වොෂින් මැෂින් එක ඉක්මනට කැඩෙනවද? මෙන්න හේතු සහ විසඳුම් 🧺

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,775
    113
    United States
    ගෙදර වොෂින් මැෂින් එක පාවිච්චි කරන ගොඩක් අයට මේ ප්‍රශ්නේ තියෙනවා. ටික කාලයක් යද්දි සද්දේ වැඩි වෙනවා, වතුර හරියට යන්නේ නෑ, රෙදි හොඳට පිරිසිදු වෙන්නෙත් නෑ. ගොඩක් වෙලාවට හේතුව අපි කරන පොඩි පොඩි වැරදි ටිකක්.

    1. මැෂින් එකට දාන්න පුළුවන් බරට වඩා රෙදි දාන්න එපා. බර වැඩි වුණාම මෝටරයටයි ඩ්‍රම් එකටයි හානි වෙනවා.
    2. සතියකට සැරයක්වත් ෆිල්ටරය අරගෙන සුද්ද කරන්න. කාසි, කෙස් ගස්, කුණු හිර වුණාම වතුර බැස යන එක හිර වෙනවා.
    3. රෙදි දාන්න කලින් සාක්කු බලන්න. කාසි, යතුරු වගේ දේවල් ඇතුළේ තිබුණොත් ඩ්‍රම් එක සීරෙනවා.
    4. ඩිටර්ජන්ට් වැඩිපුර දාන්න එපා. පෙණ වැඩි වුණාම රෙදිවල කුණු හරියට යන්නේ නෑ, මැෂින් එක ඇතුළේ සබන් තට්ටු හැදෙනවා.
    5. හෝදලා ඉවර වුණාට පස්සේ දොර ටිකක් ඇරලා තියන්න. එතකොට ඇතුළේ තෙතමනය වේලෙනවා, ගඳ එන එක අඩු වෙනවා.
    6. මැෂින් එක තියෙන තැන සමතලාද බලන්න. ඇල වෙලා තිබුණොත් කැරකෙද්දි ගැස්සිලා සද්දේ වැඩි වෙනවා, කැඩෙන්නත් පුළුවන්.
    7. මාස දෙකකට සැරයක් හිස් මැෂින් එක උණු වතුරෙන් එක වටයක් දුවවන්න. එතකොට ඇතුළේ හැදිලා තියෙන කුණුයි සබන් තට්ටුයි යනවා.

    ඔයාලටත් වොෂින් මැෂින් එක ගැන මේ වගේ ප්‍රශ්නයක් තියෙනවනම් මෙතන දාන්න, මම දන්න විදියට උත්තර දෙන්න බලන්නම්. තව කවුරුහරි මේ ගැන හොඳ විසඳුමක් දන්නවනම් ඒකත් කියන්න, හැමෝටම උදව්වක් වෙයි.
     
    • Love
    Reactions: RottenCOLT

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,326
    2
    5,940
    113
    8. ශුක්‍රානු පිහපු රෙදි මැශින් එකට දැමීමෙන් වලකින්න , රොටරිය බිත්තියට ඇලෙන්න පුලුවන්
     
    • Sad
    Reactions: Tramadol