මේ powerbank තියෙනව නම් විසි කරපන් නැත්තන් ලමයෙකුට දීපන්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    10,159
    17,380
    113
    Colombo
    photo_6246567553492784177_w-1.jpg

    photo_6246567553492784128_y-1.jpg


    Anker සමාගම නිවේදනය කරන ආකාරයට, බාහිර සැපයුම්කරුවෙකුගෙන් (third-party supplier) ලබාගත් Lithium-ion Battery Cellsවල පවතින දෝෂයක් නිසා මෙම Power Bank නැවත කැදවා තිබෙනවා. එනම් මේ Battery Cells තුළ පවතින දෝෂ හේතුවෙන් Short circuit එකක් ඇතිවීමේ අවදානමක් පවතින අතර, එමඟින්:

    • බැටරිය අධික ලෙස රත් වීම (Thermal runaway)
    • බැටරිය පිපිරීම හෝ ඇතුළත ඇති රසායනික ද්‍රව්‍ය කාන්දු වීම
    • ක්ෂණිකව ගිනි ගැනීම් හෝ දැඩි දුමාරයක් පිටවීම
      වැනි බරපතල අනතුරු සිදුවිය හැකි බවට සමාගම අනතුරු අඟවා තිබෙනවා.

    බලපෑමට ලක්වූ Anker Power Bank මාදිලි​

    පහත දැක්වෙන මාදිලි අංක (Model Numbers) සහිත Power Bank සඳහා මෙම recall එක අදාළ වෙනවා:

    • Anker Power Bank (20,000mAh, 22.5W, Built-In USB-C Cable) — Model: A1647
    • Anker MagGo Power Bank (10,000mAh, 7.5W) — Model: A1652
    • Anker Power Bank (10,000mAh, 22.5W) — Model: A1257
    • Anker Zolo Power Bank (20,000mAh, 30W, Built-In USB-C and Lightning Cable) — Model: A1681
    • Anker Zolo Power Bank (20,000mAh, 30W, Built-In USB-C Cable) — Model: A1689
    Screenshot-2026-10-19-184403.png


    Image Source - Anker
    ඔබගේ Power Bank එකේ යට හෝ පිටුපස මුද්‍රණය කර ඇති කුඩා අකුරු පරීක්ෂා කිරීමෙන් Model Number එක මෙන්ම Serial Number (SN) එක නිවැරදිව හඳුනාගත හැක.

    ඔබ සතුව මෙම මාදිලියක් තිබේ නම් කළ යුත්තේ කුමක්ද?​

    • වහාම භාවිතයෙන් ඉවත් වන්න: අදාළ Power Bank එක භාවිතා කිරීම, එයින් අනෙක් උපාංග charge කිරීම හෝ Power Bank එක charge කිරීමට තැබීම වහාම නවත්වන්න.
    • ආරක්ෂිත ස්ථානයක තබන්න: ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය, ලී බඩු හෝ ඇඳ ඇතිරිලි ආශ්‍රිත ස්ථානවලින් ඈත්ව, සිසිල් සහ වාතාශ්‍රය ඇති ආරක්ෂිත ස්ථානයක මෙය තබන්න.
    • මිලදී ගත අලෙවිසැල සම්බන්ධ කරගන්න: ඔබ Power Bank එක වගකීම් සහතිකයක් (Warranty) සහිතව මිලදී ගත්තේ නම්, වහාම ඔවුන් අමතා මෙම recall තත්ත්වය දැනුම් දී Replacement හෝ Refund ක්‍රියාවලිය පිළිබඳව විමසන්න.
    • සාමාන්‍ය කුණු කූඩයට නොදමන්න: Lithium-ion බැටරි අඩංගු උපාංග සාමාන්‍ය කසළ සමඟ බැහැර කිරීමෙන් කුණු ලොරි හෝ අපද්‍රව්‍ය කළමනාකරණ ස්ථානවල ගිනි ගැනීම් සිදුවිය හැකි බැවින්, E-waste විධිමත් ලෙස බැහැර කරන ස්ථානයකට යොමු කරන්න.

    නිල මූලාශ්‍ර සහ Recall Links​

    ඔබගේ උපාංගය මෙම Recall එකට ඇතුළත් දැයි සත්‍යාපනය කරගැනීමට සහ Anker වෙතින් ඉදිරිපත් කර ඇති නිල ක්‍රියාමාර්ග පරීක්ෂා කිරීමට පහත නිල සබැඳි භාවිතා කළ හැක:

    එමෙන්ම Anker Soundcore මාදිලි කිහිපයක් තුළත් විවිධ ගැටලු වාර්තා වෙමින් පවතින නිසා මෙවැනි නිශ්පාදන මිලදී ගැනිමේදි වඩාත් සැළකිලිමත් වන ලෙස පාරිභෝගික ඔබට වැඩිදුරටත් අප මතක් කර සිටිනවා.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,031
    9,661
    113
    Galaha
    FB reel ekak dakka. kollekge printer ekai laptop ekai dekama gini aran tibba power bank eka gini aran camera wagekuth thibba kiyala kiuwa pora.
     
    • Like
    Reactions: Smartm

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    739
    147
    43
    මේව මාර ගොන් අතල්. ලිතියම් අයන් බැටරි කොහොමත් ඔහොමයි. ඒ නිසා සැහෙන්න පරිස්සමෙන් පවිච්චි කරන්න ඕනා. මතකද දන්නෙ නැ සම්සුන්ග් 4න් එකක් තියෙන උන් ප්ලෙන් වලටත් නොගත්ත කාලයක් තිබ්බා.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    792
    898
    93
    උඹේ ටයිටල් එක වැරදී! මෙව්වා ළමයන්ට දෙන්න සුදුසු නැහැ
     
    • Haha
    Reactions: rukshrulz