කර්මාන්ත සහ ව්‍යවාසකත්වය සම්බන්ධයෙන් ඔබට ඇති ඕනෑම ගැටළුකට පිලිතුරු - ඇමති හඳුන් සහෝදරයා #AskHandun

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,143
    2,053
    113
    වර්ජන තියන්නේ නෑ කියල තර්ජනය කරලා පක්ෂයට සල්ලි ගන්න එක බ්ලැක්මෙල් කිරීමක් බන්. ලංකාවේ ලොකුම කොම්පැනි ටිකෙන් බිලියන ගානක් උඹල කප්පම්, ආධාර විදියට අරන් තියෙනවා. ඕක හන්දියේ තග් පොර කඩේ කඩන්නේ නෑ කියල සම්තින් එකතු කරනවා වගේ තමයි.
    දේශපාලනය කරන්න සල්ලි ඕනේ. ධනපති පන්තිය ව්‍යාපාර වල කොච්චර නම් බදු වංචා සිද්ධ කරනව ද? අනෙක පක්ෂයක් විදියට ගිහින් ආධාරයක් කරන්න කිව්වට නිකන් ආධාර දෙන්නේ නැහැ. පක්ෂේ සහෝදරවරුන්නේ විශේෂයෙන් ඉහල නායකත්ව දරණ සහෝදරවරුන්ට දේශපාලනය කරන්න පවුල් ජිවිතය පවත්වාගෙන යන්න මේ වගේ ව්‍යාපාරික මොඩල් වලට යන්න ඒ දවස් වල සිද්ධ වුනා. කැම්පස් වල ලමයි කැට කරලා එකතු කල සල්ලි වලින් කොටසක් කැම්පස් වල ඉහල තනතුරු දරණ ශිෂ්‍ය සහෝදරවරුන්ගේ අවශ්‍යතා වලට යනවා වගේ තමා.
    අනෙක ඕනම දේශපාලන ව්‍යුහයක ඉහල ප්‍රතිලාභ ලබන්නේ ඒ පක්ෂ වල නායකත්වය ගන්න අය, දැන් උඹලා රනිල්ට කඩේ ගියාට රනිල්ට බෙන්ස් එකක් හම්බෙනකොට උඹලට බෙන්ස් හම්බෙන්නේ නැහැනේ. ඒ වගේ තමා. නැතිනම් කොහොමද ලාල්ගේ දූ එහෙම private campus යන්නේ.
    යම්කිසි ආයතනයක HR එකේ තියෙන දුර්වලතා හඳුනාගෙන වෘත්තිය සමිති පිහිටවලා, ඒ ආයතනයේ සේවකයෝ ලව්වා වර්ජන සිද්ධ කරන්න හැකියාවක් හදා ගන්න එක අපේ වසන්න සහෝදරයා, රන්වල සහෝදරයා වගේ තිබ්බ විශිෂ්ඨ දක්ෂතා. ඒවයි ප්‍රතිලාභ ඒ සහෝදරවරු භුක්ති වින්දා වගේම පක්ෂ දේෂපාලනය මේතාක් දුරට අරගෙන එන්න පුළුවන් උනා
     
    • Haha
    Reactions: Inigo Montoya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,105
    10,478
    113
    දේශපාලනය කරන්න සල්ලි ඕනේ. ධනපති පන්තිය....
    Harvey Specter GIF by Suits
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,449
    19,701
    113
    වැටිච්ච රටක් නැගිට්ටවන්නනේ!

    මොකක් ද අනෙක් එක කප්පම් කියන්නේ? පක්ෂේ සමාජිකයන් ගන්න ආධාර ගැන ද?



    අපි මොනා කර බඩුවක් හෝ සේවාවක් සල්ලි දීල ගන්නව. ඒක රට ඇතුකට ගේද්දි ආණ්ඩුව අපෙන් සල්ලි ගන්නව. ඒ වෙනුවට ආණුඩුව අපිට ආරක්ශාව දෙනව.

    පොලක එකෙක් බිස්නස් කරන අයගෙන් කප්පම් ගන්නව. ඒ වෙනුවට උන්ට බිස්නස් එක කරදරයක් නැතුව කරන් යන්න දෙනව.

    මට නම් දෙකම කප්පමක්. එකකට legitimate කියනව. අනිකට හොද නෑ කියනව.

    ඒකත් කමක් නෑ කියමුකො legitimate චන්ඩියෙක් හරි ඉන්නව කියමුකො රජය කියල.

    එයාලට මිනිස්සු ගෙන්නන හැම බඩුවකයම duty කියල 5% ඉදල 20-30% වෙනකන් බදු ගහනව. වරායෙන් 5-10% බදු ගන්නව. දේශීයව මොනා හරි හදන දෙයක් නම් CESS කියල තව 5-10% ගහනව. වටිනාකමක් එකතු කලාය කියල 18%ක් ගහනව. ජාතිය ගොඩනගන්න කියල තව 2.5%ක් ගහනව.

    ඔය සේරටම මදිවට ලක්ශ 1.5කට වඩා හම්බ කලා කියල ඒකට බදු ගහනව.
    හැම බිස්නස් එකකින් ම 30%ක බද්දල් ගන්නව. ඒ කියන්නෙ ලංකාවෙ තියන හැම බිස්නස් එකකම 30%ක අයිතියක් ආණ්ඩුවට තියනව.

    මේ සේරම income ත් තියගෙන මොන ලබ්බට බිස්නස් කරන්න රටේ මිනිස්සු ඕනෙ තරම් ඉද්දිත් ඒවටත් ඇගිලි ගහන්නෙ? ඔය මහන්සිය හැම industry එකම regulate කරන්න දැම්ම නම් ප්‍රශ්නත් හරි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,599
    738
    113
    United States
    ඔය කතාවේ ඇත්තක් තියෙනවා. පොඩි බිස්නස් එකක් පටන් ගන්න කෙනෙකුට බදුයි, වරාය ගාස්තුයි ඔක්කොම එකතු උනාම ලාභයක් තියාගෙන ඉස්සරහට යන්න හරි අමාරුයි.
    ඒ බර ටිකක් අඩු කලොත් තමයි රට ඇතුලෙම රස්සායි නිෂ්පාදනයි වැඩි වෙන්නේ.