බෙංගාල බොක්කේ පීඩන අවපාතයක් - සුළි කුණාටුවක් දක්වා වර්ධනයවීමේ ඉතා ඉහළ සම්භාවිතාවක්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    බෙංගාල බොක්කේ පීඩන අවපාතයක් - සුළි කුණාටුවක් දක්වා වර්ධනයවීමේ ඉතා ඉහළ සම්භාවිතාවක්
    https://sinhala.adaderana.lk/news/253970 · අද දෙරණ

    MediaFile_20261031_134952_991.jpg


    ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද අන්දමන් හා නිකොබාර් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනයවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම පද්ධතිය බටහිර-වයඹ දෙසට ගමන් කරනු ඇති බවය.

    ඒ අනුව එය අද (31) රාත්‍රී 11.30ට පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    මෙය තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කරමින්, හෙට (01) පෙරවරු 11.30ට පමණ වනවිට ගිනිකොණදිග සහ ඊට යාබද නිරතදිග හා බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බව සඳහන්ය.
     
    • Sad
    Reactions: eksudda

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    Peedana Awapatha enne naha AKD kiyala gahala Ring ekak demmoth Ratey okkotama Nombi alliyahaki wenawa
    වැස්සක් ආවත් අනුරගෙ නම කියාගෙන අඬන බයියෙක් 😂
     
    • Love
    Reactions: Anyhacker

    Similar threads