සෞදි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු අනෝජන් සිවරාසා හමුවූ ශ්‍රී ලංකා තානාපති ඉදිරි නීතිමය පටිපාටිය ගැන සාකච්ඡාවක

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    සෞදි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු අනෝජන් සිවරාසා හමුවූ ශ්‍රී ලංකා තානාපති ඉදිරි නීතිමය පටිපාටිය ගැන සාකච්ඡාවක
    https://hirunews.lk/496493/sri-lank...e-court-ruling-discusses-future-legal-process · හිරු සිංහල

    1793063479_2575093_hirunews.jpg


    සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව, මරණ දඬුවම අහෝසි කර නඩුව නැවත විභාග කිරීමට තීරණය කිරීමෙන් අනතුරුව, සෞදි අරාබියේ දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින අනෝජන් සිවරාසාව හමුවීමට සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් ඊයේ (27) දින බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.

    මෙම හමුවේදී ඉදිරියට පැවැත්වීමට නියමිත අධිකරණ ක්‍රියාපරිපාටිය පිළිබඳව අනෝජන් සිවරාසාව දැනුවත් කිරීම සහ අවශ්‍ය නීතිමය හා තානාපති සහායන් ලබාදීම පිළිබඳව සාකච්ඡා වූ බවයි රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

    සෞදි අරාබියේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සහ නීතිමය පටිපාටියට පූර්ණ ගෞරවය දක්වමින්, ඉදිරි නඩු විභාගයන් සඳහා සිවරාසා, ඔහුගේ නීතිඥ මණ්ඩලය සහ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතර සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කම තානාපති අමීර් අජ්වාඩ් මෙහිදී අවධාරණය කර තිබෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    will the wise

    Member
    Sep 5, 2026
    26
    8
    3
    අච්චර ළමා දූෂණවලට සහය වුණ එකට වැරදිකරු වුණ ghislaine maxwell ටත් අවුරුදු 20 හිරේ ගියේ. fb post එකකට තව රටක මරණ දණඩණේ දෙන්න යනවා. රට රටවල්වල නීතිය වෙනස් වෙනවා නිකන් අහසට පොළොව වගේ.
     
    Last edited:
    • Love
    Reactions: Anyhacker