machan lankawa 3rd world! ubala meke dakinne poddak ugath IQ wadi set eka. rate basnahira palathe godakma inneth ehema un!
Eth uba tikak athata yaddi thanikara inne wanachariyo!
rajakale wiyali kalape atharala dala polonnaruwa atharala dana tika tika pahalata eddi ubata monawada penne? enna enna rate maha wisala nirmana adu wela gihin thiyenawa. karmantha nathi wela thiyenawa. sudda eddi lankawe itiri wela idala thiyenne gobbama set ekak!
ekenuth mole thiyena un sudda uge ratawalata adagena giya. ithiri un tika tika yanawa.
bujji galanaya wela wela lankawe dan inne mudalata kaadara pissu ballo wage set ekak!
oka hadanna ba
E wagema hoda ratawaluth na dan. 3 weni loke kalakanni gihin gihin godak ratawal dan nanna pol weegena enne!
මම කමෙන්ට් එක දාල තියෙන්නෙ මේකෙ එවුන් ගැන මිසක් ලෝකෙම එවුන් ගැන නෙමෙයිInsta search karapan. Post ekakma daala thiyenawa.
Dan ithin ahanna epa Odel founder ge nama mokadda kiyala.
උඹ ටවුමක ඉඳන් ඕක කිව්වාට ප්රායෝගිකව ඔහොම කරන්න බෑ. මම ඉන්නෙ අලි එන පැත්තක. (හැබැයි 40km විතර ඈත කැලෑවක ඉන්න අලි තමයි මෙහෙට එන්නෙ. ඊටපස්සෙ ආපහු ඒ කැලෑවටම යනවා.)lankawe karima modeyo inne! kesel gahak kawama alinta wedi thiyenawa!
mama nam kesel wawala waththe udata attala gahala ali balanna suddanta attala rent karanawa!
attala kiwwe thattu 3k withara usa concret gewal. ali 10k ekathu welawath peralanna bari ewa..
lankawe inna gobba gembanta moleyak naha!
ගොඩක් අය මාව මෙන්ශන් කරලා, කෙටි පණිවිඩ එවලා මේ ගැන අහලා , බැනලා තිබ්බා.. ඔය ප්රදේශයේ රාජකාරි කරපු කෙනෙක් හැටියට මන් මෙහෙම කියන්නම්,
කාවන්තිස්ස... ලංකාවේ වනාන්තරවල හිටපු දැවැන්තම, ඒ වගේම උසම ඇත් රජෙක්. 2026 ඔක්තෝබර් 16 වැනිදා සියඹලන්ගමුව කුඹුරු යායක ඒ සද්ධන්ත දේහය සදහටම ඇද වැටෙද්දී, මුළු රටකම මිනිස්සුන්ගේ ඇස්වලට කඳුළු ආවා. ඒක ඇත්ත.
හැබැයි, ඒ කඳුළුත් එක්කම සමාජ මාධ්ය පුරා චෝදනා වැලක් ගලාගෙන යනවා. වනජීවී එක සතා මැරෙනකම් බලාගෙන හිටියා, ප්රතිකාර ප්රමාද කළා, බෙහෙත් මාත්රාව වැඩි වුණා... මේ වගේ කතා සෑහෙන්න කියවෙනවා.
නමුත් වනජීවී නිලධාරියෙක් විදිහට මට ඔයාලට කියන්න අමිහිරි, ඒ වගේම කවුරුත් කතා නොකරන ඇත්ත කතාවක් තියෙනවා
01 අපි ප්රතිකාර ප්රමාද කළාද?
නැහැ. සැප්තැම්බර් 24 වැනිදා ඉඳන් වනජීවී පශු වෛද්ය කණ්ඩායම් මේ සතා පස්සේ වැටිලා හිටියේ. කැලේ ඉන්න වන අලියෙක් කියන්නේ එක තැනක ඉන්න සතෙක් නෙවෙයි. ඌව හොයාගෙන, මඩේ, කටු පඳුරුවල රිංගලා, හැම තත්පරේකම තමන්ගේ ජීවිතේත් පරදුවට තියලයි වනජීවී නිලධාරීන් මේ සතාට බෙහෙත් කළේ.
02. බෙහෙත් වැඩි වෙලා ඇතා මැරුණාද?
නැහැ , පශු වෛද්යවරු කියන්නේ සතුන්ගේ බර සහ තත්ත්වය මැනලා බලලා විද්යාත්මකව ප්රතිකාර කරන අය. නමුත් වනසතෙක් ගේ බර මැනීම දුශ්කර කාර්යක් විශේෂයෙන් ඇතෙක් වැනි සතෙක්ගේ එවැනී කාර්ය අතිශය අමාරුයි.. ඒම නිසා තමයි පළපුරුදු නිලදාරී කාර්ය මණ්ඩලයක් විසින් අරගත්තේ.. ඔයාල දකින්න ඇති මහාචාර්ය දංගොල්ල මහතාද ඒ සම්බන්දයෙන් අදහස් දක්වලා තිබ්බා. ඒ නිසා ඖෂධ අධිමාත්රාවක් දුන්නා කියන එක සම්පූර්ණ අසත්ය කතාවක්.
එතකොට , එහෙනම් කාවන්තිස්ස ඇත්තටම මැරුණේ ඇයි?
කාවන්තිස්ස කියන්නේ තාරුණ්යයේ හිටපු සතෙක් නෙවෙයි. මියයන විට ඇතාගේ වයස අවුරුදු 45කට වඩා වැඩියි. මිනිස් වයසින් බැලුවොත් අවුරුදු 80කට ආසන්නව සලකන්න පුලුවන්..
ඒ වයස්ගත ශරීරයට තමයි මිනිස්සුන්ගේ කෘරත්වය නිසා තුවක්කු බටයකින් පත්තු වුණු වෙඩි උණ්ඩයක් වැදුණේ. ඒ වෙඩි පහරින් දකුණු කකුලට වුණු තුවාලය සුව කරගන්න අපේ නිලධාරීන් උපරිම හැදුවා. හැබැයි වයස්ගත වීමත් එක්ක ඇති වුණු ශාරීරික දුර්වලතා සහ අවසන් දින කිහිපයේ ආහාර නොගැනීම නිසා ඒ සද්ධන්තයා අපිට අහිමි වුනා
අන්තිමට එක දෙයක් කියන්නම්.
සතා මැරුණාම පෝස්ට් දාලා වනජීවී එකට බණින එක ලේසියි. හැබැයි වනජීවී එකේ අපි කවදාවත් සතෙක් මැරෙනකම් බලාගෙන ඉන්න මිනිස්සු නෙවෙයි. සතෙක් මැරෙද්දී අපේ පපුවත් පැලෙනවා. ඒ වගේම ගෙදර හදන පූසට , බල්ලට, හරකට බෙහෙත් කරනවා වගේ කැලේ ඉන්න ඇතෙක්ට බෙහෙත් කරන්න බැහැ..
ඒ වගේම මේ වගේ සංවේදි අවස්තාවක ඔයාලගේ දුකෙන් ගොඩ යන්න දගලන , ඔයාගේ දුක මාකට් කරන්න හදන,
01 . Page කාරයෝ
02. දේශපාලන අනාතයෝ
03. NGO නඩ
04. DG වෙන්න හීන දකින අය..
05. ගෘහස්තව ඇත්තු හදාගන්න ආසවෙන් ඉන්න අය
වගේ හිගන්නෝ ටිකක් ඉන්නවා... එයාලා මලකුණක ඉන්න පරපෝශිතයෝ වගේ.. ඒ නිසා ඒ අයගේ ගොදුරක් වෙන්න එපා..![]()
ඒ නිසා,
වැරැද්ද තියෙන්නේ අපේ ප්රතිකාරවල නෙවෙයි මචන්...
අලි වැටවල් කඩන, අලි මංකඩවල් අල්ලගන්න, වන සතුන්ට වෙඩි තියන මිනිස්සුන්ගේ ක්රියාකලාපය ඇතුළේ.
කාවන්තිස්සව මැරුවේ වනජීවී එක නෙවෙයි, මිනිස්සුන්ගේ ඒ ආත්මාර්ථකාමීත්වය.
සංවේදී අවස්තාවක අපි හැමෝම ඉන්නේ. ඔයාලගේ දුක සාදාරණයි. ඒත් අපි ඇත්ත තත්වය තේරුම් ගමු..
නිවන් සුව ලැබෙන්න කාවන්තිස්ස ඇත් රජුනේ...
මීළඟ ආත්මෙකවත් මිනිස්සු නැති නිදහස් වනාන්තරයකම ඉපදෙන්න!
මම සුමිදු නාකන්දල
2026.10.17
23.20 pm

------ Post added on Oct 18, 2026 at 10:32 PM
මුන් තනිකර රටට වෙච්ච සාපයක් බං... කල්ලතෝනි පොන්න විකෘති ලිංගිකයෝ ඉන්නේ.... ඔච්චර කියද්දී කියද්දී ඒ කියන දේ අහන්න තිබ්බා...ලොකු කම් නොකර... එහෙනම් දැන් මේ වෙද්දිත් සතා ජීවත් වෙනවා....මුන් වෙඩි තිබ්බ එකාව දැනගෙන ඉදල තියනවා... රජයේ සේවක JVP කාරයෙක්....
දැන් වැඩේ පත්තු උන හින්දා අත් අඩංගුවට ගත්තෙ....!