ප්‍රංශය සහ ස්පාඤ්ඤය පුරා දැවැන්ත විරෝධතා — සිය ගණනක් අත්අඩංගුවට
ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ඊයේ (ඔක්තෝබර් 24) පැවති දැවැන්ත විරෝධතා අවසානයේ ගැටුම්වලින් කෙළවර වුණා. ජීවන වියදම ඉහළ යාමට සහ පාසල් අධ්‍යාපනයේ ගැටලුවලට විරෝධය පළ කරමින් ප්‍රංශය පුරා ලක්ෂ ගණනක් පාරට බැස්සා. රජයේ සංඛ්‍යා අනුව 410,000ක් සහභාගි වුණා කියද්දී වෘත්තීය සමිති කියන්නේ 800,000ක් විතර එකතු වුණා කියලා. පැරිස් නුවර පමණක් 110,000ත් 250,000ත් අතර පිරිසක් පෙළපාලියට එකතු වුණා.
කැරලි මර්දන පොලිසිය පැරිස්, මාර්සෙයි, ලියොන්, බෝඩෝ ඇතුළු නගර රැසක කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. ප්‍රංශය පුරා 70,000ක ආරක්ෂක හමුදා යොදවලා තිබුණත් අත්අඩංගුවට පත් වූ ගණන 1,000ට ආසන්නයි. ටූලූස් සහ ක්ලෙයාමොන්-ෆෙරාන් නගරවල දෙදෙනෙක් බරපතල ලෙස තුවාල ලැබුවා. පැරිසියේ බොහෝ සාප්පු ජනේල ආවරණය කරලා, ලූවර් සහ ඕර්සේ කෞතුකාගාර පවා එදින වසා දැමුවා.
ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර ප්ලාසා ද කැටලුන්යා අවට රාත්‍රියේ ඇති වූ කලහකාරී තත්ත්වයෙන් 128 දෙනෙක් අත්අඩංගුවට පත් වුණා. ඔවුන්ගෙන් 73 දෙනෙක් බාලවයස්කරුවන්. වෙළඳසැල් 14කට හානි වෙලා, ගිනි 30කට වැඩියෙන් ඇවිලුණා, පොලිස් නිලධාරීන් 15 දෙනෙක් තුවාල ලැබුවා. මැඩ්රිඩ් නුවර විශ්‍රාම වැටුප් වැඩි කරන්න ඉල්ලමින් 20,000කට වැඩි පිරිසක් පෙළපාලි ගියා.
වීඩියෝව: