අත්අඩංගුවට ගත් ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයට🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,259
    49,743
    113

    %E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
    ​


    පිටිගල, ඉහළ හේරැස්ස, ලේනගල ආරණ්‍ය සේනාසනයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (03) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන විත් තිබෙනවා.

    උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුවයි.

    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය ඔක්තෝබර් පළමුවැනිදා විවෘත වරෙන්තුවක් නිකුත් කළා.

    ඊට අමතරව විදේශගත වීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඥානසාර හිමියන්ට විදේශ ගමන් තහනමක් ද නිකුත් කළා.

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රදානය කළ පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා බලරහිත කරනු ලැබුවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,913
    36,200
    113
    විජේවීර සහෝදරයවත් අල්ල ගත්තේ හැංගිලා ඉන්නකොට නේද?
     
    • Haha
    Reactions: Ldy