ඉංග්රිසි ගැන වද වෙන්න එපා, මන් කලිනුත් කියලා තියෙනවනේ, ජවිපේ දේශපාලන මොඩල් එක ඇතුලේ, අරගලයකට යන්නත් අමාරුයි කියලා තේරුනාම, බලය ලබා ගැනීමට වඩා, පවතිනා බලය නිසි අයුරින් යොදා ගෙන දේශපාලනය සඳහා අවශ්ය මුල්යම ශක්තිය පියව ගන්න එක තමා කරන් ගියේ. අන්තිමේ දි ජනතාව තමයි මාලිමාව මෙතනට ගෙනාවේ.
2048 වෙන කොට ඔය ඉංග්රිසි ගානට හදාගෙන එයි, තව අවුරුදු නම් කීයක් තියනව ද? මං කිව්වනේ දැන් පක්ෂේ ඇතුලේ ආණ්ඩුකරණය කියලත් පන්තියක් යනවා. එතකොට මේ පිලිබඳ කතිකාවතක් ඇතුලේ තියනවා. ඒක ධනාත්මකව අපි ගන්න ඕනේ.
පක්ෂේට උනත් යම් අවබෝධයක ඉන්නේ ඇත්තටම මිනිස්සුන්ට මේ වසර දෙකක තුල මේ ආණ්ඩුව ගැන යම් පසුතැවීමක් කලකිරිමක් සිද්ධ වෙලා තියනවා කියලා. ඒක වෙලා තියෙන හේතුවත් අපි හොයා ගත්තා, මිනිස්සුන්ට අවබෝධයක් නැ මේ අවුරුදු 2ක කාලය තුල අපි මොනව ද කලේ කියලා. මේ ගැන දැනුවත් කිරිම් කරන්න තමයි අනුර සහෝදර තුමා උනත් රට වටේ ගියේ. අපි එතනින් නතර උනේ නැහැ. දෙවන පෙලක් ගොඩනගන්න, වගේම රාජ්ය බලය ලබා ගන්නත් අපි මේ දිනවල වැඩ කටයුතු කරගෙන යනවා. දැන් නිකමට හිතන්න 2048 හරි හඳුන්ලා සමුදෙද්දි දෙවැනි පෙලක් ඕන වෙනවා. දැන් ඔබ තුමාට වයස 30ක් උනොත් 2028 දි ඒ කියන්නේ අවුරුදු 52 කේ දි වගේ මාලිමාවෙන් ඇමති කෙනෙක් වෙලා උනත් රටට සේවය කරන්න පුළුවන්.
ඉතිං තරුණ ඔබ වගේ අයටත් SYU Youth Summit වගේ දේවල් හරහා අපි දීපව්යාප්තව වැඩ ටිකක් කරගෙන යන්නේ. මේ පහුගිය ඉරිදත් එහෙම වැඩක් තිබ්බා හඳුන් සහෝදරයගේ මාතර ආසනෙන්.
මෙතන වැරදි අවබෝධයක බොහෝ පිරිසක් ඉන්නවා කියලා අපිට වැට හෙනවා. අපි ඒක ක්රමිකව ලිහා ගමු.