What TON 618 Would Look Like at Different Distances 🕳️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,114
    153,427
    113
    විශ්වයෙ මෙතෙක් හොයාගත්තු විශාලම කළු කුහරවලින් එකක් විදිහට සලකන 'TON 618' කියන කළු කුහරෙ පෘථිවියෙ ඉදලා එක එක දුරවල්වලින් පිහිටලා තිබ්බා පෘථිවියට කොහොම පෙනෙන්න තිබ්බ ද කියලා තමයි මේ සිමියුලේෂන් එකෙන් පෙන්නන්නෙ. පෘථිවියෙ ඉදලා ආලෝක වර්ෂ බිලියන 18.2 විතර දුරින් පිහිටලා තියෙන සූර්ය ස්කන්ධ (solar masses) බිලියන 66 ක විතර ස්කන්ධයක් ගන්න මේ කළු කුහරෙ විශ්කම්භෙ කිලෝමීටර බිලියන 390 විතර වෙනවා කියලා ගණන් බලලා තියෙනවා.

    මේ කළු කුහරෙයි, 'Phoenix A' කියන කළු කුහරෙයි තමයි විශ්වයෙ මේතාක් හම්බුනු විශාල ම කළු කුහර 2 විදිහට
    විද්‍යාඥයො සලකන්නෙ.







    'TON 618' කළු කුහරෙ විශාලත්වෙ අපේ සෞර්ග්‍රහ මණ්ඩලේ විශාලත්වෙ එක්ක සංසන්දනය කරලා බැලුවම...

    ec2zs1qoeei71.jpg


    ​
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,847
    905
    113
    United States
    කළු කුහරයක ප්‍රමාණය හිතාගන්නවත් අමාරු තරම් විශාලයි නේද, මේ වීඩියෝ එක නම් හරිම රසවත්.

    කළු කුහරයක ප්‍රමාණය හිතාගන්නවත් අමාරු තරම් විශාලයි නේද, මේ වීඩියෝ එක නම් හරිම රසවත්.
    ------ Post added on Oct 12, 2026 at 5:42 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,847
    905
    113
    United States
    ඇත්තටම මේකේ තරම හිතාගන්නත් අමාරුයි, ළඟට යනකොට පේන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ඇති. ආලෝකයටත් බේරෙන්න බැරි තැනක් ගැන හිතනකොටම පුදුමයි.