කොළඹ HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය පිලිපීනයට...

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,825
    13,732
    113

    කොළඹ HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය පිලිපීනයට...​

    ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් වන HSBC බැංකුවේ ගෝලීය සේවා මධ්‍යස්ථානය (HSBC Global Service Centre) මෙරටින් ඉවත් කර පිලිපීනය වෙත රැගෙන යාමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වන බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය දැඩි කනස්සල්ල පළකරයි.

    මෙමඟින් මෙරට තරුණ ප්‍රජාවට හිමිව ඇති දහස් සංඛ්‍යාත වෘත්තීය රැකියා අවස්ථා අහිමි වී ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

    සිය 'X' ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටින්නේ, විදේශීය ආයෝජන මහා පරිමාණයෙන් මෙරටින් ඉවත්ව යන අයුරු හුදු නරඹන්නන් සේ බලා සිටිනවා වෙනුවට, රට තුළට වැඩි වශයෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට පියවර ගත යුතු නොවේද යන්නයි.

    තමන් වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව, 2027 වසරේ දෙසැම්බර් මාසය වන විට HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානයේ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම පිලිපීනය වෙත විතැන් කිරීමට නියමිත බවත්, එමඟින් ශ්‍රී ලංකාව තුළ පවතින සෘජු රැකියා 3,000ක් සහ වක්‍ර රැකියා 500ක් පමණ අහිමි වීමේ බරපතළ අවදානමක් පවතින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

    මෙම පුවත අසත්‍ය එකක් වේවායි තමන් ප්‍රාර්ථනා කරන බව පවසන සජිත් ප්‍රේමදාස මහතා, යම් හෙයකින් මෙම තොරතුරු සත්‍යයක් වුවහොත් එය මෙරට ආර්ථික ක්ෂේත්‍රයට එල්ල වන ප්‍රබල පසුබෑමක් වනු ඇති බවද වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

    රාජගිරියේ HSBC එකේ first job එකට ගියපු උන් second job එකට ගියේ ඩුබයි Emirates,City bank වගේ premium job වලට
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,161
    17,382
    113
    Colombo
    අපිට මොකටද ආයෝජන. රට වටේට මුහුද. එහෙන් පොස්පේට්, මෙහෙන් තෙල්, යටින් ලුණු, මැදින් මිරිරන්, මැනික්.
    තව අවුරුදු 3යි. තව 5කුත් තියෙනව. කරල පෙන්නන්නම්.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,221
    5,694
    113
    Athurugiriya
    අපිට මොකටද ආයෝජන. රට වටේට මුහුද. එහෙන් පොස්පේට්, මෙහෙන් තෙල්, යටින් ලුණු, මැදින් මිරිරන්, මැනික්.
    තව අවුරුදු 3යි. තව 5කුත් තියෙනව. කරල පෙන්නන්නම්.
    හැffiලා බලමු! 🤚
     
    • Haha
    Reactions: War Fighter

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,383
    8,881
    113

    HSBC ඉවත් වන හෝ ව්‍යාපාර අඩු කරන අනෙකුත් රටවල්​

    HSBC හි 2026 අගෝස්තු මාසයේ අතුරු වාර්තාව සහ ඔක්තෝබර් වන විට වාර්තා වූ තොරතුරු අනුව, පහත වෙළෙඳපොළවල්වල වැදගත් වෙනස්කම් සිදු වී තිබෙනවා.

    රට / වෙළෙඳපොළතත්ත්වය සහ ප්‍රධාන හේතුව
    🇱🇰 ශ්‍රී ලංකාවසිල්ලර බැංකු ව්‍යාපාරය 2026 අප්‍රේල් 30 දින NTB වෙත විකිණීම සම්පූර්ණ කළා. Global Service Centre එකද ඉවත් කිරීමට නියමිතයි.
    🇧🇩 බංග්ලාදේශයසිල්ලර බැංකු ව්‍යාපාරය වසා දැමීම සම්පූර්ණ කළා.
    🇿🇦 දකුණු අප්‍රිකාවබැංකු ව්‍යාපාරය විකිණීම 2026දී සම්පූර්ණ කළා.
    🇺🇾 උරුගුවේබැංකු ව්‍යාපාරය 2026 ජූලි 10 දින විකිණීම සම්පූර්ණ කළා.
    🇲🇹 මෝල්ටාවබැංකු ව්‍යාපාරය විකිණීමට එකඟ වී ඇති අතර ගනුදෙනුව අවසන් කිරීමේ ක්‍රියාවලිය පවතී.
    🇮🇩 ඉන්දුනීසියාවසිල්ලර බැංකු ව්‍යාපාරය විකිණීමට එකඟ වී ඇත. අවසන් කිරීම 2027 පළමු භාගයේ අපේක්ෂා කරයි.
    🇦🇺 ඔස්ට්‍රේලියාවසිල්ලර බැංකු ව්‍යාපාරය ක්‍රමයෙන් වසා දැමීමට සැලසුම් කර ඇත. නිවාස සහ පුද්ගලික ණය කළඹ විකිණීමට එකඟ වී තිබෙනවා.
    🇪🇬 ඊජිප්තුවසිල්ලර බැංකු ව්‍යාපාරය Emirates NBD වෙත විකිණීමට එකඟ වී ඇත. අවසන් කිරීම 2027 දෙවන භාගයේ අපේක්ෂා කරයි.
    🇹🇷 තුර්කියසිල්ලර බැංකු සහ දේශීය කුඩා හා මධ්‍යම ව්‍යාපාර සඳහා වන සේවා සමාලෝචනය කරමින් සිටී. අවසන් තීරණයක් නැහැ.
    🇸🇬 සිංගප්පූරුවHSBC Life රක්ෂණ ව්‍යාපාරය Allianz වෙත විකිණීමට එකඟ වී ඇත. මෙය බැංකු ව්‍යාපාරයෙන් ඉවත් වීමක් නොව රක්ෂණ ව්‍යාපාරය පිළිබඳ තීරණයකි.
    සටහන: සියලුම ගනුදෙනු සම්පූර්ණ වී නැහැ. විකිණීමකට එකඟ වීම සහ එය සම්පූර්ණ කිරීම වෙනස් තත්ත්වයන්.

    HSBC මෙලෙස කරන්නේ ඇයි?​

    ප්‍රධාන හේතුව වන්නේ අඩු වාසියක් හෝ ප්‍රමාණයෙන් කුඩා ව්‍යාපාරවලින් ඉවත් වී, තමන්ට වඩාත් තරගකාරී වාසියක් තිබෙන වෙළෙඳපොළවල් සහ සේවා කෙරෙහි අවධානය යොමු කිරීමයි.

    • වියදම් අඩු කිරීම: රටවල් ගණනාවක වෙන වෙනම ආයතන සහ පද්ධති පවත්වාගෙන යාමේ වියදම් අඩු කිරීම.
    • ව්‍යාපාරය සරල කිරීම: ලාභදායී නොවන හෝ ප්‍රමාණයෙන් කුඩා ව්‍යාපාර විකිණීම.
    • ප්‍රධාන අංශවලට ආයෝජනය කිරීම: ජාත්‍යන්තර සමාගම්වලට බැංකු සේවා, ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු සහ ධන කළමනාකරණය වැනි අංශවලට වැඩි අවධානයක් යොමු කිරීම.
    • වඩාත් කාර්යක්ෂම මෙහෙයුම් ස්ථාන තෝරාගැනීම: Global Service Centre එකේ කාර්යයන් ඉන්දියාව, මැදපෙරදිග සහ පිලිපීනය වෙත මාරු කිරීම එයට උදාහරණයකි.

    ශ්‍රී ලංකාවට මෙහි ඇති බලපෑම​

    HSBC හි තීරණ දෙකක් වෙන් කර බැලිය යුතුයි.

    1. සිල්ලර බැංකු ව්‍යාපාරය: ගනුදෙනුකරුවන්ගේ ගිණුම්, ක්‍රෙඩිට් කාඩ් සහ පුද්ගලික ණය ඇතුළත් ව්‍යාපාරය NTB වෙත මාරු කිරීම.
    2. Global Service Centre: විදේශීය HSBC මෙහෙයුම් සඳහා සහාය දුන් සේවා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීම
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,894
    8,544
    113
    උන් බය වෙලා යනව ඇත්තේ මේ මිනීමරු හැත්ත නිසා.
     
    • Like
    Reactions: elajani

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,415
    10,556
    113
    එක තැනක නෑ

    හොඳට හෝදපන් :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,355
    18,740
    113
    ඉතින් මොකද පකෝ වෙන්නේ. ලන්කාවට මොකක්ද උණු සෙතේ මෙච්චරකල් ඕකුන් හිටිය කියල
     
    Similar threads