අම්මටසිරි වෙන ගානක ඉඩමක් විකුනපු උන්ගෙන් උපදෙස් පොඩ්ඩක් ඕන මචන් (agents/broakers/buyers are welcome)

tha123

Well-known member
  • Mar 4, 2015
    6,728
    1
    6,398
    113
    Prime lands වගේ land & property company එකකට කතා කරේ නැද්ද? ඔය වගේ සයිස් එකක් ගන්න පුලුවන් උන් වගේ කොම්පැනි වලට විතරයි...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,574
    13,535
    113
    34
    ෆින්ලන්ඩ්
    උස්සංගොඩ කදු මුදුනට සිසිල ගෙන දෙන
    සන්ධ් යාවේ සුලගත් මට නොදෙයි සැනසුම
    සිත්තම් කර සිත ලග සුන්දර පෙම් සිහින
    දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම

    නිවාඩුවට වෙනදා වගෙ ආවේ ගමරට
    මගේ පුංචි කුමාරියගෙ මූණ දකින්න
    හදාගන්න බැරි තරමට බිදුනේ මගෙ හිත
    ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක

    එදා තුරුලු වී මටදුන් මධුමල් සුවද
    සදා සිහිකරයි වැටකේ ගහයට හෙවණ
    කඩා හැලෙන කදුලැලි මුහුවෙලා සයුරට
    සදාතනික පැතුමන් මිමිනුවා හදවත
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,431
    58
    15,987
    113
    අක්කර 7 කට මිලියන 470 ක්? එ‍්ක ටිකක් කොයිල් ගාණක් වගේ නේද?

    මම නම් හිතන්නෙ බං උඹ කරන මෝඩම වැඩේ ඔච්චර ලොකු ඉඩමකට perch එකේ ගාණ එක්ක ad දාන එක.

    උඹ අර ad එකේ දාල තියෙන justification එක වුණත් බලහන්කො. ලඟ තියෙන පොඩි ඉඩමක් perch එක ලක්ෂ 4.5 - 5 විකුණුනා කියලනෙ උඹ මේක 4.20 දාල තියෙන්නෙ නේද?

    මෙහෙම පොඩි යථාර්ථයක් තියෙනවා. Perch එකක සාමාන්‍ය ගාණෙන් ඔච්චර ලොකු ඉඩමක් කවුරුත් ගණන් හදන් නෑ. උඹට හිතෙනවා අ‍ැති එක පාරටම මිලියන 470 ක්, නැත්තම් රවුම් කරල කෝටි පනහක්, බිලියන බාගයක් වගේ කියල දැම්මොත් කට්ටිය බය වෙලා නොගෙන ඉඳියි කියල. හැබැයි අ‍ැත්තටම වෙන්නෙ බං උඹ perch එකට ගාණ දාලා අක්කර 7 ක් කියන්නෙ perches 1000 කටත් වඩා කුට්ටිය පිටින්ම විකුණන්න හදද්දි උඹට පිස්සු කියල හිතෙන එක.

    එ‍් නිසා මට නම් හිතෙන්නෙ උඹ ඔය perch එකේ ගාණ දාන විහිළුව නවත්තලා, සම්පූර්ණ ඉඩම මෙච්චරයි, ගන්න උන් ගන්නවා නම් ගනින් වගේ line එකකින් ad එක දාහන්. එතකොට එ‍් ගාණ තියෙන එකෙක් ගනියි. Perch එකක ගාණ දාන්න ඕන උඹ ඕක කඩල දෙන්න කැමති නම් විතරයි.

    අනික ඉතින් realistic වෙන්ඩත් එපැයි. ලඟ තියෙන perches 20-30 පොඩි ඉඩමක් අර ගාණට ගියා කියල ඔතන තියෙන අක්කර 7 ටම එ‍් ගාණ වැටෙන්නෙත් නෑනෙ නේ? අර ඉඩම එ‍් ගාණට ගියේ පාර කිට්ටුව හරි, එහෙම මොකක් හරි නිසා වෙන්න අ‍ැති. අක්කර 7 ක් වගේ හැදෙනකොට එහෙම හැම තැනම එකම වටිනාකමක් එන් නෑනෙ. කොටින්ම උඹ නිකමට හිතපන් ඕක කඩල දුන්නා කියල. අනිවාර්යයෙන්ම අ‍ැතුළට තියෙන කෑලිවලට ගාණ අඩු වෙනවා. Beach එක දිගේ, පාරට ළඟින් වගේ කෑලි වැඩි වෙනවා. එකතු කරල අරන් average කරොත් කීයටවත් 4.20 ක් නම් සෙට් වෙන් නෑ බං ඉතින්. (උඹ දාල තියෙන logic එක වලංගු වෙන්නෙ එතකොට නේද?)

    අනික අර තමයි අක්කර 7 කියන්නෙ ගෙයක්, හෝටලයක් හදන්න වගේ ලොකු වුණාට සාමාන්‍යයෙන් ඔය වගේ ගාණක් ඉඩමට යට කරලා, ඊට පස්සෙ resort එකක් level එකටම මොකක් හරි ගහන්න හදන කෙනෙක්ට අ‍ැත්තටම පොඩි වැඩියි. අක්කර 20 වගේ තමයි minimum යන්නෙ එහෙම නම්. එ‍් නිසා උඹ කඩලා විකුණන එකට බෑම කියල හිතාගෙන ඉන්නවා නම් එ‍්කත් ඔලුවට ගනින්.

    මටත් හිතෙන්නෙ නම් එක්කො ඕක 300M වගේ අඩු කරල දෙන්න හිත හදා ගනින්. නැත්තම් තියෙන හොඳම වැඩේ කුට්ටිය පිටින් දෙන්න නහින්නෙ නැතිව කඩලා දෙන්න බලහන්. නිකන් හිතපන්කො බං උඹ අවුරුදු දෙකක් තුනක් ඕක තියාගෙන නැහුණ එකේ කෑලි කීපයක් හරි දීලා තිබ්බ නම් ඉතිරි ටිකේ වටිනාකම හරි වැඩි වෙනවනෙ. ඉඩමක් කඩල විකුණන්ඩ එච්චර මහ ලොකු අමාරුවක් නෑ. ඕකම කරන මිනිස්සු කොච්චර නම් ඉන්නවද?

    එහෙම කරොත් නම් උඹ ඔය ඉඩමෙන් ගන්න ඉන්න මිලියන 470 ට කිට්ටු ගාණක් අන්තිමට අතට හම්බෙලා තියෙයි. නැත්තම් ඉතින් හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නෙ.

    TL DR. -

    1. කඩලා විකුණන්නෙ නෑමයි නම් Perch එකට ගාණ දාන ගොන් වැඩේ කරන්න එපා, සම්පූර්ණ එකම දෙන එකේ සම්පූර්ණ ගාණ දාහන්.

    2. ඔක්කොම එකටම දෙන එකේ ගාණ ගැන realistic වෙයන්.

    3. හිත හිත වද වෙවී ඉන්නවා වෙනුවට කඩලා දීලා දාහන්. එහෙම කරොත් එකතුව ඔය වගේ ගාණකට එන්න පුළුවන් වෙයි. නැත්තම් ඉතින් තියාගෙන ඉන්න තමයි වෙන්නෙ.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,818
    839
    113
    United States
    ඔව් බං, උස්සන්ගොඩ beachfront එකේ වෙරළ සංරක්ෂණ සීමාව තමයි ලොකුම අවුල. ඒ restrictions clear නැතුව hotel එකක් plan කරන buyer කෙනෙක් ඔය ගානට එන්නෙ නෑ
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,818
    839
    113
    United States
    උස්සන්ගොඩ අක්කර 7ට buyer කෙනෙක් අහන පළවෙනි දේ තමයි මචං ඔප්පුවයි approved survey plan එකයි clear ද කියන එක. ඒ documents ටික ready කරල ad එකේම දැම්මොත් විශ්වාසේ වැඩි වෙලා ඉක්මනට inquiries එයි.
     
    1024 Digital

    Member
    Oct 14, 2026
    9
    1
    3
    මම දන්න විදියට බීච් ෆ්‍රන්ට් උන පලියට හැම එකම ටුවරිසම් කියලා විකුනන්න බෑ මචන්. ටුවරිස්ම් වෙන්න පොඩි eco system එකක් තියෙන්න ඕනා. නැත්තන් කෙලින්ම උන්ව කොහේහරි ඩොටේකට අතෑරියා වගේ වෙනවානෙ බන්.

    ඉතින් ගනන් කියද්දි ඒ විදියට බලලා කියපන්. මම හිතන්නෙ 420 per perchනම් වැඩි මචන් ඩොටේ ප්ලේස් එකක්නම්. අනිත් දේ තමා ඔය instaවල බ්‍රොකර් වැඩේ කරන එකෙක්ගෙන් අහලා බලපන්. reputed උන් ඉන්නවා ඔය උඩ දාල තියෙනවා වගී. උන් ඕක valuation කරලා මාර්කටින් කරලා ඔක්කොම කරලා දෙයි. උඹට තියෙන්නෙ උන්ට commission එක දෙන්න විතරයි. ඒක ඇවිල්ලා සියයට ගානක් විකුනුම් මිලෙන්
    eco system eknm hodai bn beach eka lassnai sinnakkara oppu land eka flat , rathu pasak thiyenne , land ends with a lake freaking beatiful bn

    උස්සන්ගොඩ අක්කර 7ට buyer කෙනෙක් අහන පළවෙනි දේ තමයි මචං ඔප්පුවයි approved survey plan එකයි clear ද කියන එක. ඒ documents ටික ready කරල ad එකේම දැම්මොත් විශ්වාසේ වැඩි වෙලා ඉක්මනට inquiries එයි.
    sinnakkara oppu bn plan serm thiynw
    ------ Post added on Oct 14, 2026 at 9:39 PM

    Oka wikunanne natuwa beach front villa ekak dekak gahala buissness ekak develop karanna baluwa nm mokada ?
    wena thanaka hdnw bn villa ekk ethana villa ekkt wada hotel ekkt wage thamai setm wenne nikn aparade land ek
    ------ Post added on Oct 14, 2026 at 9:42 PM
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    551
    590
    93
    ei bung denne....? podi villa eka gahala rent karanna hari passe kaaleka hari denaa puluwan neh? nethnam hodama de 1 acre witara block karala oya 4 rate ejen denna.....e salli invest karala 1 acre wiatar plot eke villa ekak hadanna....eka rent hari sale hai sure...
     
    1024 Digital

    Member
    Oct 14, 2026
    9
    1
    3
    අක්කර 7 කට මිලියන 470 ක්? එ‍්ක ටිකක් කොයිල් ගාණක් වගේ නේද?

    මම නම් හිතන්නෙ බං උඹ කරන මෝඩම වැඩේ ඔච්චර ලොකු ඉඩමකට perch එකේ ගාණ එක්ක ad දාන එක.

    උඹ අර ad එකේ දාල තියෙන justification එක වුණත් බලහන්කො. ලඟ තියෙන පොඩි ඉඩමක් perch එක ලක්ෂ 4.5 - 5 විකුණුනා කියලනෙ උඹ මේක 4.20 දාල තියෙන්නෙ නේද?

    මෙහෙම පොඩි යථාර්ථයක් තියෙනවා. Perch එකක සාමාන්‍ය ගාණෙන් ඔච්චර ලොකු ඉඩමක් කවුරුත් ගණන් හදන් නෑ. උඹට හිතෙනවා අ‍ැති එක පාරටම මිලියන 470 ක්, නැත්තම් රවුම් කරල කෝටි පනහක්, බිලියන බාගයක් වගේ කියල දැම්මොත් කට්ටිය බය වෙලා නොගෙන ඉඳියි කියල. හැබැයි අ‍ැත්තටම වෙන්නෙ බං උඹ perch එකට ගාණ දාලා අක්කර 7 ක් කියන්නෙ perches 1000 කටත් වඩා කුට්ටිය පිටින්ම විකුණන්න හදද්දි උඹට පිස්සු කියල හිතෙන එක.

    එ‍් නිසා මට නම් හිතෙන්නෙ උඹ ඔය perch එකේ ගාණ දාන විහිළුව නවත්තලා, සම්පූර්ණ ඉඩම මෙච්චරයි, ගන්න උන් ගන්නවා නම් ගනින් වගේ line එකකින් ad එක දාහන්. එතකොට එ‍් ගාණ තියෙන එකෙක් ගනියි. Perch එකක ගාණ දාන්න ඕන උඹ ඕක කඩල දෙන්න කැමති නම් විතරයි.

    අනික ඉතින් realistic වෙන්ඩත් එපැයි. ලඟ තියෙන perches 20-30 පොඩි ඉඩමක් අර ගාණට ගියා කියල ඔතන තියෙන අක්කර 7 ටම එ‍් ගාණ වැටෙන්නෙත් නෑනෙ නේ? අර ඉඩම එ‍් ගාණට ගියේ පාර කිට්ටුව හරි, එහෙම මොකක් හරි නිසා වෙන්න අ‍ැති. අක්කර 7 ක් වගේ හැදෙනකොට එහෙම හැම තැනම එකම වටිනාකමක් එන් නෑනෙ. කොටින්ම උඹ නිකමට හිතපන් ඕක කඩල දුන්නා කියල. අනිවාර්යයෙන්ම අ‍ැතුළට තියෙන කෑලිවලට ගාණ අඩු වෙනවා. Beach එක දිගේ, පාරට ළඟින් වගේ කෑලි වැඩි වෙනවා. එකතු කරල අරන් average කරොත් කීයටවත් 4.20 ක් නම් සෙට් වෙන් නෑ බං ඉතින්. (උඹ දාල තියෙන logic එක වලංගු වෙන්නෙ එතකොට නේද?)

    අනික අර තමයි අක්කර 7 කියන්නෙ ගෙයක්, හෝටලයක් හදන්න වගේ ලොකු වුණාට සාමාන්‍යයෙන් ඔය වගේ ගාණක් ඉඩමට යට කරලා, ඊට පස්සෙ resort එකක් level එකටම මොකක් හරි ගහන්න හදන කෙනෙක්ට අ‍ැත්තටම පොඩි වැඩියි. අක්කර 20 වගේ තමයි minimum යන්නෙ එහෙම නම්. එ‍් නිසා උඹ කඩලා විකුණන එකට බෑම කියල හිතාගෙන ඉන්නවා නම් එ‍්කත් ඔලුවට ගනින්.

    මටත් හිතෙන්නෙ නම් එක්කො ඕක 300M වගේ අඩු කරල දෙන්න හිත හදා ගනින්. නැත්තම් තියෙන හොඳම වැඩේ කුට්ටිය පිටින් දෙන්න නහින්නෙ නැතිව කඩලා දෙන්න බලහන්. නිකන් හිතපන්කො බං උඹ අවුරුදු දෙකක් තුනක් ඕක තියාගෙන නැහුණ එකේ කෑලි කීපයක් හරි දීලා තිබ්බ නම් ඉතිරි ටිකේ වටිනාකම හරි වැඩි වෙනවනෙ. ඉඩමක් කඩල විකුණන්ඩ එච්චර මහ ලොකු අමාරුවක් නෑ. ඕකම කරන මිනිස්සු කොච්චර නම් ඉන්නවද?

    එහෙම කරොත් නම් උඹ ඔය ඉඩමෙන් ගන්න ඉන්න මිලියන 470 ට කිට්ටු ගාණක් අන්තිමට අතට හම්බෙලා තියෙයි. නැත්තම් ඉතින් හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නෙ.

    TL DR. -

    1. කඩලා විකුණන්නෙ නෑමයි නම් Perch එකට ගාණ දාන ගොන් වැඩේ කරන්න එපා, සම්පූර්ණ එකම දෙන එකේ සම්පූර්ණ ගාණ දාහන්.

    2. ඔක්කොම එකටම දෙන එකේ ගාණ ගැන realistic වෙයන්.

    3. හිත හිත වද වෙවී ඉන්නවා වෙනුවට කඩලා දීලා දාහන්. එහෙම කරොත් එකතුව ඔය වගේ ගාණකට එන්න පුළුවන් වෙයි. නැත්තම් ඉතින් තියාගෙන ඉන්න තමයි වෙන්නෙ.
    math kiwwa bn oya perch gana hariynne na kiyl aru ahanne na ,
    kali krla wikunanan case eka awul bn hamoma balanne beachfront perch tika ganna pitipasse land ekt value ekk nathuw yanawa
    werala sanrakshana loku awlk na sinnakkara oppu kalapa tika serm thiynw
    anyway thanks g