🚨| Arash sexually harassed by a female fan during his concert in Sri Lanka

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,298
    2
    5,829
    113


    පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වූ ජාත්‍යන්තර ගායක Arash හට ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් ලිංගික අතවර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. ප්‍රසංගය අතරතුරදී අදාළ කාන්තාව විසින් ඔහුගේ අනුමැතියකින් තොරව ඔහුව අනවශ්‍ය ලෙස ස්පර්ශ කරමින් සිප ගනිමින් මෙම අතවරය සිදු කර ඇති බවයි එම දර්ශනවලින් පැහැදිලි වන්නේ.
    මෙහිදී සමාජ මාධ්‍ය තුළ දැඩිව සාකච්ඡා වන ප්‍රධානතම කරුණ වන්නේ සමාජයේ පවතින ද්විත්ව ප්‍රමිතියයි (double standard). පිරිමියෙකු විසින් කාන්තාවකට මෙවැනි දෙයක් සිදු කළේ නම් එය වහාම බරපතළ ‘ලිංගික අතවරයක්’ ලෙස සලකා නීතිමය පියවර ගැනීමට පවා සමාජය පෙළඹෙනු ඇත. එබැවින් කාන්තාවක් විසින් පිරිමියෙකුට මෙවැනි දෙයක් සිදු කළ විට එය හුදෙක් රසිකත්වයක් හෝ විහිළුවක් ලෙස ලඝු නොකර, එයද පැහැදිලිවම ලිංගික අතවරයක් ලෙසම සැලකිය යුතු බවට බොහෝ දෙනා දැඩි මතයක් පළ කරනවා.
    කලාකරුවෙකුට වුවද තම පෞද්ගලිකත්වය සහ ආරක්ෂාවට අයිතියක් ඇති අතර, ස්ත්‍රී පුරුෂ භාවය කුමක් වුවත් යම් පුද්ගලයෙකුගේ කැමැත්තකින් තොරව සිදුකරන මෙවැනි ඕනෑම ස්පර්ශ කිරීමක් අතවරයක් ලෙස සමාජය විසින් හඳුනාගත යුතු බවයි බොහෝ දෙනා පවසන්නේ.

    The Sri com
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,563
    2,065
    113
    United States
    කවුරු කළත් කැමැත්ත නැතුව ඔහොම අල්ලන එක අතවරයක් තමයි, මේක විහිළුවක් වගේ ගන්න එකනම් වැරදියි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,697
    1
    16,576
    113
    Ithing aru moko kiyanne

    Dog Smirk GIF
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,867
    15,221
    113
    Milagiriya
    INNA ලංකාවට ඇවිල්ලා Sunfest එකේ සින්දු කියද්දිත් බේබදු තඩියෙක් stage එකට නැගලා එයාව ඉස්සුවා නේද 🤭
     

    Similar threads