'දුම්රිය -බස්' අනතුරේ රෝගීන් ගැන ගාල්ල ජාතික රෝහලේ නි. අධ්‍යක්ෂ ජනරාල්‍ගෙන් පැහැදිලි කිරීමක්
https://sinhala.adaderana.lk/news/253619 · අද දෙරණ
හබරාදූව පොලිස් වසමේ කොක්ගල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී අද (25) දහවල් බස් රථයක් දුම්රියක ගැටී සිදු වූ අනතුරින් ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලට මේ වන විට රෝගීන් 9 දෙනෙකු ඇතුළත් කර ඇති බව ගාල්ල ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පැවසීය.
ඇතුළත් කළ පිරිස අතර අවුරුදු 14ක පමණ දරුවෙකු ද වන අතර, එම දරුවාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදු වූ තුවාල හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනයක් හටගෙන ඇති බවද පැවසීය. ඒ හේතුවෙන් මේ වන විට එම දරුවා හදිසි ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව වෛද්‍යවරයා සඳහන් කළේය.
තවත් රෝගියෙකුගේ තත්ත්වය තරමක් බරපතළ වුවද, ඔහුට දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයක් නොමැති බව වාර්තා වේ.