Update: රෝහල්ගත කල මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ තත්වය යහපත් මට්ටමක

TrashPanda

Active member
  • Feb 23, 2026
    133
    198
    43
    හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කරන ලද හිටපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවත් වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා යොමු කර ඇති අතර, එම පරීක්ෂණවලින් කිසිදු බරපතළ ගැටලුවක් නොමැති බවට වෛද්‍යවරුන් තහවුරු කර ඇත.


    ඒ අනුව මේ වන විට ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කළේය.


    හිටපු ජනාධිපතිවරයාගේ තත්ත්වය අසාධ්‍ය බවට සහ ඔහු මානසිකව ඇදවැටී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද නීතිඥ මනෝජ් ගමගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.

    එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, මහින්ද රාජපක්ෂ මහතාගේ වයස්ගතභාවය සැලකිල්ලට ගනිමින් සාමාන්‍යයෙන් සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා මෙලෙස රෝහල්ගත කර ඇති බවත්, ඔහු මානසිකව වට්ටවාලීම ආණ්ඩුවේ අවශ්‍යතාවක් වුවද කිසිවෙකුටත් එලෙස මානසිකව වට්ටවාලිය හැකි නායකයෙකු ඔහු නොවන බවත්ය.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,573
    1
    159,275
    113
    98
    කෑගල්ල
    Manchester United Yes GIF by UEFA
     
    • Love
    Reactions: Don GasCan

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,809
    1,511
    113
    United States
    තත්වය යහපත් අතට හැරෙනවා කියන එක හොඳ ආරංචියක්. ඉක්මනින්ම සම්පූර්ණ සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,841
    15,165
    113
    Milagiriya
    අනේ හොඳයි 🙏🏼 නෝනා & පුතාලා තුන්දෙනාගේ ආයුෂත් අරන් තව දීර්ඝ කාලයක් ඉන්න ලැබෙන්න ඕනේ 👌🏻