🔴 ඥානසාර හාමුදුරුවෝ ගිහි ඇඳුමෙන්! හැමෝම කතා කරන වස් කවියේ ඇත්ත කතාව එළියට 🔥

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    🔥 උණුසුම් පුවත 🔥​

    ඥානසාර හාමුදුරුවන් ගිහි ඇඳුමෙන් දැකීමෙන් පස්සේ ඇතිවුණු ලොකු කතාබහ මැද හැදුණු, මේ දවස්වල හැමතැනම පැතිරෙන "වස් කවිය" පිටුපස ඇත්ත කතාව දැන් එළියට ඇවිත්!

    මේ වස් කවිය ලිව්වේ "වෙනස් කරමු" පිටුවේ චන්දන සුද්දා. සංගීතය කළේ ඉරාජ් වීරරත්න. ඥානසාර හාමුදුරුවෝ ගිහි ඇදුමෙන් ඉන්නවා දැකලා ඇතිවුණු සංවාදයේදී ආපු අදහස්වලට හිතුණු වචන අමුණලා තමයි මේ කවිය හැදුණේ කියලා ඔහුම දැන් කියලා තියෙනවා.

    "යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්
    සිරි සම්බුදු සසුනට කල නස්පැත්තිය බලාපන්
    චීවරයට නිගා දෙවන පරයන් බිම හෙලාපන්
    බොරුවෙන් රජ වූ එකාට නැති වෙන්නම තලාපන්"
    ​

    ඔහුගේ පැහැදිලි කිරීමට අනුව වජ්‍රපාණී කියන්නේ තේරවාද බුදුදහමේදී ශක්‍ර දේවෙන්ද්‍රයාටයි, මහායාන සම්ප්‍රදායේදී බලවත් දේව චරිතයකටයි. සච්චක සූත්‍රයේදීත් වජ්‍රපාණී පෙනී ඉන්නේ බුදුරජාණන් වහන්සේට උපකාර පිණිසයි. ඉතින් මේ වචන ටිකට කාගේහරි හිත රිදෙනවනම්, ඒ කෙනා චීවරයට නිගා කරලා හරි බොරුවෙන් රජවෙලා හරි තියෙන්න ඕනෙ කියලයි ඔහු කියන්නේ.

    "මාරයා පැරදුනේ බුදුන්ට" කියන තේමාවෙන් හැදුණු මේ ගීතය ගැන ඔබේ අදහස මොකක්ද?

    මුලාශ්‍රය 👇
    https://youtube.com/post/UgkxLht1AIe3-4VHhNpiP-sZbOgpMxqsxyMR
     
    • Like
    Reactions: ewijesekara