රණ්ඩු කරන හාමුදුරුවෝ රැකලා දෙන ශාසනය තුළ භාවනා කරන හාමුදුරුවෝ ලෝකයෙන් මිදිලා යනවා - පූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමින් වහන්සේ

TrashPanda

Active member
  • Feb 23, 2026
    125
    184
    43
    1. පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයේ අදහස: "භාවනා කරන හාමුදුරුවොත් ඉන්නවා පුතේ ලෝකයේ... රණ්ඩු කරන හාමුදුරුවොත් ඉන්නවා. ඒක ලෝකයේ ස්වභාවයක්. රණ්ඩු කරන හාමුදුරුවෝ රැකලා දෙන ශාසනය තුළ භාවනා කරන හාමුදුරුවෝ ලෝකයෙන් මිදිලා යනවා පුතේ.

    ඒ නිසා මේ කාටවත් අපිට දොස් කියන්න පුළුවන් කමක් නැහැ. කෙනෙක් ශාසනය ආරක්ෂා කරන්න උත්සාහ කර ගන්නවා. තව කෙනෙක් ආරක්ෂා කරන ශාසනය තුළින් ගැලවිලා යන්න උත්සාහ කරනවා... ඕක තමයි ලෝකය...!!!"

    2. සිංහල සමාජයේ පැරණි අම්මා කෙනෙක් දඩබ්බර දුවෙක්ට, පුතෙක්ට කියලා දෙන උපමාව: අද සමාජයේ ඇසෙනවා අඩු වුණාට, අතීතයේ අපේ පැරණි අම්මලා දඩබ්බර දූ දරුවන්ට කියා දුන්න ලස්සන උපමාවක් තියෙනවා.

    "පුතේ / දුවේ, වරකා ගෙඩියක තියෙන රසම රස මදුළු ටික විතරක් තියාගෙන අනිත් වහාල්ලයි, පෙත්තයි අයින් කළොත් ඒ මදුළු ටික රැකගන්න පුළුවන් වෙයිද? නැහැ... ඒ රස මදුළු ආරක්ෂා වෙලා තියෙන්නේ අර බාහිරින් තියෙන වහාල්ලයි පෙත්තයි නිසයි. ඒ නිසා නුඹලාත් ජීවිතයේදී 'පෙත්තටත් නැති, වහාල්ලටත් නැති' නිසරු කෙනෙක් වෙන්න එපා!"

    එහි අර්ථය: වරකා ගෙඩියක රසම කොටස මදුළු වුවද, එම මදුළු ආරක්ෂිතව තිබීමට බාහිරින් ඇති වහාල්ල සහ පෙත්ත උපකාරී වේ. එමෙන්ම ශාසනය තුළද අභ්‍යන්තරයෙන් නිවන් මග වඩන යතිවරයන් වහන්සේලා මෙන්ම, බාහිරින් ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පිරිසද සිටිති. බාහිර රැකවරණය නැති තැන අභ්‍යන්තර පැවැත්මද අනතුරේ වැටේ. ඒ නිසා සමාජයේ හෝ ශාසනයේ විවිධ චරිත දෙස නුවණින් හා උපේක්ෂාවෙන් බැලිය යුතුය.

    Copied
     
    maharetas

    Member
    Dec 27, 2025
    23
    26
    3

    what an explanation.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,862
    9,307
    113
    //ඒ නිසා මේ කාටවත් අපිට දොස් කියන්න පුළුවන් කමක් නැහැ//

    මෙහෙම හිතල වැඩක් නෑ. සදචාරය ගැන සංගත මූලධර්මයක් නැති හොඳ නරක එතිකල් අඛ්‍යානයක් නැති චින්තනෙන් නම් බුද්ධාගම ගලවගන්න ඕනෙ. ලෝක හොරු සහ දෙපිටකාට්ටුවො ටිකක් මේවයින් හැදෙන්නෙ.

    අනිත් ටික ඕනෙ නම් වෙන විදිහකට ෆ්‍රේම් කරල ගොඩ දාගන්න.
     
    • Like
    Reactions: Besamaayam

    TrashPanda

    Active member
  • Feb 23, 2026
    125
    184
    43
    රණ්ඩු කරලා කොහොමඳ ශාසනය ආරක්ෂා කරන්නේ?
    මෙතන රණ්ඩු කරනවා කියන්නේ පන්සල් අයිති කරගන්නවත්, වෙන පුද්ගලික දේවල් වලටවත් නෙමෙයි. මේ දේවල් අතීතයේත් සිදුවුනා. ඒ කාලේ වැඩ සිටිය සියලු භික්ෂූන් වහන්සේලාත් ආරණ්‍යවාසී, නැත්නම් විනයදර නෙමෙයි නේ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,554
    55,674
    113
    Colombo
    1. පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයේ අදහස: "භාවනා කරන හාමුදුරුවොත් ඉන්නවා පුතේ ලෝකයේ... රණ්ඩු කරන හාමුදුරුවොත් ඉන්නවා. ඒක ලෝකයේ ස්වභාවයක්. රණ්ඩු කරන හාමුදුරුවෝ රැකලා දෙන ශාසනය තුළ භාවනා කරන හාමුදුරුවෝ ලෝකයෙන් මිදිලා යනවා පුතේ.

    ඒ නිසා මේ කාටවත් අපිට දොස් කියන්න පුළුවන් කමක් නැහැ. කෙනෙක් ශාසනය ආරක්ෂා කරන්න උත්සාහ කර ගන්නවා. තව කෙනෙක් ආරක්ෂා කරන ශාසනය තුළින් ගැලවිලා යන්න උත්සාහ කරනවා... ඕක තමයි ලෝකය...!!!"

    2. සිංහල සමාජයේ පැරණි අම්මා කෙනෙක් දඩබ්බර දුවෙක්ට, පුතෙක්ට කියලා දෙන උපමාව: අද සමාජයේ ඇසෙනවා අඩු වුණාට, අතීතයේ අපේ පැරණි අම්මලා දඩබ්බර දූ දරුවන්ට කියා දුන්න ලස්සන උපමාවක් තියෙනවා.

    "පුතේ / දුවේ, වරකා ගෙඩියක තියෙන රසම රස මදුළු ටික විතරක් තියාගෙන අනිත් වහාල්ලයි, පෙත්තයි අයින් කළොත් ඒ මදුළු ටික රැකගන්න පුළුවන් වෙයිද? නැහැ... ඒ රස මදුළු ආරක්ෂා වෙලා තියෙන්නේ අර බාහිරින් තියෙන වහාල්ලයි පෙත්තයි නිසයි. ඒ නිසා නුඹලාත් ජීවිතයේදී 'පෙත්තටත් නැති, වහාල්ලටත් නැති' නිසරු කෙනෙක් වෙන්න එපා!"

    එහි අර්ථය: වරකා ගෙඩියක රසම කොටස මදුළු වුවද, එම මදුළු ආරක්ෂිතව තිබීමට බාහිරින් ඇති වහාල්ල සහ පෙත්ත උපකාරී වේ. එමෙන්ම ශාසනය තුළද අභ්‍යන්තරයෙන් නිවන් මග වඩන යතිවරයන් වහන්සේලා මෙන්ම, බාහිරින් ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පිරිසද සිටිති. බාහිර රැකවරණය නැති තැන අභ්‍යන්තර පැවැත්මද අනතුරේ වැටේ. ඒ නිසා සමාජයේ හෝ ශාසනයේ විවිධ චරිත දෙස නුවණින් හා උපේක්ෂාවෙන් බැලිය යුතුය.

    Copied
    මෙහෙම කතාවක් කිව්ව කියල රාජගිරියේ අරියඥාණ හාමුදුරුවෝ දන්නවද ?
     
    • Haha
    Reactions: Besamaayam

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,871
    2,292
    113
    මෙහෙම හිතල වැඩක් නෑ. සදචාරය ගැන සංගත මූලධර්මයක් නැති හොඳ නරක එතිකල් අඛ්‍යානයක් නැති චින්තනෙන් නම් බුද්ධාගම ගලවගන්න ඕනෙ.

    එක පැත්තකින් පෙනි පෙනි සුනාමියක් එනවා. පොළවට mounted, indestructible hibernation pod එකක් තියෙනවා. සුනාමිය දවසින් ඉවරයි. hibernation pod එකේ ආයු කාලය දවස් 10 යි.

    පොඩ් එකට නැගලා දොර වහන් බේරෙන්න පුලුවන්කම තියන්, සුනාමිය එක්ක එන කෑලි වැදිලා pod එක හීරෙනවට අකමැති නිසා, දවස් 10 න් inevitably ආයු කාලය ඉවර වෙන්න තියෙන පොඩ් එක වටේට සෙලෝ ටේප් අලව අලව ඉදලා, අන්තිමට සුනාමියට අහුවෙලා මැරිලා යන ahh approach 🥀
     
    • Like
    Reactions: wpril5

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,209
    2,109
    113
    //ඒ නිසා මේ කාටවත් අපිට දොස් කියන්න පුළුවන් කමක් නැහැ//

    මෙහෙම හිතල වැඩක් නෑ. සදචාරය ගැන සංගත මූලධර්මයක් නැති හොඳ නරක එතිකල් අඛ්‍යානයක් නැති චින්තනෙන් නම් බුද්ධාගම ගලවගන්න ඕනෙ. ලෝක හොරු සහ දෙපිටකාට්ටුවො ටිකක් මේවයින් හැදෙන්නෙ.

    අනිත් ටික ඕනෙ නම් වෙන විදිහකට ෆ්‍රේම් කරල ගොඩ දාගන්න.
    ඒ අය එක්ක ගැටි ගැටී ඉදල තෙරුමක් නෑ කියන එකයි කියන්නේ.

    උබ කියන සමාජ විරොදී,රටේ නිතියට පටහැනි දේ සම්බන්දයෙන් නිහඩව ඉන්නවනම් ඒක වැරදී. ඒක ආගමික පැත්තේ දෙයක් වේවා ගිහි සමාජයේ වැරදි සිදුවිමක් වෙන්න පුලුවන්.

    එතනදී
    -උපදෙසක් දෙන්න පුලුවන් තැනකදී නම් උපදෙසක් දීම දීම
    --පැමිනිලි කරන්න ඔන තැනකදී නම් එසේ කිර්‍රිම.

    දැන් එතකොට මේක ධර්මයටත් කම්ප්ලයි වෙන්න ගන්න එපයි
    - අවශ්ය ක්‍රියාමර්ග ගන්නව නමුත් දොස් කිය කිය(උන් සම්බන්දය්න් ගැටි ගැටී ඉන්නේ නෑ )
     
    • Like
    Reactions: War Fighter

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,467
    4,184
    113
    1. ඒ සාසනේ මිදිල ගිය එක්කෙනෙක් පෙන්නන්න
    2. එහෙම මිදිල ගිය මනුස්සයෙක් ඉන්නවනම් එයා ඔය කතාව කියනව කියල පෙන්නන්න
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,862
    9,307
    113
    එක පැත්තකින් පෙනි පෙනි සුනාමියක් එනවා. පොළවට mounted, indestructible hibernation pod එකක් තියෙනවා. සුනාමිය දවසින් ඉවරයි. hibernation pod එකේ ආයු කාලය දවස් 10 යි.

    පොඩ් එකට නැගලා දොර වහන් බේරෙන්න පුලුවන්කම තියන්, සුනාමිය එක්ක එන කෑලි වැදිලා pod එක හීරෙනවට අකමැති නිසා, දවස් 10 න් inevitably ආයු කාලය ඉවර වෙන්න තියෙන පොඩ් එක වටේට සෙලෝ ටේප් අලව අලව ඉදලා, අන්තිමට සුනාමියට අහුවෙලා මැරිලා යන ahh approach 🥀

    ලූස් ඇනලොජි හලමුකො. සුනාමියෙන් බේරෙන අපි එහෙමම ඉන්නව, ලයිෆ් කන්ටිනිව්ස් හිරීම් සහිතව. උපමාව සංදර්භයෙදි කතාව සරලයි. කාරනාව සෘජුව කතා කරමු. අපි මේ කතාකරන කල්චරල් බලවේග වලින් සර්වයිව් වෙන්න සමහර මිනිස්සු යෝජනා කරන ක්‍රම වලින් බුද්ධාගමෙ ස්පිරිට් එක නරක විදිහට වෙනස් වෙන බව නොසලකා හරින්න බෑ. මෙතන ආගම (සහ ඒක ට්‍රිකල් ඩවුන් වෙලා හැදෙන රටේ සංස්කෘතිය) වෙනස් නොකර ගැනීම සහ ආගමෙ ලොන්ජෙවිටි එක වැඩි කරගැනීම කියන ට්‍රේඩ් ඔෆ් එකක් තියෙනවනෙ.

    ආගමෙ පැවැත්ම ආරක්ෂා කරගන්න විදිහ හිතන්න. හැබැයි ඒක එන්ඩ් එක. මීන් එක (ක්‍රමය) ගැන //දොස් කියන්න පුලුවන් කමක් නෑ// කියල බෑ, ඔතන තමා ක්‍රිටිකල් විය යුතු. හිතෙන හිතෙන විදිහට ආගම රැකගෙන මොකටද ඒක වැඩකට නැතුව යනව නම්.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,146
    1
    7,096
    113
    1. ඒ සාසනේ මිදිල ගිය එක්කෙනෙක් පෙන්නන්න
    නිර්වාණය සම්පූර්ණයෙන් සාක්ෂාත් වෙන්නේ පරි නිර්වාණය උනාම ; ඒ නිසා මම නිවුනා කියලා කියන්න බෑ කාටවත් සම්පූර්ණයෙන්ම.

    එහෙම මිදිල ගිය මනුස්සයෙක් ඉන්නවනම් එයා ඔය කතාව කියනව කියල පෙන්නන්න
    Pitaka.lk
     
    • Like
    Reactions: wtsamantha

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,467
    4,184
    113
    නිර්වාණය සම්පූර්ණයෙන් සාක්ෂාත් වෙන්නේ පරි නිර්වාණය උනාම ; ඒ නිසා මම නිවුනා කියලා කියන්න බෑ කාටවත් සම්පූර්ණයෙන්ම.

    Pitaka.lk
    මම නිවුනා කියල කියන්නෙ නැහැ කොහොමත් මම කියල එකෙක් නැහැ කියල දැනගත්තාම මම නිවුනා කියල කියන්නෙ නෑනෙ
    ඒ වුනට නිවනේ සමවදින්න පුලුවන් එයලට එකෙ තියන එක්පීරියන්ස් එක කියන්න පුලුවන් මමයි ලෝකයයි කියල දෙකක් නැහැ කියල දකින විදිහ කියන්න පුලුවන්
    එහෙම කියන එක්කෙනෙක් පෙන්නන්න
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,146
    1
    7,096
    113
    මම නිවුනා කියල කියන්නෙ නැහැ කොහොමත් මම කියල එකෙක් නැහැ කියල දැනගත්තාම මම නිවුනා කියල කියන්නෙ නෑනෙ
    නෑ මෙතන POV එක අනුව කියනවා බුදුරජාණන් වහන්සේ උනත් පෘතග්ජන පුද්ගලයින් ට කියද්දී ... උපක ආජීවක යන්ට ; පස්වග මහණුන්ට etc මම නිවුන තැනැත්තෙක් කියලා.

    ඒ වුනට නිවනේ සමවදින්න පුලුවන්
    එයලට එකෙ තියන එක්පීරියන්ස් එක කියන්න පුලුවන්
    නිවන කියන්නේ මේ වගේ ධ්‍යාන සමාධි වගේ දෙයක් නෙවෙයි.
    මමයි ලෝකයයි කියල දෙකක් නැහැ කියල දකින විදිහ කියන්න පුලුවන්
    එහෙම කියන එක්කෙනෙක් පෙන්නන්න
    මම සහ ලෝකය හැදෙන්නේ මම ට ආත්ම පුද්ගල භාවය හෙවත් සත්කාය දෘෂ්ටිය පැනවුවම ... මේක කඩන හැටි තමයි 99% ම බුද්ධ වචනය.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,871
    2,292
    113
    ලූස් ඇනලොජි හලමුකො.

    හලලා කතා කරොත් වැඩක් නැති වෙනවා. දෙතිස් කතාවක් (උඩ කියපු සූනාමියෙන් බේරෙන්න උපනිශය නොවන) වෙනවා, සහ රිප්ලයි කරපු එකේ ප්‍රධාන අරමුණ, එන්න තියෙන සුනාමිය පෙන්නන එක.

    අපි මේ කතාකරන කල්චරල් බලවේග වලින් සර්වයිව් වෙන්න සමහර මිනිස්සු යෝජනා කරන ක්‍රම වලින් බුද්ධාගමෙ ස්පිරිට් එක නරක විදිහට වෙනස් වෙන බව නොසලකා හරින්න බෑ. මෙතන ආගම (සහ ඒක ට්‍රිකල් ඩවුන් වෙලා හැදෙන රටේ සංස්කෘතිය) වෙනස් නොකර ගැනීම සහ ආගමෙ ලොන්ජෙවිටි එක වැඩි කරගැනීම කියන ට්‍රේඩ් ඔෆ් එකක් තියෙනවනෙ.

    ආගමෙ පැවැත්ම ආරක්ෂා කරගන්න විදිහ හිතන්න. හැබැයි ඒක එන්ඩ් එක. මීන් එක (ක්‍රමය) ගැන //දොස් කියන්න පුලුවන් කමක් නෑ// කියල බෑ, ඔතන තමා ක්‍රිටිකල් විය යුතු. හිතෙන හිතෙන විදිහට ආගම රැකගෙන මොකටද ඒක වැඩකට නැතුව යනව

    ආයේ approach එක අවුල්.

    ආගමක් කිව්වට බුධිසම් කියන්නේ පැවැත්මේ යථා ස්වභාවය පෙන්නන්න කරපු පැනවීමක්, සහ දැනට උපකල්පනය කරන්න, පැවැත්ම කියන්නේ conditioned දෙයක් කියලා.

    අපේ ලිමිටඩ් නිරීක්ෂණ සීමාව තුලින් බලද්දී එන්න තියෙන සුනාමිය අපිට පේන්නැහෑ. එක්කෙනෙක් එක දවසක් තමන්ගේ නිරීක්ෂණ සීමාව පුළුල් කර ගන්නවා. පැවැත්මේ තියෙන සුළු ආශ්වාදය සහ දීර්ඝ ආදීනවය (සුනාමිය) දකිනවා. එයා සුනාමියෙන් බේරෙන්න hibernation pod එකක් හදලා මිනිස්සුන්ට ඒක තියෙන තැන මැප් එක දෙනවා.

    කට්ටියක් මැප් එක අල්ලන් වදිනවා. කට්ටියක් පුද පූජා කරනවා. සමහරු මැප් එක ආරක්ෂා කරන්න ගන්න ඕනේ උපක්‍රම ගැන හිතෙනවා. සමහරු සමාජ සම්මුතීන් වලට සාපේක්ෂව මැප් එක ආශ්‍රයෙන් සමාජය තුලින් පැන නගින්න පුලුවන් ප්‍රශ්න වලින් සමාජය බේරන්න ට්‍රයි කරනවා...

    පොඩ් එකෙන් address කරන ප්‍රශ්නේ, පොඩ් එක හදපු හේතුව උඩ අයට තාම තේරිලා නැහැ කියලා පේනවද?
    තේරුම් ගන්නවනම්, තේරුම් ගන්න ලොකු කාලයකුත් නැහැ, සුනාමිය ලග ලගම එනවා.