කොහොමද වැඩබැරි පචාන්ඩුවේ පලි ගැනීම? පාඨලීගේ නඩුවේ සාක්ෂිකරු ගෙන්වීමට රු. 450,000ක් රාජ්‍ය මුදලින් වැය කිරීමක් ගැන විමර්ශනයක් ඉල්ලයි!

monson

Well-known member
  • May 7, 2007
    26,344
    30,516
    113
    පච අනුරට වැඩ බැරි නිසාද මේ නාඩගම් ඔක්කොම ? :lol: 🤌

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ නඩුවක සාක්ෂිකරුවෙකු ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රුපියල් 450,000ක පමණ මුදලක් රාජ්‍ය මුදලින් වැය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා ශිරාල් ලක්තිලක විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

    මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක විසින් ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ල, නීතිඥ රජික කොඩිතුවක්කු සහ තීක්ෂණ ගම්මන්පිල විසින් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී තිබෙන බවයි.

    කොළඹ මහාධිකරණයේ විභාග වන දරන නඩුවට අදාළව ඔක්තෝබර් 19 වැනිදා අධිකරණයේදී ලබාදුන් සාක්ෂියක් පදනම් කරගෙන මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව එම නිවේදනයේ සඳහන්.

    සාක්ෂිකරුවා ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වැය වූ මුදල තමන් නොදැරූ බවත්, ඒ සියලු වියදම් දැරුවේ “CCD හි අධ්‍යක්ෂ ඉන්දික මහත්තයා” බවත් ඔහු අධිකරණයේදී සඳහන් කර ඇතැයි මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.

    විදේශගත සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීමේදී නීතිමය ක්‍රමවේද අනුගමනය කර තිබේද, රාජ්‍ය මුදල් වැය කිරීමේදී අදාළ නීතිමය හා මූල්‍ය රෙගුලාසි පිළිපැද තිබේද සහ මෙම ක්‍රියාවලිය සාක්ෂිකරුවන්ගේ ස්වාධීනත්වයට හෝ සාධාරණ නඩු විභාගයකට බලපා තිබේද යන්න පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙසයි පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ.

    එමෙන්ම, රාජ්‍ය මුදල් භාවිතය පිළිබඳ විගණනයක් සිදුකරන ලෙසත්, නීති උල්ලංඝනයක් සිදුව ඇති බව තහවුරු වුවහොත් වගකිවයුත්තන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා ලෙසත් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    - https://hirunews.lk/495689/an-inves...-rs-450000-to-bring-a-witness-in-patalis-case
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,238
    2,260
    113
    ඉතිං බන් එහෙම හරි ගෙන්නලා මේ 76ක් රට කෑව උන්ව හිරේ දාන එක නෙමේද වෙන්න ඕනේ.. මිනිස්සු ඡන්දේ දුන්නේ ඒකට
     
    • Haha
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    සාක්ෂිකාරයෙක් ජර්මනියෙන් ගෙන්න රාජ්‍ය සල්ලි වලින් රුපියල් ලක්ෂ හතරහමාරක්ම ගෙවලා තියෙනවා නම් ඒක ගැන නම් හරියටම පරීක්ෂණයක් වෙන්න ඕනේ තමයි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,570
    21,297
    113
    හස්තිශෛලපුර
    පච අනුරට වැඩ බැරි නිසාද මේ නාඩගම් ඔක්කොම ? :lol: 🤌

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ නඩුවක සාක්ෂිකරුවෙකු ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රුපියල් 450,000ක පමණ මුදලක් රාජ්‍ය මුදලින් වැය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා ශිරාල් ලක්තිලක විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

    මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක විසින් ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ල, නීතිඥ රජික කොඩිතුවක්කු සහ තීක්ෂණ ගම්මන්පිල විසින් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී තිබෙන බවයි.

    කොළඹ මහාධිකරණයේ විභාග වන දරන නඩුවට අදාළව ඔක්තෝබර් 19 වැනිදා අධිකරණයේදී ලබාදුන් සාක්ෂියක් පදනම් කරගෙන මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව එම නිවේදනයේ සඳහන්.

    සාක්ෂිකරුවා ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වැය වූ මුදල තමන් නොදැරූ බවත්, ඒ සියලු වියදම් දැරුවේ “CCD හි අධ්‍යක්ෂ ඉන්දික මහත්තයා” බවත් ඔහු අධිකරණයේදී සඳහන් කර ඇතැයි මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.

    විදේශගත සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීමේදී නීතිමය ක්‍රමවේද අනුගමනය කර තිබේද, රාජ්‍ය මුදල් වැය කිරීමේදී අදාළ නීතිමය හා මූල්‍ය රෙගුලාසි පිළිපැද තිබේද සහ මෙම ක්‍රියාවලිය සාක්ෂිකරුවන්ගේ ස්වාධීනත්වයට හෝ සාධාරණ නඩු විභාගයකට බලපා තිබේද යන්න පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙසයි පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ.

    එමෙන්ම, රාජ්‍ය මුදල් භාවිතය පිළිබඳ විගණනයක් සිදුකරන ලෙසත්, නීති උල්ලංඝනයක් සිදුව ඇති බව තහවුරු වුවහොත් වගකිවයුත්තන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා ලෙසත් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    - https://hirunews.lk/495689/an-inves...-rs-450000-to-bring-a-witness-in-patalis-case

    return ticket ekat dala ati..
     
    • Haha
    Reactions: monson