සවස 6.30 වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට🔴⚡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,929
    48,856
    113
    image


    ඇති වූ හදිසි විදුලි බිඳ වැටීම සවස් කාලය වන විට යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පවසයි.

    එම සමාගම පැවසුවේ අද සවස 6.30 වන විට මුළු පද්ධතියම යථාවත් කිරීමට හැකිවනු ඇති බවය.

    එමෙන්ම ඇතැම් බලාගාර බිඳ වැටී ඇති බවට පළවන පුවත්වල සත්‍යතාවයක් නොමැති බවත් පවතින තත්ත්වය හමුවේ ගල් අඟුරු බලාගාරය පමණක් නිසි ක්‍රමවේදය අනුව ක්‍රියා විරහිත කර ඇති බවත් එම සමාගම සඳහන් කර තිබේ.

    එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට මේ වන විටත් විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බැවින් මුළු පද්ධතියම අද පස්වරුව වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවද ඔවුන් සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
     
    • Haha
    Reactions: War Fighter

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,311
    1,162
    113
    United States
    හොඳයි එහෙනම්, සමහර පැති වලට දැන්ම ඇවිත් තියෙනවා කිව්වනේ. 6.30 වෙද්දි හැමෝටම එයි කියලා හිතමු
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,929
    48,856
    113
    බිඳවැටී තිබූ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කර ඇති බව පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම පවසනවා.

    එමෙන්ම, විදුලි බෙදාහැරීමේ පද්ධතිය යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
     
    • Haha
    Reactions: War Fighter