නඩු හතරකට චාමරට ඇප.🔴❗

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,949
    48,934
    113
    6594bf40-c445-11f0-aa07-8f78e8344346.jpg.webp


    අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි 04කට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ ලේකම්වරයා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියම කළේය.

    අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

    ඒ අනුව සෑම නඩුවක් සඳහා එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් සඳහන් කළේය.

    ඉන් අනතුරුව මෙම නඩු ජනවාරි මස 26 වනදා කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.

    මේ අතර පොස්පේට් අපනයන කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර දීම සඳහා පුද්ගලික සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81 ක් අල්ලස් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ ලේකම්වරයාගේ ඇප ඉල්ලීම අද දින ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් නොවැම්බර් මස 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කළේය.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    නඩු හතරකට ඇප දුන්නට පොස්පේට් ලක්ෂ 81 එකට නම් තාම ඇප නෑ වගේ. එතන ප්‍රශ්නෙ බරපතලයි වගේ පේනව.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,511
    6,089
    113
    උන් අල්ලස් අරන් හරි පොස්පේට් යවල සල්ලි හෙව්වා. පොහොර කර්මාන්තශාලා වැහෙන තැනට වැඩ කරපු උන් රෙද්දේ රෙවිලා උඩ බලාගෙන ඉන්නවා. 2026 විගණනය බලන්න. ඇඩෙයි. අතින් කන්න දීල සේවකයන්ව තියාගෙන ඉන්නේ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,973
    8,736
    113
    නඩු හතරකට ඇප දුන්නට පොස්පේට් ලක්ෂ 81 එකට නම් තාම ඇප නෑ වගේ. එතන ප්‍රශ්නෙ බරපතලයි වගේ පේනව.
    මුගේ ඇග බලාම ඔන එකෙක්ට ටේරෙනව ජරාව කාපු බල්ලෙක් කියලා
     
    • Like
    Reactions: waca

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,751
    7,818
    113
    උන් අල්ලස් අරන් හරි පොස්පේට් යවල සල්ලි හෙව්වා. පොහොර කර්මාන්තශාලා වැහෙන තැනට වැඩ කරපු උන් රෙද්දේ රෙවිලා උඩ බලාගෙන ඉන්නවා. 2026 විගණනය බලන්න. ඇඩෙයි. අතින් කන්න දීල සේවකයන්ව තියාගෙන ඉන්නේ
    මට මතකයි තට්ටයෙකුත් ඔය වගේ කතාවක් කිව්ව හොරකන් කරල හරි රට දිව්නු කරාලු (බන්කොලොත් කලේ ඒක වෙනම කතාවක් ) උබ උගෙ පුතෙක්ද
     
    • Haha
    Reactions: ranatheman

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,511
    6,089
    113
    මට මතකයි තට්ටයෙකුත් ඔය වගේ කතාවක් කිව්ව හොරකන් කරල හරි රට දිව්නු කරාලු (බන්කොලොත් කලේ ඒක වෙනම කතාවක් ) උබ උගෙ පුතෙක්ද
    උඹ කාගේ පුතෙක්ද කියල උඹට තේරෙයි මේ අවුරුද්ද අවසානවෙද්දී, තරහින් නෙමේ කිවුවේ එළකිරි ;)
     
    • Haha
    Reactions: Max_r