උඩරට මා‍ර්ගයේ දුම්රිය ධාවනයට පෙර NBRO අවසර ලබාගෙන නැතැයි චෝදනාවක්

signshop

Well-known member
  • May 30, 2011
    12,393
    9,363
    113
    Dubai
    ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අවසරයකින් තොරව උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කර ඇති බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කර සිටී.

    'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි හානි හේතුවෙන් මාස 10කට ආසන්න කාලයක් වසා දමා තිබූ කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා මාර්ග කොටසේ ධාවන කටයුතු පසුගිය 2 වැනිදා නැවත ආරම්භ කෙරුණි.

    කෙසේ වෙතත්, ධාවන කටයුතු නැවත ආරම්භ කර දින දෙකක් ඇතුළත, අද (05) අලුයම 4.35ට පමණ පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ගමන් ඇරඹූ පළමු කාර්යාල දුම්රියම පීලිපැනීමකට ලක්විය.

    ඉහළ කෝට්ටේ, කඩිගමුව සහ ගංගොඩ අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් සහ ගල් පතිත වී තිබීම නිසා මෙම පීලිපැනීම සිදු වී ඇත.

    පස් සහ ගල් රියදුරුට නිසි ලෙස දර්ශනය නොවීම හේතුවෙන් දුම්රිය එන්ජිම සහ එක් මැදිරියක් පීලිපැනීමට ලක්ව තිබේ.

    අනතුරෙන් පසු දුම්රියේ සිටි සියලුම මගීන් අතුරු මාර්ග ඔස්සේ කඩිගමුව බස් මාර්ගයට පැමිණ එහි සිට බස්රථවලින් රඹුක්කනට පැමිණ තිබුණි.

    එමෙන්ම එම මගීන් සඳහා රඹුක්කන සිට කොළඹ දක්වා ගමන් කිරීමට අතිරේක දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.






    ඇයි බන් NBRO එකවත් දාලා චෙක් කරලා නෙවෙයිද Trains දුවන්න පටන් ගත්තේ.. :baffled:
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,121
    1,491
    113
    ශ්‍රී ලංකාව
    දේපළ ගිණි තිබ්බ, මිණි මරපු, බත් මුට්ටි උස්සං ගිය උන් ඕවා දන්නවද? වැලි කොට්ට දෙකක් දාලා හරි යන්ට කියන්ට ඇති.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,758
    3,512
    113
    ඔය වැඩේ අල්ල අලල ඉදලා පහුගිය මාස 3 විතරනේ දඩ බඩ ගාලා ඉවර කලේ. ගොඩක් වැඩ parallel නෙමෙයි ගියේ.

    කලු පාලමට උන දේ දැක්කනේ, ඒ වගෙම තමයි ඕකත්. පුලුවන් නම් එතනත් මොකක් හරි අටවලා තියනවා, එහෙම බැරි නිසා නිකන් ඉන්නවා