සේෆ් සෝන් එකේ ඉඳන් අරාබි තම්බින්ගෙ රෙදි හෝදනවා
මම මීට කලින්ද කියා ඇති පරිදි ලෝකයේ ඉස්ලාමය බෙහෙතකටවත් නැති රටවල් දෙකක් තිබේ.
1. සවුදි අරාබිය
2. ඇෆ්ගනිස්ථානය
මෙය නැවත වරක් සනාථ කරන නඩු තීන්දුවක් සෞදි අරාබියේ වහාබි අධිකරණය විසින් ලබා දී ඇත
සෞදි කුමාරයන්ට මෙන් විදෙස් කම්කරුවන්ට සැප පහසු මාලිගා නැත.
අවශ්‍ය වූ විට ලෝකයේ සිටින ඕනෑම Top model කෙනෙක් තමුන්ගේ යහනට කැඳවා ගැනීමට වත්කමක් නැත.
සෞදි කුමාරයන්ගේ ටෙස්ටෙස්ටරෝන් කිපෙන සෑම විටම ලන්ඩන් වලටයි ඩුබායි වලටයි පියාසර කල හැකි වුවත් ඔවුන්ට සේවය කරන විදෙස් කම්කරුවන්ට එවැනි හැකියාවක් නැත.
ශරීආව සැමට එකසේ ක්‍රියාත්මක වන යුක්තියේ මඟක් මිස බලවතුන්ගේ අභිමතය අනුව තෝරා බේරා භාවිත කරන දණ්ඩනීය මෙවලමක් නොවේ.
ඉස්ලාමීය ශරීරියාවේ මූලික පදනමක් වන්නේ පාලකයා සහ පාලිතයා අතර නීතියේ සමානාත්මතාවය රැකීමය.
සවුදි අරාබියාවේ මෙම Selective ශරීආ භාවිතය සම්බන්ධයෙන් අවසන් විනිශ්ච දවසේදී සවුදි බලධාරීන්ට දෙවියන් ඉදිරියේ උත්තර බැඳීමට සිදුවනු ඇත.
අඹු සැමියන් දීර්ඝ කාලයක් වෙන්ව ජීවත් වීමට සිදුවීම ඉස්ලාමය පිළිගන්නේ නැත. යුද පෙරමුණේ සිටින සෙබළුන්ට පවා මාස කිහිපයක යුධ සේවයෙන් පසු යම්කිසි කාලයක් යුධ සේවයෙන් නිදහස් කර තමන්ගේ බිරිඳ සමග කාලය ගත කිරීමට ඉස්ලාමීය පාලකයන් විසින් ඉඩ සලසා දුන්නේ මිනිසාගේ ප්‍රබල හැඟීමක් වන ස්වභාවික කායික අවශ්‍යතාවයට නිසි පිළිගැනීමක් ලබා දෙමිනි.
නමුත් සවුදි අරාබියාවේ රැකියාවට පැමිණෙන කම්කරුවන්ට ඔවුන්ගේ කොන්ත්‍රාත්තු කාලය (වසර කිහිපයක්) අවසන් වන තෙක් සවුදි රජයෙන් නිවාඩු ලබාදෙන්නේ නැත.
නමුත් සෞදි කුමාරවරුන්ට ශ්‍රාවය වන ටෙස්ට්‍රෙස්ටරෝන් සෞදියේ රැකියා කරන අහිංසක කම්කරුවන්ටද ශ්‍රාවය වන බව සවුදි බලධාරීන් අමතක කරති.
ඉස්ලාමීය ශරීආවට අනුව, යම් වරදකට දඬුවම් දීමට පෙර එම වරද බහුලව සිදුවිය හැකි පරිසරය ඉවත්කල/වෙනස් කල යුතු බව සාමාන්‍යය පිලිගැනීමයි.
අරාබියේ සාගතය පැවති අවස්ථාවේදී ඉස්ලාමයේ දෙවැනි රාජ්‍ය නායකයා වූ උමර් විසින් සොරකමට අත කැපීමේ නීතිය අත්හිටුවා තිබූ බව ප්‍රසිද්ධ කාරණයකි.
සාමාන්‍යයෙන් සොරකම් සිදුවිය හැකි රටේ සාගතයක් පවතින අවස්ථාවක සොරාගේ අත කැපීම යුක්ති සහගත වන්නේ නැති බවට වූ අවබෝධයක් එදා ඉස්ලාමීය පාලකයන්ට තිබුණි.
මෙවැනි අවස්ථාවක අවුරුදු ගණනාවක් තමන්ගේ පවුල සමග එක්වීමට, ලිංගික අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීමට නොහැකිව සෞදි ජාතිකයන්ට සේවය කරමින් තමන්ගේ තරුණ කාලය වැය කරන කම්කරුවන්ගේ ශ්‍රාවය වන ටෙස්ට්‍රෙස්ටරෝන් වලට සාධාරණයක් ඉෂ්ට නොකර සවුදි බලධාරීන් විසින් නීති විරෝධී විවාහයෙන් පිට සම්බන්ධතාවලට මරණ දඬුවම් පැමිණවීම යුක්ති සහගත වන්නේ කෙසේද ?
ඉස්ලාමීය ශරියාවේ මකාසිදුෂ් ශරීආව (උදාර අරමුණු) වලට අනුව ද මිනිසාගේ ජීවිතයකට වඩා ගොඩනැගිල්ලක පාරිශුද්ධතාවය කිසිසේත් වැදගත් වන්නේ නැත.
ඉස්ලාමීය නීති දර්ශනයේ හදවත වන්නේ "මකාසිදුෂ් ශරීආ" (ශරීආවේ උදාර අරමුණු) ය. ඊට අනුව ශරීආවේ මූලික අරමුණූ ලෙස ඉස්ලාමීය නීති විශාරදයන් පවසන්නේ
1. මිනිස් ජීවිතය රැකීම,
2. ආගමික නිදහස (චින්තන නිදහස) ආරක්ෂා කිරීම.
3. බුද්ධිය/දැනුම ආරක්ෂා කිරීම.
4. පවුල් සංස්ථාව/පරම්පරාව ආරක්ෂා කිරීම.
5. සහ දේපළ ආරක්ෂා කිරීමයි.
මේ අරමුණු අතරින් මිනිස් ජීවිතයට හිමි වන්නේ අතිශය ගෞරවනීය ස්ථානයකි.
එබැවින්, දේවස්ථානයක පාරිශුද්ධත්වය ආරක්ෂා කිරීමේ නාමයෙන් මිනිස් ජීවිතයක් බිලි දීම ෂරියාවේ නාමයෙන් සාධාරණීකරණය කළ හැකි ද යන්න බරපතළ ලෙස විමසා බැලිය යුතු කාරණයකි. දේවස්ථානයක් යනු ගොඩනැගිල්ලකි. ගොඩනැගිල්ලකට ශුද්ධ බවක් තිබිය හැකිය. නමුත් මිනිසාගේ ජීවිතය මිනිසා විසින් තැනූ ගොඩනැගිල්ලකට වඩා ශුද්ධ වූ නිර්මාණයක්ය.
ගොඩනැගිල්ලක පාරිශුද්ධත්වය රැකීමේ නාමයෙන් මිනිස් ජීවිතයක වටිනාකම අවතක්සේරු කිරීම, ශරීආවේ උදාර අරමුණුවලට පටහැණිය.
සවුදි අධිකරණය විසින් ලබා දී ඇතැයි කියැවෙන මෙම තීන්දුවේ පසුබිම, සාක්ෂි, අදාළ නීතිමය පදනම සහ අදාළ වරදේ ස්වභාවය පිළිබඳ සම්පූර්ණ තොරතුරු විමසා බැලීම අත්‍යවශ්‍යය.
නමුත් මෙහිදී අපේ තේරුම් ගත යුතු මූලිකම කාරණය වන්නේ සවුදි අරාබියාවේ නීති සෑම විටම ශරීයා නීතිය නොවන බවය.
සවුදි අරාබියාවේ නීති මූලිකවම සැකසී ඇත්තේ සෞදි රජ පෙළපතේ ආරක්ෂාව වෙනුවෙන්ය. එවැනි නීතියක් කිසිසේත් ශරීයා නීතිය වන්නේ නැත.
ශරීආව යනු බලවතුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරමින් දුබලයන්ගේ ජීවිත බිලි දෙන නීති පද්ධතියක් නොවේ. එය යුක්තිය, කරුණාව සහ මිනිස් ගෞරවය උසස් කොට සලකන නීති සම්ප්‍රදායකි.
එබැවින් ශරී ආවේ නාමයෙන් ක්‍රියාත්මක වන ඕනෑම අධිකරණයක් ඉහත කී ශරීආවේ උදාර අරමුණු ඉදිරියේ වගවිය යුතුය.
දේවස්ථානයක ගෞරවය ආරක්ෂා කළ යුතුය. එහෙත් එම ගෞරවය රැකීමේ නාමයෙන් මිනිස් ජීවිතයක වටිනාකම මකා දැමීමට කිසිදු අධිකරණයකට අසීමිත බලයක් තිබිය නොහැක.
එවැනි අධිකරණයක් ශරීආ අධිකරණයක් වන්නේ ද නැත.
මන්ද, ගොඩනැගිලිවලට පාරිශුද්ධත්වයක් තිබිය හැකි නමුත්, මිනිස් ජීවිතයට ඇත්තේ ආපසු හැරවිය නොහැකි වටිනාකමකි. යුක්තියේ සැබෑ අරුත ඇත්තේ ගොඩනැගිලිවල පාරිශුද්ධ බව ආරක්ෂා කිරීම තුළ පමණක් නොව, මිනිසාගේ ජීවිතයත් ගෞරවයත් ආරක්ෂා කිරීම තුළය.