තම බිස්කට් කම්හලේ සේවිකාවට අතවර කළ මාලිමා ප්‍රා.මන්ත්‍රී රිමාන්ඩ්

Mr.Mark

Active member
  • Jul 23, 2018
    169
    176
    43
    තමන්ට අයත් කර්මාන්තශාලාවක සේවය කළ තරුණ සේවිකාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන පොල්ගහවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජේසිංහ ආරච්චිලාගේ දිනේෂ් සමන්ත කුමාර විජේසිංහ නැමැත්තාය.

    සැකකාර මන්ත්‍රීවරයාට අයත් බිස්කට් නිෂ්පාදන කම්හලක සේවය කරන විසි හැවිරිදි තරුණියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොතුහැර පොලිසිය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අදාළ කාන්තාවට ලිංගික හිරිහැර සිදුකිරීම සම්බන්ධයෙන් ලැබුණු එම පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.

    පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පොල්ගහවෙල මහේස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය අද (22) නියෝග කළේ අදාළ මන්ත්‍රීවරයා එළඹෙන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

    (ඇත්තද බොරුද දන්නෙ නෑ . උපුටා ගත්තෙ මෙතැනින් :oops: : https://www.sansaraya.com/2026/10/prime-minister-malima.html
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    විසි හැවිරිදි කෙල්ලෙක් පැමිණිල්ලක් දාලා තියෙද්දි, 05 වෙනකන් රිමාන්ඩ් කරලා තියෙන එකෙන් පේනවා කේස් එක බරපතලයි කියලා.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    තමන්ට අයත් කර්මාන්තශාලාවක සේවය කළ තරුණ සේවිකාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන පොල්ගහවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජේසිංහ ආරච්චිලාගේ දිනේෂ් සමන්ත කුමාර විජේසිංහ නැමැත්තාය.

    සැකකාර මන්ත්‍රීවරයාට අයත් බිස්කට් නිෂ්පාදන කම්හලක සේවය කරන විසි හැවිරිදි තරුණියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොතුහැර පොලිසිය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අදාළ කාන්තාවට ලිංගික හිරිහැර සිදුකිරීම සම්බන්ධයෙන් ලැබුණු එම පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.

    පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පොල්ගහවෙල මහේස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය අද (22) නියෝග කළේ අදාළ මන්ත්‍රීවරයා එළඹෙන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

    (ඇත්තද බොරුද දන්නෙ නෑ . උපුටා ගත්තෙ මෙතැනින් :oops: : https://www.sansaraya.com/2026/10/prime-minister-malima.html

    පොතුහැර පොලිසිය පරක්කු වුනේ නෑ, ඒක හොඳයි. දැන් බලන්න තියෙන්නෙ කම්හලේ අනිත් කෙල්ලො කී දෙනෙකුට මේක වෙලා තියෙනවද කියල විතරයි. මන්ත්‍රී කෙනෙක් නිසා නඩුව ඇදෙනවා නම් ඒක අපිටම තමා පාඩුව
     
    Last edited:

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    3,007
    3,130
    113
    Birmingham
    ඔහු මාලිමාවේ නම්, සේවිකාව වැඩ කරන්නේ ඔහුගේ බිස්කට් එකේ නම්, එයාට දුශනේ කරන්න බැරිද.
     
    • Haha
    Reactions: Sonik Sonik

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,742
    113
    Heaven
    GraphicsGods.com
    ඔහු මාලිමාවේ නම්, සේවිකාව වැඩ කරන්නේ ඔහුගේ බිස්කට් එකේ නම්, එයාට දුශනේ කරන්න බැරිද.

    පයියක් තියෙනවනම් පුලුවන්. ඔය කරල තියෙන්නෙ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,243
    27,240
    113
    Fantasy
    මට තියෙන එකම ප්‍රශ්නෙ මොකක්ද ඒ බිස්කස් බ්‍රෑන්ඩ් එක
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    මට තියෙන එකම ප්‍රශ්නෙ මොකක්ද ඒ බිස්කස් බ්‍රෑන්ඩ් එක
    බ්‍රෑන්ඩ් එක නම් කියලා නෑ යකෝ, මූ ප්‍රා.මන්ත්‍රී කෙනෙක් නිසා කාටවත් බ්‍රෑන්ඩ් එක මතක නෑ. ඒත් ප්‍රශ්නෙ ඒක නෙවෙයි. වයස 20ක කෙල්ලෙක් තමන් වැඩ කරන තැනින් අතවරයක් වුනාම පොලිසියට යන්න වෙනවා. මාලිමාව කම්කරු අයිතිවාසිකම් ගැන කතා කරනවා, ඒත් මේක උන්ගෙම මන්ත්‍රී කෙනෙක්ගෙ ෆැක්ටරියක
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,198
    104,276
    113
    කම්කරුවන්ට ව්‍යාපාර හිමි ධනපතීන් අතින් වෙන්න පුළුවං අකටයුතුකම් පෙන්නුවා වෙන්න බැරිද?