සජිත් ප්‍රේමදාසගේ ප්‍රසිද්ද ඇමතුමෙන් පසු අනෝජ්ට කෝල් ගැනීමත් තහනම් , බේරගන්න ගිය නියෝජිතයින් ආපසු එයි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,898
    113
    ඕන් ගොන් පොන්නයා තව වැඩල් කරලා




    සෞදි අරාබියේදී මරණ දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන්ට සෞදි රජුගෙන් සමාව ලබාගැනීමේ අරමුණින් රජයේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ ජාතික ජන බලවේගය නියෝජනය කරන ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම යන මහත්වරුන් නම් කර තිබිණි.
    ඔවුන් මූලිකව මාලදිවයින බලා පිටත්ව ගොස් එරට හිටපු ජනාධිපතිගේ සහාය ඉල්ලා සිට අනතුරුව සෞදි අරාබිය වෙත නොගොස් යළි මෙරටට පැමිණ ඇති.
    මේ අතර, අනෝජන් බේරාගැනීම සඳහා කොළඹ විපක්ෂ නායක කාර්යාලය වෙත පැමිණි ඔහුගේ දෙමව්පියන් ලබාදුන් දුරකථන ඇමතුමක් ඔස්සේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අනෝජන් අතර පැවති සංවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
    එම සිදුවීමෙන් අනතුරුව, සිරගතව සිටින අනෝජන්ට සිය දෙමව්පියන් සමඟ හෝ දුරකථනයෙන් කතාබස් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව පැවසේ.
    මෙම අර්බුදය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ, මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා රජය නිවැරදි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක් භාවිත කළ යුතු බවයි.
    සෞදි රජු සමඟ ඍජු සබඳතා පැවැත්විය හැකි පාකිස්තාන අගමැතිවරයාගේ සහාය මේ සඳහා ලබාගත යුතු බවත්, මැදපෙරදිග ගැටුම් සමථයකට පත්කිරීමේ සාකච්ඡාවලට පවා පාකිස්තානය මැදිහත් වූ බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී සිහිපත් කර තිබේ.
    එහෙත්, ඉන්දියාව කෙරෙහි දක්වන අනවශ්‍ය බිය හේතුවෙන් වත්මන් රජය පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට මැලි වන බවටද හිටපු ජනාධිපතිවරයා චෝදනා කළේය.
    එම හමුවේදීම අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බරපතළ චෝදනාවක් කරමින් ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර නීති රීති පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව මාලිමා රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු කටයුතු කිරීම හේතුවෙන් අනෝජන්ට හිමිව තිබූ සිර දඬුවම මරණ දණ්ඩනයක් දක්වා බරපතළ වූ බවට තොරතුරු පවතින බවයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,864
    113
    35
    Spain
    මට දැන් මතක් වුනේ, රෝසි සේනානායක ඒ කාලේ සවුදි තානාපති කාර්යාලයේ ලේකම්වරියක් ලෙස වැඩ කරලා තිබුන. ඉන්ටවීව් එකකට කියල තිබුන ඒ තානාපති කාර්යාලයෙන් ලංකාවේ සියලුම පත්තරවල පරිවර්තනයක් සවුදියට යවනවා කියල.
     
    • Like
    Reactions: peakySwifter

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,035
    1
    59,533
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔවුන් මූලිකව මාලදිවයින බලා පිටත්ව ගොස් එරට හිටපු ජනාධිපතිගේ සහාය ඉල්ලා සිට අනතුරුව සෞදි අරාබිය වෙත නොගොස් යළි මෙරටට පැමිණ ඇති.
    No Way Wtf GIF by NETFLIX
     
    • Like
    Reactions: peakySwifter

    planner123

    Well-known member
  • May 22, 2018
    10,160
    17,406
    113
    මට දැන් මතක් වුනේ, රෝසි සේනානායක ඒ කාලේ සවුදි තානාපති කාර්යාලයේ ලේකම්වරියක් ලෙස වැඩ කරලා තිබුන. ඉන්ටවීව් එකකට කියල තිබුන ඒ තානාපති කාර්යාලයෙන් ලංකාවේ සියලුම පත්තරවල පරිවර්තනයක් සවුදියට යවනවා කියල.
    This is standard practice at embassies.
    Thaman inna rate aya thamange motherland gena dakwana adahas denaganna ona.
    USA embassy eken mehe newspapers analyse karala balanawa USA gena mehe minissu mokada hithanne kiyala.

    Melo labbak nodanna godayo hithai USA wala un mehe ewa balala labbak karannada kiyala. Owa loku subjects. Podi molawalata therenne naha.

    Dan nam habai owa minissu daagena karanna deyak naha AI nisa.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,680
    1,610
    113
    මේ වගේ රටවල් වලට යන්ඩ තහනම් කරන්ඩ ඔනෙ
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,025
    3,599
    113
    මෙම අර්බුදය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ, මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා රජය නිවැරදි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක් භාවිත කළ යුතු බවයි.
    සෞදි රජු සමඟ ඍජු සබඳතා පැවැත්විය හැකි පාකිස්තාන අගමැතිවරයාගේ සහාය මේ සඳහා ලබාගත යුතු බවත්, මැදපෙරදිග ගැටුම් සමථයකට පත්කිරීමේ සාකච්ඡාවලට පවා පාකිස්තානය මැදිහත් වූ බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී සිහිපත් කර තිබේ.
    එහෙත්, ඉන්දියාව කෙරෙහි දක්වන අනවශ්‍ය බිය හේතුවෙන් වත්මන් රජය පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට මැලි වන බවටද හිටපු ජනාධිපතිවරයා චෝදනා කළේය.
    එම හමුවේදීම අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බරපතළ චෝදනාවක් කරමින් ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර නීති රීති පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව මාලිමා රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු කටයුතු කිරීම හේතුවෙන් අනෝජන්ට හිමිව තිබූ සිර දඬුවම මරණ දණ්ඩනයක් දක්වා බරපතළ වූ බවට තොරතුරු පවතින බවයි
    Yes no kiyagannawat beri godey huththala kohomada ban owa karanne. Antimata demalawa beraganna giyapu jeppageth bella kapala daawi mokak hari ponna wedak karaa kiyala.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,827
    15,831
    113
    🌎
    සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසාට එරෙහිව පැවති නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට සෞදි අභිචෝදක කාර්යාලය තීරණය කර ඇති බවත් ඒ අනුව ඔහුව සම්පූර්ණයෙන්ම නිදහස් කර ඉදිරි සතියක් හෝ දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන බවත් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

    විදේශ කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළා.

    Media brief එක

    https://media.adaderanasinhala.lk/articles/254527/documents/MR-Sinhala_20261111_170009_071.pdf



    image_63ad3fdf3a.jpg



    අනෝජන් සිවරාසා නමැති මෙම ශ්‍රී ලාංකික තරුණයා පසුගිය ජූලි මාසයේ මුලදී සෞදි අරාබි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ෆේස්බුක් සටහනක් තැබීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නැගුණු චෝදනාවක් මතයි.

    එම චෝදනාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සෞදි අරාබියේ ප්‍රාථමික උසාවිය මගින් ඔහුට වසර පහක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩ මුදලක් ගෙවන ලෙස පළමු දඬුවම නියම කෙරුණා.

    ඉන්පසුව අභියාචනාධිකරණය මගින් එම නඩුව නැවත විභාග කිරීමෙන් අනතුරුව පසුගිය සැප්තැම්බර් මස 17 වැනිදා අනෝජන් සිවරාසාට මරණ දඬුවම නියම කරනු ලැබුවා.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජයේ නීතිඥ කණ්ඩායම සහ සෞදි අරාබියේ රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒකාබද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත් වීම හේතුවෙන් ඔක්තෝබර් මස 13 වැනිදා එම මරණ දඬුවම් තීන්දුව සම්පූර්ණයෙන්ම ඉවත් කර ඔහුව මරණ දඬුවමින් නිදහස් කර ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා පැවසුවා.

    අනතුරුව ඔක්තෝබර් මස 27 වැනිදා සුප්‍රීම් උසාවිය විසින් මෙය නව නඩුවක් ලෙස ප්‍රාථමික උසාවියට නැවත ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් අතර ඊට අදාළවද ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදු කර තිබුණා.

    එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය නොවැම්බර් මස 09 වැනිදා සෞදි අභිචෝදක කාර්යාලය විසින් මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට තීරණය කර ඇති බවත් ඒ අනුව මේ වන විට ඔහුට එරෙහිව සෞදි උසාවියේ කිසිදු නඩුවක් නොමැති බවත් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළා.

    මරණ දඬුවමට ලක්ව සිටි අනෝජන් සිවරාසා මාස හතරක් හතරහමාරක් වැනි කාලයක් තුළ සම්පූර්ණයෙන්ම නිදහස් කර ගැනීමට හැකි වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඔහු දැනට තවදුරටත් අත්අඩංගුවේ පසුවන නමුත් නිදහස් කිරීමේ තීන්දුව ලබාදී ඇති බව කියා සිටියා.

    ඒ අනුව අදාළ උසාවි තීන්දුව හිර කඳවුර වෙත දැනුම් දීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් විසින් සෞදි ආගමන විගමන දෙපාර්තමේන්තුවට පිටවීමේ ලියකියවිලි භාර දීමට නියමිත අතර ඉන් අනතුරුව සතියක් හෝ දෙකක් ඇතුළත ඔහුව ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

    අමාත්‍යවරයා පවසන්නේ, මෙම ඓතිහාසික නිදහස් කර ගැනීම සඳහා මානුෂීය පදනමින් නඩුව ඉදිරියට ගෙන නොයෑමට තීරණය කළ සෞදි අරාබි රජයටත්, සෞදි අධිකරණ අමාත්‍යාංශයටත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ස්තූතිය පුද කරන බවයි.

    එමෙන්ම මුල සිටම උපදෙස් හා මගපෙන්වීම ලබා දුන් ජනාධිපතිතුමාටත්, ස්වේච්ඡාවෙන් මැදිහත් වූ නීතිඥවරුන්ටත්, රියාද් තානාපති කාර්යාලයේ තානාපතිතුමා ඇතුළු නිලධාරීන්ටත්, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය ඇතුළු දිවා රාත්‍රී නොබලා කැපවූ නිලධාරීන්ටත් ස්තූතිවන්ත පළ කරන බව ඔහු පැවසුවා.

    මෙම සිදුවීම ජාතිවාදී ප්‍රශ්නයක් දක්වා දුරදිග යාමට ඉඩ නොදී සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එක්ව සහයෝගය දැක්වීම හරහා ජාතික සමගිය පිළිබඳව ලෝකයටම නව පණිවිඩයක් ලබා දුන් බවත් අනෝජන්ගේ මව, පියා විශේෂයෙන්ම ලියකියවිලි ඉදිරිපත් කිරීමේදී සහ සහෝදරයා ඇතුළු පවුලේ අය ඉතා ඉවසීමෙන් කටයුතු කළ බවද අමාත්‍යවරයා පවසනවා.

    මෙම සිදුවීම විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ට නව පාඩමක් කියා දී ඇති බව පැවසූ විජිත හේරත් මහතා, මැදපෙරදිග හෝ වෙනත් කිසිදු රටකට යන විට එම රටේ පවතින නීතියට අනුව ජීවත් වීමටත් රැකියාව කිරීමටත් වගබලා ගත යුතු බවත් මින් මතුවට මෙවැනි වැරදි සිදු නොවන ආකාරයට කටයුතු කළ යුතු බවත් විදේශගත වන තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියා..

    කොල්ලෙක්ගෙ බෙල්ල කපලා හරි ගොඩ යන්න ට්‍රයි කරපු එලකිරි ශනික මෝචන ගුපියො සහ අදික ස්වාදීන සෙට් එක ශනික චූන් එකට පත් වු අවස්තාව පහතින්...

    :lol: :lol: :lol: 👇 :sorry::sorry:











    sources-

    https://sinhala.adaderana.lk/news/254527
    https://hirunews.lk/499924/sivarasa...in-saudi-arabia-has-been-granted-full-freedom
    https://whatnews.lk/2026/11/11/brea...oT2SAkNFYkvDxXWFU4_aem_OP3NAaptQbcnydH6Fe1Wug