මැණික් හාමි
අපි පසුගිය දිනවල මහාචාර්ය ගාමිණි අධිකාරි මහතා පෙරලබඩ මානවයන් පිළිබඳව ඉදිරිපත් කළ කෙටි වීඩියෝවක් ඉදිරිපත් කළේ වෙරළබඩ මානවයන් පිළිබඳ පුළුල් සංවාදයක ආරම්භයක් වශයෙන්. ලංකාවේ ප්රාග්-ඓතිහාසික මානව අධ්යයනයන්හිදී අපේ වැඩි අවධානයක් යොමුවෙන්නේ තෙත් කලාපීය ගුහා ආශ්රිත මානවයන් (Fa-Hien Lena, Batadomba-lena) සහ වියළි කලාපීය එළිමහන් නිවැසියන් (Bellan-bandi Palassa) කෙරෙහි. නමුත්, දකුණු පළාතේ හම්බන්තොට, හුංගම ආසන්නයේ පිහිටි "මිනි-ඇතිලිය (Mini-athiliya) බෙල්ලන් ගොඩැල්ලෙන් (Shell Midden)" හමුවූ වසර 4000 ක් පැරණි පූර්ණ මානව සැකිල්ල, ශ්රී ලංකාවේ වෙරළබඩ කලාපීය ප්රාග්-ඓතිහාසික මානව පරිණාමය සහ පාරිසරික අනුග්රහයන් පිළිබඳ අතිශය වැදගත් විද්යාත්මක මානයක් නිරාවරණය කරලා තියෙනවා.
මිනි-ඇතිලිය කුඹුරු යායක පිහිටි මෙකී බෙල්ලන් තැන්පතුව, හුනු සහ පොහොර නිෂ්පාදනය උදෙසා වාණිජමය ලෙස කැණීම් කිරීමට ලක්වීම නිසා අතිශයින් විනාශයට පත්වෙමිනුයි තිබුණේ. එහිදී අහම්බෙන් මානව සහ සත්ව අස්ථි කොටස් හමුවීමත් සමග, මෙම අතිශය වැදගත් පුරාවිද්යාත්මක භූමියේ පුරාවස්තු හා දත්ත ආරක්ෂා කරගැනීම උදෙසා ශ්රී ලංකා පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය නිමල් පෙරේරා, ආචාර්ය සමන්ති කුලතිලක, ආචාර්ය සිරාන් දැරණියගල සහ ජූඩ් පෙරේරා යන විද්වතුන් ප්රමුඛ කණ්ඩායම විසින් වහාම හදිසි බේරාගැනීමේ කැණීමක් (Salvage Excavation) ආරම්භ කළා. කැණීම් කටයුතු අවසන් කිරීමට ආසන්නව තිබියදී, නොඉඳුල් පස් තට්ටුවක් යටින් පූර්ණ මානව හිස්කබලක් මතුවීම මෙම ගවේෂණයේ තීරණාත්මක සංධිස්ථානයක් වුණා. මීට පෙර විනාශ වූ කැණීම් වළවල්වලින් පුද්ගලයන් 5 දෙනෙකුගේ මිශ්ර වූ අස්ථි කොටස් (HMA 1-5) හමුවී තිබූ අතර, මෙම සුරක්ෂිත පූර්ණ සැකිල්ල HMA 6 ලෙස සංකේතවත් කෙරුණා. පසුව ප්රදේශවාසීන් විසින් මොහුව "මැණික්හාමි" (Menik-Hamy) ලෙසයි නම් කළේ.
වර්ෂාපතනය හේතුවෙන් අස්ථි පද්ධතියට විය හැකි හානිය වළක්වා ගැනීමටත්, පර්යේෂණාගාර මට්ටමින් සියුම්ව අධ්යයනය කිරීමටත්, මුළු සැකිල්ලම එය පිහිටි පස් හා බෙල්ලන් තට්ටුව පිටින්ම (In-situ block) ප්ලාස්ටර් ඔෆ් පැරිස් සහ ලී රාමුවක් යොදා රහසිගතව කොළඹ පුරාවිද්යා දෙපාර්තමේන්තු පර්යේෂණාගාරයට ප්රවාහනය කෙරුණා. පසුව පර්යේෂණාගාරය තුළදී සෙන්ටිමීටරයෙන් සෙන්ටිමීටරය, බෙලිකටු ඉවත් කරමින් මෙම අස්ථි පද්ධතිය සියුම් ලෙස නිරාවරණය කර ගැනීමට පර්යේෂකයන් සමත් වුණා.
කාල නිර්ණය (Radiocarbon Dating):
අඟුරු සාම්පල AMS Carbon-14 පරීක්ෂාවට ලක්කිරීමේදී තහවුරු වුණේ මෙම මානවයා වසර 3,600 – 4,000 කට පෙර, එනම් මධ්ය-හොලෝසීන යුගයේ (Mid-Holocene) ජීවත් වූ අයෙකු බවයි. මැණික් හාමි මියයන විට වයස අවුරුදු 45 ක පමණ පිරිමි පුද්ගලයෙක්. වම් කලවා අස්ථියේ (Left Femur) මිනුම් අනුව මොහුගේ උස සෙ.මී. 167.32 ක් (අඩි 5 අඟල් 5 ත් අඩි 5 අඟල් 7 ත් අතර) ලෙස ගණනය කර තියෙනවා. "මැණික්හාමිගේ" සිරුර තැන්පත් කර තිබුණේ මවගේ කුස තුළ කලලය පිහිටන ආකාරයට (Tightly flexed fetal position), දකුණු පසට හරවා, හිස උතුරු දෙසට සිටින සේ ය. මෙය බෙල්ලන්බඳපැලැස්ස සහ පල්ලෙමලල යන ප්රාග්-ඓතිහාසික භූමිවලින් හමුවූ ආදාහන රටාවන්ට අතිශයින් සමානයි.
මෙම සොයා ගැනීමේ ලාංකේය පුරාවිද්යාව තුළ මෙම සොයාගැනීමේ විෂයානුබද්ධ වැදගත්කම පිළිබඳව කෙටියෙන් හෝ අපි කතා කරමු. මිනි-ඇතිලියෙන් හමුවූ Acavus, Cyclophorus, Turbinella, Anadara ආදී කලපු, මුහුදු සහ ගොඩබිම් බෙල්ලන් වර්ග, කකුළුවන්, මසුන්, උරගයන් සහ ක්ෂීරපායින්ගේ අස්ථි අවශේෂවලින් පැහැදිලි වන්නේ මොවුන් වෙරළබඩ සහ කලපු ආශ්රිත ජලජ සම්පත් පරිභෝජනය කළ දක්ෂ ජනකොටසක් බවයි. මධ්ය-හොලෝසීන යුගයේදී (වසර 5400 - 3600 BP අතර) ශ්රී ලංකාවේ මධ්යම කලාපයේ දැඩි වියළි කාලගුණයක් පැවති අතර කෘෂිකාර්මික හා භූමි පරිභෝජනය පහත වැටුණා. නමුත් දකුණු වෙරළබඩ පිහිටි මිනී-ඇතිලිය වැනි කලපු ආශ්රිත පාරිසරික කලාපයන්හි ඉහළ ආහාර නිෂ්පාදන ક્ષමතාවක් පැවති බැවින්, මෙම මානවයන් පරිසර විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දෙමින් ජලජ සම්පත් අනුභව කරමින් ජීවත් වූ බවට මෙය හොඳම සාක්ෂියක්.

"මැණික්හාමිගේ" අස්ථි පද්ධතියේ පේශි සබඳතා ලකුණු (Muscle markings) ඉතා තදින් පිහිටා තිබීමෙන් පෙනී යන්නේ මොවුන් අධික ලෙස කායික වෙහෙස මහන්සි වී වැඩකළ ශක්තිමත් ජනතාවක් බවයි. එසේම, දත්වල දැකිය හැකි තදබල ගෙවීයාම (High tooth attrition) මගින් ඔවුන්ගේ ආහාර වේලෙහි වැලි, තද බෙල්ලන් කටු සහ නොතැම්බූ තද ආහාර බහුල වූ බව තහවුරු වෙනවා.
මිනී-ඇතිලියෙන් හමුවූ මානව අස්ථි සහ ශිලා මෙවලම්, ආසන්නයේ පිහිටි පල්ලෙමලල (Pallemalala) ප්රාග්-ඓතිහාසික භූමියෙන් හමුවූ සාධක සමග අතිශයින් සමානයි. මෙමගින් තහවුරු වන්නේ දකුණු වෙරළබඩ තීරයේ එකම කාලවකවානුවක සමීප ජානමය හා සංස්කෘතික සබඳතා පැවැත්වූ මානව සමූහයන් ජීවත් වූ බවයි.
වසර හාරදහසක කලක් මිණිඇතිලියේ සිප්පිකටු අතර සැතපීසිටි මැණික්හාමි මාතර තාරකා කොටුවේ ස්ථාපනයකර ඇති පුරාවිද්යා කෞතුකාගාරයේදී එම අයුරින්ම දැකගත හැක.