🔴 හෙට ඊශ්‍රායල මැතිවරණය — ඡන්දයට බාධා කළොත් අසමාන පහරක් කියලා නෙතන්යාහු ඉරානයට අනතුරු අඟවයි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    🔴 හෙට ඊශ්‍රායල මැතිවරණය — නෙතන්යාහුගෙන් ඉරානයට තද අනතුරු ඇඟවීමක්

    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ වීඩියෝ පණිවිඩයකින් ඉරානයට සහ එහි මිත්‍ර පාර්ශ්වවලට අනතුරු ඇඟෙව්වා — හෙට (ඔක්තෝබර් 27) පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට බාධා කරන්න උත්සාහ කළොත් "අසමාන පහර" (disproportionate blows) එල්ල කරන බවයි.

    ඊශ්‍රායල බුද්ධි අංශවලට තොරතුරු ලැබිලා තියෙනවා ඉරානය සහ එහි proxiesලා ඡන්දය කඩාකප්පල් කරන්න ප්‍රහාර එල්ල කරන්න පුළුවන් කියලා. "අපිව පරීක්ෂා කරන්න එපා" කියලා නෙතන්යාහු කිව්වා, ඊශ්‍රායල හමුදාව ආරක්ෂක වගේම ප්‍රහාරක මෙහෙයුම් දෙකටම සූදානම් කියලත් ඔහු කිව්වා.

    ඉරිදා ඔහු AI වලින් හදපු Tel Aviv එක උඩ mushroom cloud එකක් පෙන්නන පින්තූරයක් පළ කළා, ඉරානය ඊශ්‍රායලයට පැවැත්මේ තර්ජනයක් කියලා. මීට කලින් සතියේ ඔහු කිව්වා ඉරාන පූජක ආණ්ඩුව පෙරළන්න ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා කියලා. ඒ වගේම ජනාධිපති ට්‍රම්ප් එක්ක phone එකෙන් කතා කරමින් fighter jet එකක් ඉස්සරහ ඉඳලා ගත්ත වීඩියෝ එකකුත් ඔහු share කළා — දෙන්නම "finish the job" එකට කරනවා කිව්වා.


    ඇමරිකාවත් මැදට — ප්‍රහාර කල් දැමීම

    IDF ප්‍රධානී Eyal Zamir ඇමරිකානු හමුදා ප්‍රධානියාට අනතුරු ඇඟෙව්වලු ඡන්දයට කලින් ඉරානයට පහර දුන්නොත් ඡන්දය කඩාකප්පල් වෙනවා කියලා. ඒ නිසා ඇමරිකාව නෙතන්යාහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා — ඡන්දයට කලින් ඉරානයට එකට පහර දෙන්න ට්‍රම්ප් ආණ්ඩුව green light දුන්නේ නෑ කියලා වාර්තා වෙනවා. ප්‍රහාර දැන් කල් දාලා තියෙන්නේ, ඒත් ඇමරිකානු midterms වලින් පස්සේ ඉරාන යුද්ධය ආයෙත් පටන් ගන්න සූදානම් කියලත් වාර්තා වෙනවා.

    ට්‍රම්ප් සෙනසුරාදා කිව්වා අලුත් ප්‍රහාර එල්ල කරන්නත් පුළුවන්, "ලස්සන ලොකු ගිවිසුමක්" එන්නත් පුළුවන් කියලා. මතකනේ — ඇමරිකාවයි ඊශ්‍රායලයයි පෙබරවාරි 28 ඉරානයට පහර දුන්නා, ඉරාන උත්තරීතර නායකයා ඝාතනය වුණා, ඉරානය Gulf එකේ ඇමරිකානු කඳවුරුවලට පහර දීලා Hormuz සමුද්‍ර සන්ධිය වහලා දැම්මා. අප්‍රේල් 8 සටන් විරාමයක් ආවා, ඒත් ජූනි ගිවිසුම කැඩිලා ගිහින් තියෙනවා.


    හෙට ඡන්දය — සමීක්ෂණ කියන්නේ මොකද?

    හෙට ඊශ්‍රායල වැසියෝ Knesset එකේ ආසන 120ටම ඡන්දය දෙනවා. අවසන් සමීක්ෂණවලට අනුව කිසිම කණ්ඩායමකට ආණ්ඩුවක් හදන්න ඕනේ ආසන 61 ලැබෙයි කියලා පේන්නේ නෑ.

    • හිටපු හමුදාපති ගාඩි අයිසෙන්කොට්ගේ Yashar පක්ෂයට ආසන 20–24ක් විතර (එක සමීක්ෂණයක 26ක්)
    • නෙතන්යාහුගේ Likud එකට 18–22ක් විතර — ඒත් Channel 14 එක විතරක් Likud එකට 30ක්, නෙතන්යාහු කණ්ඩායමට 62ක් කියලා වෙනස්ම ප්‍රතිඵලයක් දුන්නා
    • තුන්වෙනි තැන Bennettගේ B'Yachad එකට 14–15ක්
    • විපක්ෂ කණ්ඩායමට මුළු 54–56ක්, නෙතන්යාහුගේ සන්ධානයට 50ක්, අරාබි පක්ෂවලට 14–16ක්
    • පක්ෂයක් Knesset එකට එන්න ඡන්ද 3.25%ක් ගන්න ඕනේ — ඒ නිසා පොඩි පක්ෂ ටික තීරණාත්මකයි

    මේ ඡන්දය නෙතන්යාහුගේ නායකත්වයට ජනතා විශ්වාසය පරීක්ෂා කරන එකක් විදියට සැලකෙනවා — 2023 ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පස්සේ ගාසා යුද්ධය අවුරුදු 3ක් ගියා, hostages ප්‍රශ්නය, ultra-Orthodox අයගේ හමුදා සේවයෙන් නිදහස් වීම, ජීවන වියදම, අධ්‍යාපනය — මේ ඔක්කොම ඡන්දයේ ප්‍රධාන මාතෘකා.


    විදේශගත ඊශ්‍රායල වැසියෝ ඡන්දය දාන්න ගෙදර එනවා

    විදේශගතව ඉන්න ගොඩක් ඊශ්‍රායල වැසියන්ට දුර ඉඳලා ඡන්දය දාන්න බෑ — ඡන්දය දාන්න ගෙදර එන්නම ඕනේ. Channel 13 වාර්තාවට අනුව ඔක්තෝබර් 17–27 අතර පිටත්ව ගිය අය 245,000යි (2025දී 270,000යි, 2022 ඡන්ද කාලේ 323,000යි) — ඒ කියන්නේ මිනිස්සු ඡන්දය නිසා ගමන් කල් දාලා. ඇතුළට එන අය පිටත්ව යන අයට වඩා 90,000කින් වැඩියි — ඒක Knesset ආසන 2කට විතර සමානයි කියලා ගණන් බලලා තියෙනවා. ඊශ්‍රායලයේ පළවෙනි අගමැතිගේ මුණුපුරා Alon Ben-Gurionත් ඇමරිකාවේ ඉඳලා ඇවිත් Tiberias වල ඡන්දය දාන්න සූදානම්.

    තවත් පෙරළියක් — Achi පක්ෂයේ ballot අයින් කරයි

    ඔක්තෝබර් 25 මධ්‍යම මැතිවරණ කමිටුව ultra-Orthodox Achi පක්ෂයේ ballot slips ඔක්කොම ඉවත් කළා — ඒ පක්ෂයේ අපේක්ෂකයෝ ඔක්කොම ඉවත් වුණ නිසා. ඒ කියන්නේ Achi එකට දාන ඕනෑම ඡන්දයක් වලංගු නැති ඡන්දයක් වෙනවා — විදේශගතව ඉඳලා දැනටමත් ඡන්දය දාපු සොල්දාදුවන්ගේ සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ඡන්දත් ඇතුළුව.

    ඡන්දයෙන් පස්සේ exit polls එනවා, ඊට පස්සේ තමයි කවුද ආණ්ඩුව හදන්නේ කියලා තීරණය වෙන්නේ — නැත්නම් ඊශ්‍රායලය ආයෙත් දේශපාලන අවිනිශ්චිත කාලයකට යයි.


    717472


    https://www.news18.com/world/netany...ns-disproportionate-blows-ws-kl-10397272.html
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,427
    18,834
    113
    ඕක නිසා තමයි මාසෙකට කලින් පයිප්ප බාස් කෙනෙක් පයිලට් කෙනෙක් වෙලා ප්ලේන් එකක් බේර ගත්තේ
     
    • Love
    Reactions: Anyhacker