ශ්‍රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,346
    8,302
    113
    අව:nerd:
    කොළඹ වරාය

    ඡායාරූප මූලාශ්‍රය,Getty Images
    Article Information
      • Author,දිනුක් හේවාවිතාරණ
      • Role,බීබීසී සිංහල
    • Published5 ඔක්තෝබර් 2026
    • කියවීමේ කාලය: මිනිත්තු 6
    ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක සිව් වසරක වැඩසටහන ඉදිරියට ගෙන යාමට දැක්වූ කැපවීම හේතුවෙන් විදේශීය ආයෝජකයින් තුළ යහපත් විශ්වාසයක් ගොඩනැඟී ඇතැයි පෙනෙන්නට තිබේ.
    කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ආයෝජන වෙළෙඳපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ ම නායකයින් විවිධ අවස්ථාවලදී පළ කළ පරස්පර අදහස් හේතුවෙන්, බොහෝ ආයෝජකයින් තවමත් යම් අවිනිශ්චිතතාවකින් පසු වන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම ශ්‍රී ලංකා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ (Investment Climate Statement) සඳහන් වේ.

    2025 වසරේදී 5%ක වර්ධන අපේක්ෂාවන් ඉක්මවා ගිය ද, රටේ ආයෝජන වාතාවරණය තවමත් අභියෝගාත්මකව පවතින බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

    'වැඩිදියුණු කළ යුතු අංශ'​

    2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වෙමින් සිටිය ද, මෙරට ආයෝජන පරිසරය සම්බන්ධයෙන් විදේශීය ආයෝජකයන් අතර තවමත් කණස්සල්ලක් පවතින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවක් පෙන්වා දෙයි.
    එම කණස්සල්ලට ප්‍රධාන හේතු ලෙස නියාමන ප්‍රතිපත්තිවල පවතින අවිනිශ්චිතභාවය, යල් පැන ගිය රෙගුලාසි, නිලධාරීවාදී බාධක සහ ප්‍රතිපත්තිවල විනිවිදභාවය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඇත.
    ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ නියාමන ක්‍රියාවලිය බොහෝ දුරට රාජ්‍ය ආයතන විසින් මෙහෙයවනු ලබන අතර, පෞද්ගලික අංශය සමග ඇති උපදේශන සීමිත ය.
    සීමාකාරී කම්කරු නීති, සංකීර්ණ බදු ව්‍යුහ, ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ අපහසුතා සහ ඉඩම් ලබාගැනීමේ ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ආයෝජන ප්‍රවාහයන් කලාපයේ අනෙකුත් රටවලට වඩා පහළ මට්ටමක පවතින බව ද එහි සඳහන් වේ.
    ආයෝජකයන්ගේ තීරණ ගැනීමේදී නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTA) හරහා අපනයන වෙළෙඳපොළ වෙත ප්‍රවේශය වැදගත් සාධකයක් ලෙස සැලකෙන අතර, එමගින් අපනයන තරගකාරීත්වය ඉහළ නැංවීමට සහ ආනයනික අමුද්‍රව්‍යවල පිරිවැය අඩු කිරීමට හැකි වන බව වාර්තාව පෙන්වා දෙයි.
    Skip වැඩිපුරම කියැවූ and continue reading
    වැඩිපුරම කියැවූ
    End of වැඩිපුරම කියැවූ
    කෙසේ වෙතත්, නියාමන අවිනිශ්චිතතාව, නිලධාරීවාදය සහ සීමිත විනිවිදභාවය තවදුරටත් ආයෝජන ආකර්ෂණයට බාධාවක් බව වාර්තාවේ සඳහන් වේ.

    වැඩි ම විදෙස් ආයෝජන ලද ක්ෂේත්‍ර මොනවා ද?​

    Skip podcast promotion and continue reading
    WhatsApp BBC News සිංහල


    අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න
    උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
    සම්බන්ධ වීමට link එක click කරන්න
    End of podcast promotion
    2025 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ 1%කට ආසන්න ප්‍රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන 3% සිට 4% දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.
    2025 වසරේදී වැඩි ම විදේශ ආයෝජන ආකර්ෂණය කර ගත් ක්ෂේත්‍ර ලෙස නිෂ්පාදන කර්මාන්ත, වරාය සංවර්ධනය, සංචාරක කර්මාන්තය, තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාර ක්‍රියාවලි බාහිර සම්පාදන සේවා සහ දේපළ වෙළෙඳාම් අංශය ඇතුළත් බව බීබීසී සිංහල යොමු කළ තොරතුරු දැන ගැනීමේ ලිපියට පිළිතුරු යොමු කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කර සිටියි.
    2020 වසරේදී මෙරටට ලද ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 687ක් වේ. 2021 වසරේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 780.2ක් වූ අතර 2022 වසරේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1075.6ක් විය.
    2023 වසරේදී මෙරටට ලද ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 737.3ක් වන අතර 2024 වසරේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 613.8ක් ලෙස සටහන් විය.
    2025 වසරේදී මෙරටට ලද ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1063.1ක් වුවද 2026 වසරේ පළමු මාස 07 තුළදී ලැබී ඇති ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 385.2ක් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
    මේ අතර 2024 ඔක්තෝබර් 1 වන දින සිට ව්‍යාපෘති 310ක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3.3971ක සෘජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට ලැබී ඇති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ඉකුත් අගෝස්තු 6 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
    එම සමස්ත ආයෝජනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.712ක මුදලක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ අනුමත ව්‍යාපෘති 215ක් සඳහා මෙන්ම ඇමෙරිකානු ඩොලර් මිලියන 685.1ක මුදලක් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 95ක් සඳහා ලැබී ඇති බව ඔහු පැවසුවේය.

    NPP රජය සහ විදේශ ඍජු ආයෝජන ප්‍රතිපත්ති අතර ඇතිවූ ගැටලු​

    ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ස්ථාවරත්වයක් නොමැති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාව පෙන්වා දෙයි.
    ආයෝජන ප්‍රවර්ධනය භාර ප්‍රධාන ආයතනය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වුව ද, විවිධ රාජ්‍ය ආයතන අතර බලතල බෙදී පැවතීම හේතුවෙන් සියලු සේවාවන් එක ම ස්ථානයකින් සපයන ආයතනයක් ලෙස එය කාර්යක්ෂමව ක්‍රියා නොකරන බව වාර්තාවේ සඳහන් වේ.
    එහි ප්‍රතිඵලයක් ලෙස ආයෝජන අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වන අතර, එය ආයෝජකයන් අධෛර්යමත් කරන සාධකයක් වී ඇත.
    ආයෝජන මණ්ඩලය සමග ස්ථාවර හා විවෘත සන්නිවේදනයක් පවත්වාගෙන යාමේදීද ගැටලු පවතින බව ආයෝජකයන් පෙන්වා දී ඇති බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
    ප්‍රධාන බාධක ලෙස හඳුනාගෙන ඇත්තේ අනවශ්‍ය රෙගුලාසි, නීතිමය අවිනිශ්චිතභාවය සහ රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රතිචාර දැක්වීමේ දුර්වලතාවයයි. විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය වැනි අකාර්යක්ෂම රාජ්‍ය බලශක්ති ව්‍යවසායන්, කර්මාන්ත මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය වන අඩු පිරිවැය බලශක්ති සැපයුම් සංවර්ධනයට බාධාවක් වී ඇත.
    විදේශ ආයෝජකයන් නිරන්තරයෙන් ඉහළ ගනුදෙනු පිරිවැය, අනපේක්ෂිත ප්‍රතිපත්ති සහ විනිවිදභාවයෙන් තොර ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි පිළිබඳව ද සැලකිල්ලක් දක්වයි.
    ජාතික ජනබලවේග රජය විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ කැමැත්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර, ශ්‍රී ලංකාව බොහෝ ආර්ථික ක්ෂේත්‍රවල සියයට 100ක විදේශීය අයිතියට අවසර ලබා දෙයි. එමෙන්ම ආයෝජන ආරක්ෂාව සහ ලාභ, ගාස්තු සහ ප්‍රාග්ධනය සීමාවකින් තොරව නැවත රටින් පිටතට රැගෙන යාමේ අයිතිය සඳහා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහතික ලබා දී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
    2025 ජනවාරි මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, චීන සමාගමක් වන Sinopec විසින් යෝජනා කර ඇති ඩොලර් බිලියන 3.7ක තෙල් පිරිපහදුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අවසන් කරන බවට ප්‍රතිඥා දුන්නේය. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතිය ලෙස සැලකෙන අතර, චීන පාලනය යටතේ පවතින හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආසන්නයේ එය ඉදිකිරීමට නියමිතය. කෙසේ වෙතත්, 2026 ජුනි වනවිටත් රජය සහ Sinopec අතර මතභේද හේතුවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී තිබිණි.
    2025 පෙබරවාරි මාසයේදී ඉන්දීය සමාගමක් වන අදානි ග්‍රීන් එනර්ජි (Adani Green Energy), ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඉදිකිරීමට යෝජිත ඩොලර් මිලියන 400ක, මෙගාවොට් 484ක සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත් විය. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ, මීට පෙර ලබා දී තිබූ කොන්ත්‍රාත්තුවක් නැවත සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රජය ගත් උත්සාහය යි.
    තවද, 2025 දෙසැම්බර් මාසයේදී, China Harbour Engineering Company සමඟ නව පාවෙන ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) පර්යන්තයක් පිළිබඳ පැවැත්වෙමින් තිබූ සාකච්ඡා, කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට නියමිත දින කිහිපයකට පෙර අවසන් කිරීමට රජය කටයුතු කළේය.
    ජාතික ජනබලවේගය රජය බොහෝ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීමේ සැලසුම් ද නවතා දමා, ඒ වෙනුවට ඒවා ප්‍රතිසංස්කරණය කර යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත.
    රජය විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළද, රාජ්‍යයේ ආර්ථික භූමිකාව වැඩි කළ යුතු බවට ඇතැම් නිලධාරීන් පළ කළ අදහස් හේතුවෙන් ආයෝජකයන්ට මිශ්‍ර සංඥා ලැබී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාව සඳහන් කරයි.

    ඍජු විදෙස් ආයෝජන ලැබුණු රටවල් මොනවා ද?​

    2020 වසරේ සිට මෙරටට ඍජු විදෙස් ආයෝජන ලබාදුන් රටවල් පිළිබඳව බීබීසී සිංහල යොමු කළ තොරතුරු දැන ගැනීමේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලබාදුන් තොරතුරු අනුව ඉදිරියෙන් ම පසුවන්නේ ඉන්දියාව ය.
    2020 වසරේ සිට 2026 ජූලි මස 31 දක්වා මෙරටට ලැබුණු ඍජු විදෙස් ආයෝජනවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 5342.3ක් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
    ඉන්දියාව 2020 වසරේදී මෙරටට ලබා දුන් ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 944කි.
    සිංගප්පුරුව ඇමෙරිකානු ඩොලර් මිලියන 550.4ක්, ප්‍රංශය ඇමෙරිකනු ඩොලර් මිලියන 536.6ක්, චීනය ඇමෙරිකානු ඩොලර් මිලියන 507.1ක් සහ නෙදර්ලන්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 452.6ක් ලෙස ඍජු විදෙස් ආයෝජන සිදු කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලබාදුන් තොරතුරුවල දැක්වේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,301
    978
    113
    REALITY mama work karanne German company ekak, un serama aran yanna hadanne...
    36 tax kelinawa,
    export remitance force 100% exchange karanna kiyanawa , LKR wage agayak nethi cash walata,
    Aduma USD walin thiyagena FD ekak daganna denne nea
    SLDB magulaka (Central bank ) dala USD 200,000/- withara lost kerla denma, Limits sehena thiyenawa , Visa ganna giyath,
    Officials la ekka work krnna kochchara amarui da?
    meyala nam danna ekkenektawath enna denne nethiwei, aurudu ganaka e minissunge mahansiya,,,
    MUN danna FDI
     
    • Sad
    Reactions: Inigo Montoya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,468
    14,435
    113
    පෘථිවිය
    1971 කැරැල්ල ක් තිබ්බ කියල ඉතිහාසයේ තියෙනවනේ
    මේ කැරැල්ල මඩලින්න උදව් කරන්න, රුසියාව, ඇමරිකාව ඇවිත් තියෙනවා
    රුසියාව ඒ දවස්වල මිග් 5ක් දීලත් තියෙනවා මැතිනියට
    ඊටපස්සේ 88 දී ඉන්දියාව ඇවිත් තියෙනවා උදව්වට කොටි කියල කට්ටියක් ඉඳල එයාලව මට්ටු කරන්න
    එයාල එලවන්න 71 කැරැල්ල ගහපු අයත් සම්බන්ධ වෙලා තියෙනවා
    පස්සේ 2024 දී ඒ කැරැල්ල ගහපු අයට මිනිස්සු රට භාරදීලා

    ඉතින් බන් කැරලි ගහපු සෙට් එකක් රටක් කරනකොට මොන අයෝජකයද එන්නේ
    පොඩ්ඩක් හිතල බලන්න
    (හස්ති මුද්‍රා: ඇඟිලි මිරිකා අභිනය)
    කල්පනා කරලා බලන්න (කට උල් කර දෙපස බැලීම)
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,538
    1,340
    113
    United States
    ආයෝජකයෙක් එන්න කලින් බලන්නේ ලාභයට වඩා ප්‍රතිපත්ති ස්ථාවරද කියලයි. බදුයි නීතියි නිතර වෙනස් වෙනවා නම් ලොකු මුදලක් දාන්න කවුරුත් බය වෙන එක සාධාරණයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    26,287
    30,360
    113
    ජෙප්පන්ගේ කැරැට්ටුව අඳ බාල ඩෝබියෝ ඇරුනහම මුළු ලෝකෙම දන්නවා :lol:

    1989 දී ජනතා විමුක්ති පෙරමුණ රජයට සහ සමස්ත ජනතාවට එරෙහිව සිය ව්‍යාපාරය වේගවත් කළා. සමහර නිරීක්ෂකයින් විසින් පොල්පොට්ගේ කෙමර් රූජ් සහ පේරුහි මාඕවාදී දිදුලන මාවතට සමාන කළ ජවිපෙ, සිවිල් පරිපාලනය අඩාල කිරීමට, ආර්ථිකය අඩපණ කිරීමට සහ සමාජය කඩාකප්පල් කිරීමට සැලසුම් කර ඇති මිනීමැරුම්, බිය ගැන්වීම් සහ වැඩ වර්ජන ව්‍යාපාරයක් හරහා ශ්‍රී ලංකාවේ තේරී පත් වූ රජය පෙරළා දැමීමට උත්සාහ කළේය. එය එසේ කළේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ප්‍රවාහයට ගෙන ඒමට ශ්‍රී ලංකා රජය නැවත නැවතත් උත්සාහ දැරුවද ය. 1988 දී ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ නීතිගත කර මැතිවරණයට සහභාගි වන ලෙස ආරාධනා කළා.

    1988 අග සහ 1989 මුල් කාලයේ පැවති මැතිවරණ කඩාකප්පල් කිරීමේ ප්‍රයත්නයකදී ජ.වි.පෙ ප්‍රතිචාර දැක්වූයේ ඡන්දදායකයින් සහ අපේක්ෂකයන් මරා දැමීමෙනි. 1989 ජනවාරි මාසයේදී ජවිපෙ සමඟ සංවාදයක් ආරම්භ කිරීමේ උත්සාහයක් ලෙස අලුතින් තේරී පත් වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජවිපෙ සැකකරුවන් 1800ක් නිදහස් කර හදිසි නීතිය ඉවත් කළේය. එසේ වුව ද, රෝහල්, ප්‍රවාහනය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා ඉලක්ක කර ගනිමින්, ජවිපෙ කැඳවූ වැඩ වර්ජනවලට සහභාගි වීම ප්‍රතික්ෂේප කළ වෘත්තීය සමිති නායකයින් ඝාතනය කිරීමේ සහ ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් ඝාතනය කිරීමේ ත්‍රස්තවාදී ව්‍යාපාරය ජවිපෙ දිගටම කරගෙන ගියේය. වසර මැදදී ආණ්ඩුව ජවිපෙට එරෙහිව දැවැන්ත මර්දනයක් ආරම්භ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ සැකකරුවන් දහස් ගණනක් රඳවා තබා ගත්තේය. වසර අවසානය වන විට ආරක්ෂක අංශ විසින් ජවිපෙ ඉහළ නායකත්වයෙන් වැඩි කොටසක් අල්ලා හෝ මරා දමා තිබුණි.

    “In 1989 the JVP stepped up its campaign against the Government and population at large. Likened by some observers to Pol Pot’s Khmer Rouge and the Maoist Shining Path in Peru, the JVP sought to topple Sri Lanka’s elected Government through a campaign of murder, intimidation, and strikes designed to paralyse civil administration, cripple the economy, and disrupt society. It did so despite repeated efforts by the Sri Lankan Government to bring the JVP into the political mainstream. In 1988 the Government had legalized the JVP and invited it to participate in the elections.

    The JVP responded by killing voters and candidates in an attempt to disrupt elections held in late 1988 and early 1989. In January 1989, in an effort to open a dialog with the JVP, newly elected President Ranasinghe Premadasa released 1,800 JVP suspects and lifted the state of emergency. The JVP nonetheless continued its terror campaign of targeting hospitals, transportation, and other essential services, murdering union leaders who refused to participate in JVP-called strikes and killing the families of security force personnel. At mid-year, the Government began a massive crackdown on the JVP. It detained several thousand JVP suspects. By the end of the year, security forces had captured or killed much of the JVP’s top leadership.”


    1988 දී ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ නීතිගත කර (තහනම ඉවත්කර ) මැතිවරණයට සහභාගි වන ලෙස ආරාධනා කළේය. 1988 අගභාගයේ සහ 1989 මුල් භාගයේ පැවති මැතිවරණ කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ලෙස ජ.වි.පෙ. ඡන්දදායකයින් සහ අපේක්ෂකයින් ඝාතනය කිරීම මගින් ප්‍රතිචාර දැක්වීය.


    ශ්‍රී ලාංකිකයන් 1988 දෙසැම්බරයේදී නව ජනාධිපතිවරයකු සහ 1989 පෙබරවාරියේ නව පාර්ලිමේන්තුවක් පත් කර ගත්හ. ජවිපෙ සහ එල්ටීටීඊය මෙම මැතිවරණ වැළැක්වීමට උත්සාහ කළේ මරණ තර්ජන සහ ඝාතන හරහා ඡන්දදායකයින් සිය ගණනක් සහ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු මරා දමමිනි.


    රාජ්‍ය විරෝධී සටන්කාමීන් ශ්‍රී ලාංකිකයන්ගේ රැස්වීමේ නිදහසට විශාලතම තර්ජනය විය. පෙබරවාරි 15 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කාලය තුළ ජවිපෙ සාමාජිකයන් එජාප සහ අනෙකුත් දේශපාලන පක්ෂ රැස්වීම්වලට පහර දී ඡන්දදායකයින් සිය ගණනක් මරා දමා දහස් ගණනක් ඡන්ද පොළෙන් ඈත් කළේය.


    මැතිවරණ දෙකම සලකුණු වූයේ උතුරු-නැගෙනහිර එල්ටීටීඊය සහ දකුණේ ජවිපෙ විසින් උසිගන්වන ලද ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වයෙනි. මැතිවරණ නැවැත්වීමට සහ පුරවැසියන්ට ඡන්දය දීම වැළැක්වීමට සංවිධාන දෙකම බිය ගැන්වීම් සහ මිනීමැරුම් හරහා උත්සාහ කළහ. වසරේ මුල් සති 6 තුළ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු ඝාතනය කළේය. පාර්ලිමේන්තු මැතිවරණය පැවති සතිය තුළ, එල්ටීටීඊය සහ ජනතා විමුක්ති පෙරමුණ සමහර විට පුද්ගලයන් 225 දෙනෙකු ඝාතනය කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඡන්ද මධ්‍යස්ථානවලදී හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සහ එන අතරතුරදී ඝාතනය කළහ. මෙම දුෂ්කරතා තිබියදීත්, සියයට 55 කි ඡන්දදායකයින් ජනාධිපතිවරණයට සහ සියයට 64ක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය.


    In 1988 the Government had legalized the JVP and invited it to participate in the elections. The JVP responded by killing voters and candidates in an attempt to disrupt elections held in late 1988 and early 1989.


    Sri Lankans elected a new President in December 1988 and a new Parliament in February 1989. The JVP and LTTE tried to prevent these elections through death threats and assassinations, killing hundreds of voters and 14 parliamentary candidates.

    Anti-government militants were the greatest threat to Sri Lankans ' freedom of assembly. JVP members attacked UNP and other political party meetings in the period before the February 15 parliamentary elections, killing hundreds of voters and keeping many thousands from the polls.


    Both elections were marked by high levels of violence instigated by the LTTE in the northeast and the JVP in the south. Both organizations attempted through intimidation and murder to halt the elections and prevent citizens from voting. In the first 6 weeks of the year, the JVP killed 14 parliamentary candidates. During the week of the parliamentary elections, the LTTE and the JVP murdered perhaps 225 persons, many of them at polling stations or on their way to and from voting. Despite these difficulties, 55 percent of the electorate turned out for the presidential election and 64 percent for parliamentary polls.



    Country reports on human rights practices 1989 - Sri Lanka

    US Department of State
    - Country reports on human rights practices : report submitted to the Committee on Foreign Affairs, U.S. House of Representatives and Committee on Foreign Relations, U.S. Senate by the Department of State in accordance with sections 116(d) and 502B(b) of the Foreign Assistance Act of 1961, as amended"


    - https://archive.org/details/countryreportson1989unit
     
    • Like
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,694
    1
    59,205
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1971 කැරැල්ල ක් තිබ්බ කියල ඉතිහාසයේ තියෙනවනේ
    මේ කැරැල්ල මඩලින්න උදව් කරන්න, රුසියාව, ඇමරිකාව ඇවිත් තියෙනවා
    රුසියාව ඒ දවස්වල මිග් 5ක් දීලත් තියෙනවා මැතිනියට
    ඊටපස්සේ 88 දී ඉන්දියාව ඇවිත් තියෙනවා උදව්වට කොටි කියල කට්ටියක් ඉඳල එයාලව මට්ටු කරන්න
    එයාල එලවන්න 71 කැරැල්ල ගහපු අයත් සම්බන්ධ වෙලා තියෙනවා
    පස්සේ 2024 දී ඒ කැරැල්ල ගහපු අයට මිනිස්සු රට භාරදීලා

    ඉතින් බන් කැරලි ගහපු සෙට් එකක් රටක් කරනකොට මොන අයෝජකයද එන්නේ
    පොඩ්ඩක් හිතල බලන්න
    (හස්ති මුද්‍රා: ඇඟිලි මිරිකා අභිනය)
    කල්පනා කරලා බලන්න (කට උල් කර දෙපස බැලීම)
    ☝️ :-Dමූ අනුරටත් වඩා ලොකු පචයෙක්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,816
    1
    19,291
    113
    35
    Spain
    කරන්ට් බිල ඇති ආයෝජකයෝ පස්ස ගහන්න. ලංකාවේ අංක එකේ ප්‍රමුඛතාව වෙන්න ඕන කරන්ට් බිල අඩු කරන එක. මූසල ලප කොටාට ඒකට කිසිම ප්ලෑන් එකක් ඇති බවක් පේන්න නෑ. ඒ මදිවාට කුණු ගල් අඟුරු, අධි මිලට ඩීසල් අරන් සහනාධාර මිලකට විදුලිය දෙනවා කිව්වම ආයෝජකයන් තව භය වෙනවා. මොකද දූෂණයේ තරම් උන්ට තේරෙනවා. ඉන්දියන් ආයෝජන ලංකාවට ආවා කියුවට ඒ වුනේ ලංකාවේ ව්‍යාපාර අත්කරගැනීම නිසා ලැබුණු සල්ලි. නැතිව අලුතෙන් ව්‍යාපාර මොකුත්ම හදලා නෑ.