61TonyJEKaL._AC_UF894,1000_QL80_.jpg

    "Waterloo Bridge" චිත්‍රපටියේ තියෙන මේ ලස්සන ආදර කතාවට අමතරව පළමු ලෝක යුධ සමයට අයත් කාලවකවානුවෙදි බ්‍රිතාන්‍යය තුළ උඝ්‍ර විදිහට පැවතිච්ච සාමාජීය ප්‍රශ්ණ ගැනත් මේ චිත්‍රපටිය ඔස්සේ සාකච්ඡා කරනවා. විශේෂෙන් ඒ කාලවකවානුව තුළදි බ්‍රිතාන්‍යයේ පැවතුණු සාම්ප්‍රදායික ජන සමාජයෙන් කාන්තාවන්ට එල්ල වුණු දැඩී පීඩනය වගේම විවිධ සමාජ තල අතර තිබුණු ගැටීමුත් මෙහිදී නිරූපණය කරනවා.

    ප්‍රවීණ සංගීතඥ "Herbert Stothart" ගෙ මනරම් සංගීතයෙන් හැඩවුණු "Waterloo Bridge" චිත්‍රපටයට කැමරා අධ්‍යක්ෂණයෙන් දායකත්වය ලබා දුන්නේ සිනමා ඉතිහාසෙ හිටපු විශිෂ්ටම කැමරා අධ්‍යක්ෂවරයෙක් විදිහට හදුන්වන "Joseph Ruttenberg" විසිනුයි. සිනමා ඉතිහාසෙ වැඩිම ඔස්කාර් සම්මාන දිනාගත්තු කැමරා අධ්‍යක්ෂවරයට හිමි සම වාර්තාව උසුලන්නෙත් මොහු විසිනුයි. හොදම කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔස්කාර් සම්මානයෙන් සිව් වාරයක් පිදුම් ලබපු ඔහු ඔස්කාර් සම්මාන වෙනුවෙන් දස වතාවක් නාම යෝජනා හිමි කරගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ නාමයෝජනා අතරට "Waterloo Bridge" චිත්‍රපටයේ කැමරාකරණය සදහා ලැබුණු නාම යෝජනාවත් ඇතුළත්. සුපුරුදු විදිහට කළු-සුදු මාධ්‍යයෙන් ඔහු කරපු තවත් විශිෂ්ට කැමරා අධ්‍යක්ෂණයක් මේ "Waterloo Bridge" චිත්‍රපටය පුරාවටත් අපිට දැකගන්න අවස්ථාව ලැබෙනවා.

    චිත්‍රපටයෙන් උපුටා ගත්ත රූපරාමු කීපයක්

    75lZsON.jpg

    RR89eYU.jpg

    mR2EzHn.jpg

    wZ5u52p.jpg

    fvEM0KB.jpg

    5uSvias.jpg

    1h4MPp9.jpg

    zdLAYbb.jpg

    yTrgIkR.jpg

    "Waterloo Bridge (1940)" චිත්‍රපටියට කලින් මං උඩින් සදහන් කරපු වේදිකා නාට්‍ය ආශ්‍රය කරගෙන "Waterloo Bridge" කියන නමින්ම 1931 වසරෙදි චිත්‍රපටයක් එළි දක්වලා තියෙනවා. ඒ නිසා "Waterloo Bridge (1940)" චිත්‍රපටියෙ 'remake' එකක් විදිහටත් සලකනවා. කොහොම නමුත් මේ චිත්‍රපටි දෙක අතරින් වඩාත් හොද වර්ෂන් එක 1940 එළි දක්වපු මේ චිත්‍රපටිය කියලයි හැමෝගෙම වගේ මතය වෙලා තියෙන්නෙ.

    මේ චිත්‍රපටියෙ අවසානය නම් දුක හිතෙන එකක් තමයි තියෙන්නෙ. ඒ නිසා මේ චිත්‍රපටිය "romantic tragedy" ගනයට අයත් වෙන එකක් විදිහටත් සලකන්න පුළුවන්. ඒත් ලස්සන, රොමෑන්ටික් ගතිය උපරිමෙන් ම තියෙන හුගක් හොද චිත්‍රපටියක්. හොලිවුඩ්වල "golden age" එකේ හදපු පරණ කළු-සුදු චිත්‍රපටි බලන්න අකමැති කෙනෙක් කෙනෙක් වුණත් කමක් නෑ, කෝකටත් කියලා නිකන් බලන්න උත්සාහයක් දෙන්න. බොහෝ දුරට චිත්‍රපටිය හිතට අල්ලලා යාවි. දැන් අලුතෙන් එන රොමෑන්ටික් චිත්‍රපටිවලට වඩා නම් ගොඩක් හොදයි මට නම් මේක. "Hollywood classics" බලන්න කැමති අයට නම් ඉහළින්ම 'recommend' කරනවා මේ චිත්‍රපටිය. :)

    ✍️🎞️ සටහන සහ ලිපිය සැකසුම: @Stimulus mind 🎥✍️

    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113
    මාතියා වෝටලූ ඉන්න මිනිස්සුන්ට පින්තූර පේන්නෑලු. හරි තැනක පින්තූර ටික දාන්න imgur ශකබුං කරල තියෙන්නේ.
    ඔයා UK වල ද ඉන්නෙ? :dull::sorry: Imgur විතරයි ඉතින් මං නම් දැන් මතක ඇති කාලෙක ඉදලා පාවිච්චි කරන්නෙ පාවිච්චිය හුගක් පහසු නිසා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔයා UK වල ද ඉන්නෙ? :dull::sorry: Imgur විතරයි ඉතින් මං නම් දැන් මතක ඇති කාලෙක ඉදලා පාවිච්චි කරන්නෙ පාවිච්චිය හුගක් පහසු නිසා.

    Image-hosting platform Imgur has blocked people in the UK from accessing its content.

    https:🤡//www.bbc.co.uk/news/articles/c4gzxv5gy3qo
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113
    adee ubawa dekka kal.. machan dan Movies Releasae wenawa adui da ?
    අලුතෙන් එන ෆිල්ම්ස් නම් දැන් බැලෙන්නෙම නැති තරම්. දැන් ඔක්කොම වගේ එන්නෙ මෙලෝ රහක් නැති ෆිල්ම්ස්, එහෙම නැත්නම් සතියෙන් දෙකෙන් අමතක වෙලා යන 'mediocre' ලෙවල් එකේ ෆිල්ම්ස්.
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    411
    410
    63

    bump :cool: