අපේ ජනාධිපවරයා හා විදේශ අමාත්යවරයා මැදිහත් වීමක් නොකළේ නම් අනුජන් සිවරාසාට අනිවාර්යයෙන්ම මරණීය දණ්ඩනය හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා.
''අනුජන් සිවරාසා අපේ තරුණයා සම්බන්ධයෙන් එතුමාට ලැබුණු මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් සෞදි අරාබියේ නීති ක්ෂේත්රය හරහා එතුමට ලබා ගැනීමට වුණු සහනය ගැන මට වචන ස්වල්පයක් කතා කිරීමට ලැබීම සම්බන්ධයෙනුත් ස්තුතිවන්ත වෙනවා.
මම හිතනවා මේ සම්බන්ධයෙන් අපි සියලු දෙනාම ශ්රී ලාංකිකයෝ හැටියට තමයි කටයුතු කළේ. අපට දේශපාලනයක් අදාල වුණේ නැහැ. අපට ආගම් ජාතියක් කවදාවත් අදාල වුණේ නැහැ. විශේෂත්වය වන්නේ සමස්ත ලාංකික ජනතාව, අතිගරු ජනාධිපතිතුමා, විදේශ ඇමතිතුමා, එහි සිටින තානාපතිතුමා, අපේ විපක්ෂ නායකතුමා සියලු දෙනාගේ ප්රාර්ථනාව සහ කර්තව්ය වූයේ අපට මේ අනුජන්ව මරණීය දණ්ඩනයෙන් කොහොමද අපි බේරන්නේ කියලා.
ඒ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා අපට අවසර දුන්නා. ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහත්මා සහ මම සහ අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නාවවි මහතා අපි සෞදි අරාබියාවට ගියා. මුලින්ම මහාධිකරණයේදී අනුජන් සිවරාසා සම්බන්ධයෙන්, ඉස්ලාම් දහමේ නබිසල්තුමාට අපහස කිරීම සම්බන්ධයෙන් අවුරුදු පහක සිර දඬුවමක් සහ රියාල් මිලියන තුනක දණ්ඩයක් ගැහුවා. ඒ සම්බන්ධයෙන් අනුජන් සිවරාසාගේ දෙමාපියන්ට අභියාචනයක් ගොනු කිරීමේ අවශ්යතාවය තිබ්බා.
ඒ වගේම එරට රජය විසින් ඒ දඩය මදි කියලා අභියාචනා අධිකරණයට අභියාචනා කරා. තවද මේ අවුරුදු පහේ දඬුවම එහිදී අභියාචනා අධිකරණය "හද්" යන කාණ්ඩයට දැම්මා. ඒ කියන්නේ දෙවියන්ගේ නීතිය සම්බන්ධයෙන් වරදක් හැටියට, ඒ ගනයට දාලා ඒ තරුණයාට මරණීය දණ්ඩනය තීන්දු කරා. ඉන්පසුව තිබුණු එකම විකල්පය ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමයි. ඒ කියන්නේ හද් ගනයේ වරදකට එරට රජුට වුණත් සමාව දීමේ හැකියාව නැහැ.
ඒ නිසා රජයක් හැටියට සහ දෙමාපියන්ට තිබුණු එකම විකල්පය ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමයි.
ඒ සම්බන්ධයෙන් එහි සිටින තානාපතිතුමා සමග අපි සාකච්ඡා කරා. අපි නීති සමාගමක් එක්ක දීර්ඝ ලෙස සාකච්ඡා කරා. ඒ වගේම රජය මැදිහත් වුණා, ඒ නීති සමාගමට අවශ්ය කරන සියලුම ගෙවීම් කරන්න.
ඒ නිසා අපට ඒ නීති සමාගමත් එක්ක සාකච්ඡා කරලා උපුල් කුමරප්පෙරුම මහත්මා සහ මම සහ හෆීල් ෆාරිස් සහ අතිරේක සොලිසිටර් ජෙනරාල් නාවවි මහතා, අපි නීති තර්ක වගයක් එරට ශ්රේෂ්ඨාධිකරණයට එහි ඉන්න නීතිඥ මහත්තුරුන් සමඟ එකතු වෙලා ගොනු කළා. එහි පෙත්සම් ගොනු කරන්නේ ඔන්ලයින් වශයෙන්. ඊට පස්සේ අපට සුබදායී ආරංචියක් ලැබුණා.
ඒ මරණීය දණ්ඩනය අහෝසි කරලා නැවත මේ නඩුව දැන් මහාධිකරණයට වෙත යොමු කරලා තියෙනවා. මෙහි විශේෂත්වය තමයි සාමාන්යයෙන් හද් වර්ගයේ, ඒ කියන්නෙ දෙවියන්ට අපහාස කිරීමේ නීතිය සම්බන්ධයෙන් වරදක්. සාමාන්යයෙන් එහි උසාවි පද්ධතිය වෙනස් කරලා නැහැ.
මම හිතන්නේ, ලාංකිකයන් හැටියට ඒක විශේෂිත ජයග්රහණයක් හැටියට තමයි අපි දකින්නේ. ඒ වගේම ජාතික සමගියටත් හොඳ උදාහරණයක්. හේතුව මෙහිදී කිසිම කෙනෙකුට ඒ පුද්ගලයාගේ ජාතිය, ආගම වැදගත් වුණේ නැහැ.
ඒ පුද්ගලයා කල්මුණේ ප්රදේශයේ තරුණයෙක්. ඒ ප්රදේශයේ මුස්ලිම් දෙමළ ජනකොටස් දෙකම ජීවත් වෙනවා. මම හිතන්නේ මෙවැනි ක්රියාදාමයන් තුළින් අපට ජාතික සමගිය තව තවත් ශක්තිමත් කිරීමේ හැකියාව පුළුල් කරන්න පුළුවන් වෙයි කියන එක. එක තමයි මගේ ප්රාර්ථනාව. ඒ වගේම මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කොහොමද අපි ඉදිරියටත් මුහුණ දෙන්නේ කියන එක.
සිවරාසා මහතා සාමාන්ය සේවකයෙක් නෙමෙයි, එතුමා ඉංජිනේරුවරයෙක්.
අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට විශේෂ වගකීමක් තියෙනවා ලාංකිකයෝ පිටරට යනකොට ඒ රටේ සංස්කෘතිය පිළිබඳව, ඒ රටේ නීතිය පිළිබඳව ඒ ඒ පුද්ගලයන්ව දැනුවත් කරන්න.
දැන් මම විශ්වාස කරනවා අපේ පහළ මට්ටමේ එම ශ්රමිකයන්ට ඒ දැනුවත් කිරීම දෙනවා. හේතුව අද අන්තර්ජාලය හේතු කොටගෙන මේ පුද්ගලයා පෝස්ට් එක දාලා විනාඩි 10 කින් ඒ ගැලව්වා. හැබැයි ඒ විනාඩි 10 ඇතුළත වෙන කෙනෙක් ඒ දෙමළ භාෂාවෙන් කරපු පෝස්ට් පරිවර්තනය කරලා අදාළ අංශවලට භාර දීම තුළින් තමයි මේ සිදුවීම සිදුවුණේ.
ඒ නිසා අපි සෑමවිටම බැලිය යුතුයි අපට කොහොමද මෙවැනි අභියෝගවලට මුහුණ දෙන්නේ කියන එක.
තවත් අපේ ලාංකිකයෝ ඉන්නවා හුඟක්. ශ්රී ලංකා ජනගහනයෙන් 10% කට වැඩි ප්රමාණයක් මැදපෙරදිග සහ අනෙකුත් රටවල ශ්රමිකයන් හැටියට කටයුතු කරනවා. ඒ පුද්ගලයන්ට නොයෙක් අවස්ථාවලදී නොයෙක් අභියෝගවලට මුහුණ දීමට සිදුවෙනවා.
ඒ නිසා මා විශ්වාස කරනවා ඒ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන්, ශ්රමිකවත් ස්වෙච්ඡා සංගමයක් පිහිටුවිය යුතුයි. ඒ වගේම විශාල විදේශ විනිමයක් අපට මේ අපේ ශ්රමිකයන් හරහා ලැබෙන නිසා ඒ සම්බන්ධයෙන් අපි වෙනම ෆන්ඩ් එකක් ඇති කළ යුතුයි.
මේ අවස්ථාවේදී විදේශ ඇමතිතුමා සහ ජනාධිපතිතුමාගේ මැදිහත් වීමක් තිබ්බේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාට මරණීය දණ්ඩනය ක්රියාත්මක වෙනවා. අපි රිසානාගේ සිදුවීම දිහා බලනකොට එහිදී අපි දේශපාලන මට්ටමෙනුයි ඒකට සම්බන්ධ වුණේ.
හැබැයි මෙහිදී ඇති විශේෂත්වය තමයි, අතිගරු ජනාධිපතිතුමාට මේ ගැන පැහැදිලි කිරීමක් කළ පසු එතුමා තීන්දු කරා අධිකරණය හරහා තමයි මේ ප්රශ්නය විසඳගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ වගේම දැන් 27 වැනිදා මේ නඩුව මහාධිකරණයට එනවා''යැයි ෆයිසර් මුස්තාපා මන්ත්රීවරයා වැඩිදුරටත් කියා සිටියා.