ඔව්. සමහර විට මෙහෙම නිකං දකුණ උතුර වගේ බෙදාගෙන හිටියා හෝ එව ලියවෙනකොට සින්හලු හිටියා වෙන්නත් පුළුවං.
ඔන්න ඔය තියෙන්නෙ තව පොසිබිලිටියක්. ඕක අපේ ආකියොලොජි සහ ඉතිහාසෙ එක්ක ගලපගන්න පොඩි වටයක් ගහන්න වෙන නිසා මන් ලිස්ට් එකේ පහලට දාල තියෙන්නෙ.
සිංහල දමිල අනන්‍යතා හැදෙන්නෙ සහ ඉන්දියාවෙ පැත්තෙන් සිම්හලද්වීප කියල කියන්න පටන් ගන්නෙ මුල් ව්‍යවහාරික සියවස් වල. සිංහලයො දූපතෙ කොටසක් බෙදාගෙන හිටපු කාලයක් යම් තරමකින් පටන් ගන්නෙ අනුරාධපුර යුගයෙ මැදකින් වගේ. පොලොන්නරු යුගයෙ පස්සෙ වන්නියෙන් උඩ සිංහලයො නැති තරම්. රාමායණයෙ මුල් හැඩය ඔය වෙද්දි සකස් වෙලා ගොඩක් කල් ගිහින්.
ඕකෙ දිශා විස්තර කෙරෙන කොටස් වල අදටත් ඇහෙන ethnonyms සෙට් එකක් තියෙනව. සිංහලයො ඇරුනම ඉන්දියාවෙ එත්නික් අනන්‍යතා ගානක් සඳහන් වෙනව. වෙන්න පුලුවන් දෙයක් තමා ඕව කතාවට පසුවට ඈඳුන විස්තර වීම.
රාමායණය වගේ පුරාණ කතාන්තර එක පාරම සම්පාදනය වෙනව නෙමේනෙ. මුලින්ම හැදෙන්නෙ ෆ්රැග්මෙන්ටඩ් කතා පුවත් ටිකක්. ඒව ලියවෙන්නෙ මොකක් හෝ ඩිස්ටන්ට් මෙමරි එකක සාහිත්‍යමය නිරූපණයක් විදිහට වෙන්න පුලුවන්, සත්‍ය සංසිද්ධියක සැකිල්ලක් මත වෙන්න පුලුවන්. වෛදික කතා වල ඔය මුල් ස්ටේජ් එකේ ස්වරූපය ක්‍රිපූ 1000 හෙ මාක් එක පහු වෙනවත් එක්ක හැදෙන්න ගන්න ඇති. කාලයත් එක්ක ඕව ඩිවලොප් වෙමින් විසංවාදී තැන් සංස්කරණට කරල එක ආඛ්යානෙකට ගන්න අවධියක් එනව (මුල් බයිබල පොත් ටික දාවිත් රජ සමයෙ කපල කොටල සම්පාදනය උනා වගේ). මේ ස්ටේජ් එකේ වටේ පිටේ ඉන්න ගෝත්‍ර අනන්‍යතා සහ තියෙන ලොකේෂන් වෙනස් වෙමින් තියෙන කතාවෙ හැඩයට බලපානව, එහෙම නැත්තම් කතාවෙ විස්තර අනුව පරිසරය නාමකරණය වෙනව. ව්‍යවහාරික වර්ෂ මුල් සියවස් වලට එද්දි බොහෝ දුරට අද දකින වාල්මිකීගෙ රාමායණය හැදිල ඉවරයි.
ඔය පුරාණ කතා වල හිස්ටොරිසිටි එක හෙවීම අමාරු වෙන්නෙ ඕකයි. සත්‍ය ලෝකයෙන් කතා හැදෙනව, කාලයත් එක්ක ඒ කතා ආපස්සට යතාර්ථය හැඩස්සවනව ඕක ඔහොම දෙපැත්තට යනවනෙ.