තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 561කට වඩා අධිකයි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 561කට වඩා අධිකයි
    https://sinhala.adaderana.lk/news/253580 · අද දෙරණ

    MediaFile_20261024_160932_192.jpg


    මාතර, තලල්ල, නාඔටුන්න මුහුද සහ වෙරළ ප්‍රදේශයේදී අද (24) පෙරවරුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් සොයාගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය බර කිලෝ 561 ග්‍රෑම් 705ක් බව ආරක්ෂක අංශ පවසයි.

    එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 321යි ග්‍රෑම් 941ක් සහ අයිස් කිලෝ 239යි ග්‍රෑම් 764ක් තිබූ බවට තහවුරුවී ඇත.

    ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර 10ක්, ගමන් මළු 11ක් සහ එම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ බවට සැකකෙරෙණ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

    එම මත්ද්‍රව්‍ය තොගයේ දල වීථි වටිනාකම රුපියල් බිලියන 11.8 කට අධික බවට විශ්වාස කෙරෙන අතර, මත්ද්‍රව්‍ය තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙනු ලැබීය.
     
    • Haha
    Reactions: Tonto

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    මයිනා හිටියා නම් ලන්සාව බදාගත්තා වගේ ගිහින් බදාගනී
    මීගමුවෙ හෙලිකොප්ටර් සංදර්ශනේ තාම මතකයි හැමෝටම 😂
     
    • Love
    Reactions: Anyhacker