රටක ගීත ඔක්කොම පිටරට තනු වලින් හදනවයි කියන්නෙ ඒ රටේ අයට කිසිම නිර්මාණශීලීත්වයක් නෑ කියන එක. ඉස්සර ගොඩක් ගීත හින්දි කොපි වේශේෂයෙන් ජෝති. එහෙම තියෙද්දි සුනිල් ශාන්ත, කේමදාස මාස්ටර්, සරත් දසනායක, ක්ලැරන්ස් (සින්දු දෙක තුනක් හැර අනිත් හැම එකක්ම ස්වතන්ත්‍ර), ස්ටැන්ලි පීරිස්, එච්. එම්, රෝහණ වීරසිිංහ, රෑකාන්ත වගේ අය තමයි ඔය විදියට ගීත හදල ඔය නවනිංගිරාවෙන් රට බේරගත්තෙ. මම නං පුද්ගලිකව ගීතයක් නිර්මාණය කිරීමේ කටයුතු කරපු අයට රොයල්ටි ගෙවන එකට විරුද්ධ නෑ, ඒත් දැන් කරන්න යනව වගේ ඔය වෙඩින් වගේ ඒවයි ලොකු මුදලක් එකතු කරන එක කිසිසේත්ම ප්‍රායෝගික නෑ.