හදිසි හෘදයාබාධයක් නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ICU ඇතුලත් කරේ

TrashPanda

Active member
  • Feb 23, 2026
    133
    196
    43
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.


    පසුගිය දින කිහිපය මුළුල්ලේම විවිධ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට මුහුණ දී සිටි ඒ මහතා, අද (12) දිනයේදී වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් එහි රඳවා සිටින සිය බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බැලීමට සැලසුම් කර තිබූ බවද දැනගන්නට ඇත.


    කෙසේවෙතත්, අද පෙරවරුවේ උද්ගත වූ මෙම හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

    මේ වන විට දිවයිනේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටියි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,001
    1
    102,584
    113
    34
    Kalutara
    my time GIF
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,001
    1
    102,584
    113
    34
    Kalutara
    ඊයේ කට්ටිය සෙට් වෙලා වැඩිවෙලා. ඒකයි පොඩ්ඩක් අමාරුවෙලා තියෙන්නේ..


     
    • Haha
    Reactions: SK29

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,900
    13,115
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලොක්කා ඉක්මනට සනීප වෙන්න ඕනා. නැතිනම් ශිරන්ති නෝනා එක්ක නාමල් බලන්න යන්න පරක්කු වෙනවා නේ