රාජ්‍ය ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරයි..🔴❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,947
    48,923
    113
    රාජ්‍ය ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, බත්තරමුල්ලේ පැවති රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමිනි.

    මේ සඳහා කමිටුවක් ද පත් කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.

    රට තුළ ඇති වන ආර්ථික කම්පනයට මුහුණදීම සඳහා ප්‍රමාණවත් තරම් රුපියල් පවතින බව අනුර කුමාර දිසානායක මහතා කීය.

    කෙසේවෙතත් බාහිර කම්පනයකට මුහුණදීමට ආර්ථික ශක්තිමත් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

    භාණ්ඩාගාරයට ලැබෙන ධනය පහළට රැගෙනයාම රාජ්‍ය සේවය විසින් සිදු කළ යුතුය.

    ඒ සඳහා ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් වත්මන් ආණ්ඩුව එය දැඩි ලෙස විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා කියාසිටියේය.

    කෙසේවෙතත් මෙරට රාජ්‍ය සේවය ආකර්ෂණය නොවන බැවින් බොහෝ පිරිස් එය අතහැර යන බවත් වෘත්තීයවේදී රඳවාගැනීමට සමත් රාජ්‍ය සේවයක් රට තුළ ඇතිව නොමැති බවත් අනුර කුමාර දිසානායක මහතා පෙන්වාදෙයි.

    එවන් අසීරු පසුබිමක මූලික වැටුප ඉහළ නැංවීමට තීරණය කළ අතර 2027 වසරේදී වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 110ක් අවශ්‍යව ඇති බැවින් මෙම අයවැය ලේඛනයේදී දීමනා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

    2028 වසරේදී දීමනා ලබාදීම සම්බන්ධයෙන් විශාල ලෙස අවධානය යොමු කරන බවත් එම වසරේදී මූලික වැටුප වැඩි නොවන බවත් ඒ මහතා කීය.

    කෙසේවෙතත් රාජ්‍ය සේවය තුළ රඳවාගැනීමට අත්‍යාවශ්‍ය දීමනා සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇත.

    කෙසේවෙතත් වෘත්තීමය රාජ්‍ය සේවයේ පුරප්පාඩු රැසක් මතුව තිබෙන බවත් දේශපාලන පත්වීම් හේතුවෙන් එම සේවය පහළ මට්ටම් පිරී ඇති බව අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

    එබැවින් ඇතැම් රාජ්‍ය ආයතන වසාදැමීමටත් ඇතැම් ඒවා ඒකාබද්ධ කිරීමටත් තීරණය කර තිබේ.

    ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතන 34ක් වසාදැමීමට තීරණය කර ඇති අතර මේ සඳහා කමිටුවක් ද පත් කර ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    "හැබැයි සිද්ධ වෙලා තියෙන දේ තමයි අපි වෘත්තීමය රාජ්‍ය සේවයේ විශාල පුරප්පාඩුකම් තියෙන ගමන් පහුගිය කාලයේ දේශපාලන පත්වීම් නිසා විශාල ලෙස පහළ පිරිලා තියෙනවා.

    ඒ නිසා අපිට පොඩි තීන්දුවක් ගත්තා. එය රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. හැබැයි සේවය ලබා දීම සඳහා අපි දරන වැය බර වැඩියි. ඒ නිසා අපි තීරණයක් අරන් තියෙනවා සමහර ආයතන වහලා දාන්න. සමහර ආයතන ඒකාබද්ධ කරන්න. දැනට අපි මුදල් අමාත්‍යාංශයෙන් ආයතන තිස් හතරක් වැහීම පිළිබඳ තීරණයක් අරන් තියෙනවා. වහන්න කමිටුවක් පත් කරලා තියෙනවා. එකක් වැහුවොත් දීමනාවක් දෙනවා. වහන එකත් අමාරුයි ඒ තරම්. මොකද මේවා විශාල පැටලිලි සහගතයි. සමහර ආයතන ගොඩනැගුණේ ඇයි? සමහර ආයතන ගොඩනැගෙන යුගයට වඩා දැන් වෙනස් වෙලා තියෙනවා.

    එදා තිබුණු අවශ්‍යතාවය නෙමෙයි අද තියෙන්නේ. එදා සමහර ඒවායින් හිටියේ රාජ්‍ය අංශය විතරයි. හැබැයි අද එළියේ ලොකු පෞද්ගලික අංශයක් තියෙනවා. එතකොට ඒවා අපි විතරක්ම කරන්න ඕනෙද? එක්කෝ ඒවා අපිට අත්හරින්න පුළුවන්ද? පෞද්ගලික අපිට ගන්න එක ලාභද? වෘත්තීයවේදීන් කොහොමද නේද අපි රාජ්‍ය සේවයට බඳවා ගන්නේ? කොහොමද වෘත්තීයවේදීන්ට ආකර්ෂණයක් බවට මේ රාජ්‍ය සේවය පත් කරන්නේ? එහෙම නැත්නම් මම හිතන්නේ අපේ රාජ්‍ය සේවය විශාල අර්බුදයකට මුහුණ දෙනවා."


     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,579
    1
    159,288
    113
    98
    කෑගල්ල
    Happy Yahoo GIF by Quixy
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,948
    1,593
    113
    United States
    රාජ්‍ය ආයතන 34ක්ම එකපාර වහනව කියන්නේ ලොකු තීරණයක් තමයි, ඒත් ඒවගේ වැඩකරපු අයගේ රස්සාවල් වලට මොකද වෙන්නේ කියලත් බලන්න ඕනෙ
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,544
    -502
    113
    ඔය කාලගුන දෙපාර්තමේන්තුව ඔය ලිස්ට් එකේඇති නේත🤣
    උන්ට හරි අමාරුයි prediction දෙන්න. අපි දූපතක්නෙ.. වෙන ලග රටවල දත්ත එන්නෙ නෑනෙ අපිම ගන්න ඒවනෙ තියෙන්නෙ. Location එකත් එක්ක මාර විදිහට ඉක්මනට වෙනස් වෙනව මෙහෙ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,966
    8,733
    113
    උන්ට හරි අමාරුයි prediction දෙන්න. අපි දූපතක්නෙ.. වෙන ලග රටවල දත්ත එන්නෙ නෑනෙ අපිම ගන්න ඒවනෙ තියෙන්නෙ. Location එකත් එක්ක මාර විදිහට ඉක්මනට වෙනස් වෙනව මෙහෙ
    Ow apitama kiyala Sat ekak naha. Godak EU, Japan walin ganna ewa predict karanne.
     
    • Sad
    Reactions: Tricle_Buwa

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,201
    9,619
    113
    wahuwama owage weda karapu unwa as krnwada?
    unwa wena then walata maru kaloth eken wenne, rajya viyadama wena department ekakata maru wena eka vitharai
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,563
    21,292
    113
    හස්තිශෛලපුර
    උන්ට හරි අමාරුයි prediction දෙන්න. අපි දූපතක්නෙ.. වෙන ලග රටවල දත්ත එන්නෙ නෑනෙ අපිම ගන්න ඒවනෙ තියෙන්නෙ. Location එකත් එක්ක මාර විදිහට ඉක්මනට වෙනස් වෙනව මෙහෙ

    yep eka atta.. itin mokatada oka tiyagena?
     
    • Sad
    Reactions: Tricle_Buwa

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,505
    6,080
    113
    තීරණය හරි. නාම පුවරුව විතරක් තියෙන, වැඩක් නැති ආයතන බදු සල්ලිවලින් පවත්වාගෙන යන එක නවත්තන්න ඕන. ඒ ගැන වාදයක් නෑ.

    හැබැයි ඇත්ත ප්‍රශ්නය තීරණය නෙමේ ක්‍රියාත්මක කරන හැටි. සේවකයෝ ටික වෙන දෙපාර්තමේන්තුවලට මාරු කරලා දැම්මොත් ඉතිරි වෙන්නේ වියදම තැනින් තැනට මාරු වීම විතරයි. ලැයිස්තුවයි, තෝරාගත්ත මිනුම්දඬුයි ප්‍රසිද්ධ කරලා දාන්න. වහන තැන සේවකයාට සාධාරණ දීමනාවක් ලැබෙන්න ඕන මේ අවුල හැදුවේ පහළ ඉන්න මිනිස්සු නෙමේ, උඩින් දේශපාලන පත්වීම් දුන්නු අය.

    තව එකක්: ආයතන කියන්නේ ගොඩනැගිලි නෙමේ, මිනිස්සු. ක්‍රමය ඒ විදිහටම තියෙද්දී ආයතන විතරක් වහලා දැම්මොත්, අවුරුදු කීපයකින් අලුත් නම්වලින් ඒ වගේම ආයතන ආයෙත් හැදෙනවා. වහන එකට වඩා අමාරු වැඩේ තමයි ඉතිරි වෙන ටික හරියට පවත්වන එක.

    ඒ නිසා මම බලන්නේ ප්‍රකාශය දිහා නෙමේ ලැයිස්තුවයි, කරන විදිහයි දිහා. ඒක හරියට වුණොත්, මේක ඇත්තටම හොඳ පියවරක්.