ඕස්ට්රේලියාවේ විහාරස්ථානයක ප්රධානත්වය දැරූ 71 හැවිරිදි නාඔටුන්නේ විජිත හිමියන්ට බාලවයස්කාර දැරියන් හයදෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත එරට අධිකරණයකින් වසර 13යි මාස 2ක සිරදඬුවමක් නියම කර තිබේ.
කෙසේ වෙතත්, උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ සිවුර ඉවත් කර බන්ධනාගාර රැඳවියන්ගේ ඇඳුමක් බලහත්කාරයෙන් අන්දවමිනි. මෙය අතිශය කනගාටුදායක තත්ත්වයකි. සම්ප්රදායානුකූලව භික්ෂුවකගේ සිවුර ඉවත් කළ හැක්කේ ත්රෛනිකායික මහා සංඝ සභාවක තීරණයකින් පමණක් වන අතර, එවැනි පියවරක් ගැනීමට ඕස්ට්රේලියානු අධිකරණයකට නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නොමැත.
එබැවින්, උන්වහන්සේට නැවත සිවුරු දැරීමට ඉඩ සලසන ලෙස ඕස්ට්රේලියානු අගමැතිවරයා වෙත වහාම සංදේශයක් යොමු කරන මෙන් අපි පූජ්ය මහානායක හිමිවරුන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. මෙම ඉල්ලීමට සාධනීය ප්රතිචාරයක් නොලැබුණහොත්, 1988-89 සමයේ ඉන්දීය භාණ්ඩ වර්ජනය කළ ආකාරයටම ඕස්ට්රේලියානු නිෂ්පාදන වර්ජනය කිරීමේ දැවැන්ත ව්යාපාරයක් රට තුළ ආරම්භ කරන බවට අනතුරු අඟවා සිටිමු.
