"කජ්ජා" ඝාතනයේ ප්රධාන සැකකාරිය අත්අඩංගුවට
https://sinhala.adaderana.lk/news/253719 · අද දෙරණ
හුංගම ප්රදේශයේදී "කජ්ජා" නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා අත්යවශ්යව සිටි ප්රධාන පෙළේ සැකකාරියක් වන අචිනි නොහොත් අනෝෂා ලක්මාලි නැමැති කාන්තාව ඩුබායි රාජ්යයේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණි.
මිද්දෙණිය, කටුවන ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ඝාතනයට ලක් වූ "කජ්ජා" නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති අත්තේ, ඝාතනයට ලක්වන අවස්ථාව වන විට "කජ්ජා" වෙත අවසාන දුරකථන ඇමතුම සහ කෙටි පණිවිඩය ලබා දී ඇත්තේ ද මෙම සැකකාරිය බවය.
තවද, "බැකෝ සමන්" නැමැත්තාගේ උපදෙස් මත, ආහාර ගැනීම සඳහා "කජ්ජා" සහ දරු දෙදෙනා අදාළ අවන්හල වෙත උපායශීලීව කැඳවාගෙන යාම සිදු කර ඇත්තේ ද ඇය විසින් බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ.