තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරෙයි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,185
    2
    5,510
    113
    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

    අදාළ පෙත්සම පිළිබඳ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල මඟින් මෙම නියෝගය නිකුත් කළ බවයි වාර්තා වන්නේ.


     
    • Love
    Reactions: Podi puthas