ප්‍රංශ කොල්ලකරුවන්ට ලැබුණු අමතක නොවන පාඩම
මෑතකදී ප්‍රංශයේ හටගත් ප්‍රචණ්ඩකාරී කැරලි අතරතුර ලෝක ප්‍රසිද්ධ Apple Store එකක් කඩා බිඳ දමා අයිෆෝන් ලක්ෂ ගණනක් කොල්ලකරුවන් පැහැරගත්තේය.අපරාධකරුවන් සිතුවේ තමන් තාක්ෂණයට වඩා ඉදිරියෙන් සිටින බවයි.ඔවුන් සිතුවේ මෙම දුරකථන විකුණා මුදල් ලබා ගැනීමටය
සාමාන්‍යයෙන් කඩයක ප්‍රදර්ශනයට තබා ඇති ඩිජිටල් උපාංග (Display models) සාමාන්‍ය පාරිභෝගිකයන් මිලදී ගන්නා දුරකථනවලට වඩා ගොඩක් වෙනස්. ඇපල් සමාගම මේවාට "Demo Software Profile" නමින් හැඳින්වෙන අතිශය රහසිගත ආරක්ෂක මෘදුකාංගයක් සවිකර තිබෙනවා. කොල්ලකරුවන් ඉතා උද්දාමයෙන් මේවා කඩසාප්පුවලින් උස්සාගෙන පලා ගියත්, ඔවුන් නොදත් කාරණයක් තිබුණා. මෙම දුරකථන ඇපල් වයි-ෆයි (Wi-Fi) කලාපයෙන් ඉවතට ගත් සැණින්, එහි අභ්‍යන්තර ස්වයංක්‍රීය "Kill Switch" මොහොතින් ක්‍රියාත්මක වනවා
එතැන් පටන් එම අයිෆෝන් යනු හුදෙක් හිස් ලෝහ සහ වීදුරු කැබලි පමණි! තිරය සම්පූර්ණයෙන්ම සදාකාලිකව අගුළු වැටෙන (Locked permanently) අතර, එය මත දැවැන්ත අනතුරු ඇඟවීමේ පණිවිඩයක් පමණක් දිස්වේ. "මෙම උපාංගය අක්‍රිය කර ඇති අතර, මෙහි පිහිටීම නිරන්තරයෙන් නිරීක්ෂණය කෙරේ. වහාම බලධාරීන්ට භාර දෙන්න."
වඩාත්ම විස්මිත සහ බියකරුම තාක්ෂණික සත්‍යය නම්, මෙම අයිෆෝන් ක්‍රියා විරහිත කර තිබුණත්, ඒවා තුළ ඇති GPS සහ සැටලයිට් තාක්ෂණය හරහා කොල්ලකරුවන් සැඟවී සිටින නිශ්චිත ස්ථානය සජීවීව (Live tracking) ඇපල් ආරක්ෂක අංශ සහ ප්‍රංශ පොලිසිය වෙත රහසින් යැවීමයි. ප්‍රතිඵලය? හොරකම් කළ ෆෝන් එකක් පාවිච්චි කරන්න තබා, එය අතේ තබාගෙන සිටින තැනටම පොලිසිය පැමිණ ඔවුන්ව අත්අඩංගුවට ගත්තා!
මෙය හුදෙක් සොරකමක් වැළැක්වීමක් පමණක් නොව, නවීන තාක්ෂණය කොතරම් දුරට බුද්ධිමත්ව අපරාධ මැඩපැවැත්වීමට යොදාගත හැකිද යන්න පිළිබඳ කදිම කණ්ඩායම් ආදර්ශයකි. සොරුන් සිතුවේ ඔවුන් දිනුම් කියාය, නමුත් අවසානයේදී ඔවුන්ගේම අතේ තිබූ උපකරණ ඔවුන්ව කොටු කර දුන්නේ තාක්ෂණයේ අපරාජිත බලය යළිත් වරක් ලෝකයාට පෙන්වා දෙමිනි