😂ඊළඟට දෙළුම්කාරයාට අහුවෙmu 😂

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,339
    8,298
    113
    ලොකු හිරවීමක ඉන්න වෙලාවක මේක ලියන්නෙ.අළුත් Factory එකේ වහලේ Structure එක ගහලා ඉවරයි. දැන් Amano Roofing සහ මැක්ෆොයිල් ගහන්න ඕන..නොවැම්බර් වලට කලින් ඒක කරේ නැතිනම් නොවැම්බර් දෙසැම්බර් ආයේ වැස්ස කාලේ නිසා පොළොවේ කොන්ක්‍රීට් වැඩ කරන එකත් පස්සට යනවා..එහෙම වුනොත් මේ වැඩේ මාස තුනකින් විතර පහුවෙනවා.
    අවංකවම දැන් පොඩි මුදල් හිරවීමක් තියෙනවා. පහුගිය ටිකේ හදිස්සියේ වාහනයක් ගන්න වුනානේ. දැන් මට තව මිලියනයක් විතර හදාගන්න වෙනවා අමානෝ සහ මැක්ෆොයිල් ගේන්න.
    මම බලාපොරොත්තු වුනා මේ වෙද්දි අපේ වත්තේ දෙළුම් අස්වැන්න කඩන්න පුලුවන් වෙයි කියලා. ඒත් ඒවා තාමත් හොදින් පැහිලා නෑ. පැහුනෙ නැතිව ඒවා දෙන්න බෑනේ.. ඒ නිසා මේ සතියෙත් කඩන්න වුනේ කිලෝ 30ක් වගේ ඉතාම කුඩා ප්‍රමාණයක්..දෙළුම් කැඩෙයි ඉස්සරහට. එතකන් Cash Flow එක හදාගන්න වෙනවා මේ හදිස්සි වැඩේට.. බැංකු ණයක් වුනත් මේ හදිස්සියේ ගන්න බෑනේ.. මේ දවස් වල ලංකාවේ අනිත් ගොවි මහතුන්ගේ දෙළුම් අස්වැන්න මිලදී ගන්නත් වෙන නිසා මට ඒ සඳහාත් මුදල් වෙන් කරන්න වෙනවා..ඉතින් දැන් අපි Skin & Hair care Sale එක වැඩි කරගන්න ඕන.

    අපි ඉල්ලීමක් කරනවා අපේ නිෂ්පාදන මොනාද කියලා ටිකක් බලන්න කියලා..ඒවා වලට අවංකම පුලුවන් ඔයාව ලස්සන කරන්න..ඔයාගේ කොණ්ඩෙ යන ප්‍රශ්නෙට, හිස්හොරි ප්‍රශ්නෙට ස්ථිර විසඳුම් දෙන්න.මූණේ කුරුලෑ සහ කුරුලෑ කැලැල් නැති කරන්න..සම පැහැපත් කරන්න..රැළි වැටීම් නවත්තන්න..දෙළුම් වල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණයට පුලුවන් සම තරුණ කරන්න.. ඉතින් අපේ නිෂ්පාදන ඔක්කොම දේශීය ඒවා..මේවා ස්වාභාවික ඒවා..ඔයාගේ සමට, කොණ්ඩෙට කිසිම අහිතරක බලපෑමක් නෑ...
    අපේ Reviews කියවන්න.අපි ගැන අපේ පාරිභෝගිකයන්ගෙන් අහන්න.

    Selfcare කරන්න ඔයාලත් පටන් ගන්න..මොකද Self care වලින් ඔයාට එන ධනාත්කම බව කියන්නේ ඔයාට ලැබෙන ලොකු ආයෝජනයක්.ඒකෙන් ඔයාටත් දියුණු වෙන්න Focus එක හදාගන්න හැකි වෙනවා..වැඩ කරන්න ශක්තිය ලැබෙනවා.

    අපි ගාව 100%ක් පිරිසිදු තල තෙල් සහ කුරක්කන් පිටිත් තියෙනවා.අපේ තල තෙල් නිෂ්පාදනය ITI සහතික ලත් නිෂ්පාදනයක්.

    070 4580602 අංකයට මැසේජ් එකක් දාලා අපේ Loyalty Delum plan එකට එකතුවෙන්න..ඔයාට තියෙන්නෙ හැම මාසෙම රු.1500ක් වියදම් කරලා ඔයාගේ ලස්සන වෙනුවෙන් Product එකක් ගන්න විතරයි. ඔයා දෙන හැම ඇණවුමකට අපි ඔයාට වට්ටම් දෙනවා..ඔයා ලස්සන වෙන ගමන් අපිටත් දියුණු වෙන්න උදව් කරනවා..ඒ වගේම අපේ ගමට රැකියා 1000ක් බිහි කරන්න උදව් කරනවා..

    අපේ නිෂ්පාදන ගැන ඔයාව දැනුවත් කරන්න අවස්ථාවක් දෙන්න..ඔයාගේ Whatsapp අංකය Inbox එවන්න..ඔයාගේ සමට ගැළපෙන ,ඔයාගේ බජට් එකට හරියන නිෂ්පාදන තෝරගන්න අපි උදව් කරන්නම්.

    අපෙන් දෙයක් මිලදී ගන්න මේ වෙලාවේ ඔයාට සල්ලි නැති වෙන්න පුලුවන්.. කමක් නෑ..අපිට මේ පෝස්ට් එක Share කරලා උදව් කරන්න...මේකට කමෙන්ට් එකක් දාන්න. like එකක් දාන්න..අපේ post වලට reach වෙන්න උදව් කරන්න..

    ඔයා මේ තීරණාත්මක මොහොතේ මට දෙන සහයෝගය ගොඩාක් වටිනවා.. ඒක මට විතරක් දෙන සහයෝගයක් නෙවෙයි..අපේ මුලු ගමටම දෙන සහයෝගයක්..ඒක අපේ රටේ ග්‍රාමීය ආර්ථිකය ඉහල නංවන්න දෙන සහයෝගයක්..
    අස්වැසුම ගන්න මිනිස්සු අඩු කරන්න, ටකරං කොළේට ඡන්දෙ දෙන මිනිස්සු අඩු කරන්න දෙන සහයෝගයක් !!

    මේක ඔයාගේ සහාය අවශ්‍යම වෙලාවක්..අපේ නිෂ්පාදන මොනාද කියලා බලන්න පුලුවන් අපේ website එකෙන්. අපේ වෙබ් අඩවි දෙකම පහල පළවෙනි කමෙන්ට් එකේ මෙන්ෂන් කරලා තියෙනවා.❤️🫶

    Asika Pinsara Samarasekara
    CEO - Mathakadara Pomegranates මාතකඩාර දෙළුම්

    #supportlocalbusiness #localbusiness #zerowaste #RuralEconomy #madeinsrilanka #proudsrilankanproducts #දෙළුමා #mathakadara #entrepreneurmindset
     
    • Love
    Reactions: planner123

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,354
    102,384
    113
    entrepreneurmindset කිව්වට මේක හිඟා කෑමක් වගේ නෙ

    මූ සෙල් එක කරන්නේ අනුකම්පාව ඉස්සරහට දාලා. ඒම අය ඔන්ටපනුවෝ වෙනවද
     
    • Haha
    Reactions: Hankook

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,828
    26,251
    113
    කහට ජාති ඔක්කොම ගුණයි, බඩට ටිකක් ගියොත්. ගොඩක් ගියොත් වකුගඩු left. ඇඟේ ගෑවට මොකුත් වෙන්නේ නෑ
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,084
    8,640
    113
    කහට ජාති ඔක්කොම ගුණයි, බඩට ටිකක් ගියොත්. ගොඩක් ගියොත් වකුගඩු left. ඇඟේ ගෑවට මොකුත් වෙන්නේ නෑ
    Ethakota tea.... 3 parak withara bonawane daily
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,008
    1,016
    113
    United States
    වහලෙ Amano එක ගහන අතරෙත් දෙළුම් loyalty plan එක මතක් කරනවා, මූ නම් marketing අතාරින්නෙම නෑ