ප්රදේශ කිහිපයකට මි.මී 100ට ඉක්මවූ වැසි
https://sinhala.adaderana.lk/news/252685 · අද දෙරණ
දිවයිනේ බොහෝ ප්රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමෙන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.