එයාර්බස් ගනුදෙනුවේ මුදල් විශුද්ධිකරණයට අදාළව CID විසින් ගොනුකළ නඩුවට නාමල් රාජපක්ෂට ඇප

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,893
    1
    4,707
    113
    එයාර්බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ සැකකාර නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියන 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි.

    සැකකරුට විදේශ ගමන් තහනමක් පැනවූ මහේස්ත්‍රාත්වරයා, ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත්, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් නියෝග කර සිටියා.

    එයාර්බස් ගනුදෙනුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව මෙම නඩුව ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,425
    12,544
    113
    Ohio, USA
    g4wimJr.png