ලෝකයේ වෙබ්අඩවිවලින් සියයට 70කට ආසන්න ප්රමාණයක් බලගන්වන PHP ක්රමලේඛන භාෂාවේ බරපතල ආරක්ෂක දෝෂ දෙකක් හමුවීමත් එක්ක ලෝකෙ පුරාම ලොකු කලබලයක් ඇතිවෙලා තියෙනවා. CVE-2026-109618 සහ CVE-2026-109619 කියන මේ දෝෂ දෙකට ලැබිලා තියෙන්නේ CVSS ලකුණු 9.2ක් වගේ ඉහළ අවදානම් මට්ටමක්. මේකෙන් වෙන්න පුළුවන් ලොකුම දේ තමයි username එකක් password එකක් නැතුව දුර ඉඳලම server එකට ඇතුළු වෙලා ඒකේ සම්පූර්ණ පාලනය අත්පත් කරගන්න hacker කෙනෙක්ට පුළුවන් වෙන එක.
විශේෂම දේ තමයි අවුරුදු දහයකට වැඩි කාලයක් කාටවත් නොපෙනී තිබුණු මේ දෝෂ දෙක හොයාගෙන තියෙන්නේ කෘත්රිම බුද්ධිය (AI) පාවිච්චි කරලා. Wiz සහ Calif කියන සයිබර් ආරක්ෂක සමාගම් AI ආධාරයෙන් මේවා හොයාගෙන තියෙන අතර විශේෂඥයෝ කියන්නේ මේක PHP ඉතිහාසයේම හමුවුණු දරුණුම ආරක්ෂක ගැටලුව කියලයි. සමහරු මේක 2014 අවුරුද්දේ ලෝකෙම හෙල්ලූ Heartbleed දෝෂයටත් සමාන කරනවා.
දෝෂය ගැන විස්තර ඔක්තෝබර් 20 වෙනිදා අන්තර්ජාලයට leak වුණාට පස්සේ PHP කණ්ඩායම ඔක්තෝබර් 21 වෙනිදා හදිසි ආරක්ෂක update එකක් නිකුත් කළා. ඇමරිකාවේ NSA ආයතනය, යුරෝපා සංගමයේ CERT-EU එක සහ එංගලන්තයේ NCSC එක ඇතුළු ලෝකෙ පුරාම සයිබර් ආරක්ෂක ආයතන කියන්නේ update එක දාගන්න බැරි නම් වෙබ්අඩවිය තාවකාලිකව offline කරන්න කියලයි. Cloudflare සමාගම කියන විදියට මේ දෝෂයෙන් ප්රයෝජන ගන්න දැනටමත් ප්රහාරක උත්සාහයන් දහස් ගණනක් වාර්තා වෙලා තියෙනවා.
මේ නිසා ෆින්ලන්ත රජයේ වෙබ් සේවා, නෙදර්ලන්තයේ සහ කැනඩාවේ රජයේ වෙබ්අඩවි ගණනාවක්, BBC එකේ වැඩසටහන් පිටු කිහිපයක් සහ Wikipedia එක පවත්වාගෙන යන Wikimedia පදනමේ පද්ධති කිහිපයක්ම තාවකාලිකව අක්රිය කරන්න සිද්ධ වුණා. WordPress, Drupal, Joomla, Magento වගේ ජනප්රිය පද්ධතිත් PHP මතම දුවන නිසා වෙබ්අඩවි තියෙන හැමෝම තමන්ගේ PHP version එක පරීක්ෂා කරලා අලුත්ම ආරක්ෂක update එක දාගන්න කියලා තමයි විශේෂඥයෝ අවධාරණය කරන්නේ. ශ්රී ලංකා CERT ආයතනයත් මේ ගැන අනතුරු ඇඟවීමක් නිකුත් කරලා තියෙනවා.
මූලාශ්ර:
https://adaderana.lk/news/250395
https://www.usatoday.com/story/news...rability-php2shell-updates--live/92362348007/