ඔයා කාටවත් කරදරයක් නැතුව, ඔයාගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට හොරෙන් ඔයාගේ පුටුවට විදින්න බලාගෙන ඉන්න පිරිසක් ඔයා වටේම ඉන්නවා.
ලංකාවේ අපි මේකට කියන්නේ "වල කපනවා" කියලා. Corporate ලෝකේ මේකට කියන්නේ Office Politics කියලා.
ඔයා හිතන් ඉන්නවා නම් "මම මගේ වැඩේ හරියට කරනවා නම් මට කවුරුත් මුකුත් කරන එකක් නෑ" කියලා, ඔයා ගොඩක් අහිංසකයි. මොකද ඔෆිස් එකක දියුණු වෙන්න වැඩ පුළුවන් වෙලා විතරක් මදි, මේ "ගේම්" එක ගහන්නත් දැනගන්න ඕන.
මේ කැපිලි මැදින් බේරිලා ඉස්සරහට යන්න නම් මේ දේවල් 3 අනිවාර්යයෙන්ම කරන්න.
1. ලිඛිතව වැඩ කරන්න (Document Everything)
කවුරු හරි ඇවිත් කට වචනෙට යමක් කරන්න කිව්වොත්, ඒක විශ්වාස කරලා වැඩ කරන්න එපා. අන්තිමට වැඩේ වැරදුනොත් එයා කියයි "මම එහෙම කිව්වේ නෑ" කියලා. ඒ නිසා හැමදේම Email එකකින් හරි WhatsApp Message එකකින් හරි Confirm කරගන්න. "As per our discussion..." කියලා මේල් එකක් දාන්න පුරුදු වෙන්න. කවදාහරි ඔයාගේ බෙල්ල බේරගන්න තියෙන එකම සාක්ෂිය ඒක වෙන්න පුළුවන්.
2. ඕපාදූප වලට සම්බන්ධ වෙන්න එපා (Stay Neutral)
ඔයා ගාවට ඇවිත් වෙන කෙනෙක්ගේ ඕපාදූපයක් කියන කෙනා, අනිවාර්යයෙන්ම ඔයා නැති තැන ඔයාගේ ඕපාදූපත් කියනවා. ඒක තමයි ස්වභාවය. ඒ නිසා "අරයා අරකයි, මෙයා මෙහෙමයි" කියද්දි හිනා වෙලා මඟ අරින්න. කවදාවත් කාගේවත් පැත්තක් අරන් කතා කරන්න යන්න එපා. ඔයා හැමෝම එක්ක සුහදව ඉන්න (Diplomatic), හැබැයි කාවවත් ඕනවට වඩා විශ්වාස කරන්න එපා.
3. ඔයාගේ වැඩේට Marketing පාරක් දෙන්න
කවුරු හරි ඔයාව කපන්න හදන්නේ, ඔයාට තැනක් ලැබෙනවට අකමැති නිසා. ඒකට හොඳම උත්තරේ තමයි ඔයාගේ වැඩ වලින් උත්තර දෙන එක. ඔයා කරන වැඩ ගැන බොස්ව දැනුවත් කරන්න. ඔයාගේ ජයග්‍රහණ කාටත් පේන්න කරන්න. එතකොට අනිත් අයට බොරු කියලා ඔයාව කපන්න අමාරුයි, මොකද ඔයාගේ ප්‍රතිඵල (Results) කතා කරන නිසා.
පොඩි අවවාදයක්:
Office Politics කියන්නේ මඩ ගොඩක්. ඒකට බැස්සොත් ඔයාටත් මඩ ගාගන්න වෙනවා. පුළුවන් තරම් මඩ ගොඩට නොබැස, ඔයාගේ ගමන යන්න. කවුරු හරි වළක් කැපුවොත්, ඒ පස් වලින්ම ගොඩ වෙලා උඩට එන්න.
