The Science of the Voynich Manuscript
වොයිනිච් අත්පිටපත
Voynich Manuscript එහෙමත් නැතිනම් වොයිනිච් අත්පිටපත යනු ලෝකයේ වඩාත්ම අභිරහස් හා කුතුහලය දනවන අභිරහස් ග්රන්ථයකි. මෙය 15වැනි සියවසේදී යුරෝපයේදී ලියැවුණු බවට තහවුරු වී ඇති නමුත්, එහි අන්තර්ගතය, භාෂාව, හෝ ලේඛකයා ගැන තවමත් නිශ්චිතව තොරතුරුක් නැත. මෙම අභිරහස් ග්‍රන්ථය 1912දී වසරේදී පෝලන්ත සම්භවයක් ඇති පුස්තක හා පෞරාණික පොත් වෙළෙන්دෙකු වූ පුරාවිද්‍යාඥ විල්ෆ්‍රිඩ් වොයිනිච් විසින් ඉතාලියේදී (රෝමයට ආසන්න ආරාමයකින්) සොයා ගන්නා ලදී. එතැන් සිට එය වොයිනිච් අත්පිටපත් (Voynich Manuscript) ලෙස ලෝකය පුරා විද්‍යාඥයන්, භාෂාවිද්යාඥයන්, හා අභිරහස් ලෝලීන්ගේ උනන්දුවට පාත්‍ර වී තිබේ. පිටු 240ක පමණ වන අතර පිටු සියල්ලක්ම පාහේ සත්ත්ව හම්වලින් සාදා ඇත.මෙවන විට පිටු 240 තිබුණද පුරාවිද්‍යාඥයන් කියන්නේ මෙහි පිටු සමහරක් නැතිවී ඇති බවයි. සිත්ගන්නා සුලු කරුණ වන්නේ එය රචනා කොට ඇති භාශාව මේ වනතුරුත් හදුනා ගැනීමට පර්යේශකයන් අසමත් වී ඇති වීමයි. මෙම ග්‍රන්ථය විවිධ ලිපි, රූප සටහන්, හා සංකීර්ණ රූපවලින් සමන්විතයි. එය ප්‍රධාන වශයෙන් කොටස් 5කට බෙදා ඇතවොයිනිච් අත්පිටපත
ශාක පිළිබද:
මෙහි තිබෙන්නේ ශාකවල රූප, මුල්, කොළ, හා මල් ගැන සවිස්තර රූප සටහන්. හැබැයි, මේ ශාකවලින් එකක්වත් පෘථිවියේ හමුවන ශාකවලට හරියටම සමාන නැහැ. සමහර ඒවා හිතන ගමන් හදපු ශාක වගේ, ඒත් ඒවා එකල දැනුමට ගැළපෙන විදිහට ඉතා ලස්සනට ඇඳලා තිබෙනවා.
තාරකා විද්‍යාව පිළිබද:
මෙහි තිබෙන්නේ තරු, ග්‍රහලෝක, හිරු, චන්ද්‍රයා වගේ දේවල් ගැන රූප. ඒවා බොහෝ විට රවුම් හැඩැති රූප සටහන් ලෙස තිබෙනවා. රාශි චක්‍ර සලකුණු (Zodiac signs) වගේ රූපත් තිබෙනවා, ඒත් ඒවාත් හරියටම එකල තාරකා විද්‍යාව හා ගැළපෙන්නේද නැත.
ජීව විද්‍යාත්මක:
මෙහි තිබෙන්නේ බොහෝ විට නිරුවත් කාන්තා රූප, ඒවා ජලයේ හෝ යම් තරලයක පිහිනන විදිහට ඇඳලා තිබෙනවා. ඒ රූපවලට බැඳුණු නළ හෝ නාලිකා වගේ ඒවත් තිබෙනවා, ඒවා ජීව විද්‍යාත්මක හෝ වෛද්‍යමය ක්‍රියාවලියක් ගැන ඉඟි කරනවා.

වෛද්‍යවිද්‍යාව පිළිබද:
මෙහි තිබෙන්නේ ශාක මුල්, කොළ, හා බීජ ගැන රූප, ඒවා බඳුන්වල හෝ භාජනවල තිබෙන විදිහට ඇඳලා තිබෙනවා. ඒක ඖෂධ සෑදීම ගැන ග්රන්ථයක් වගේ පෙනුණත්, ඒ ඖෂධ මොනවාද කියලා හඳුනාගන්න බැහැ.ඒවගේම රසායනික පරීක්ෂණ හෝ රසවාදය (Alchemy) ගැනත් ඉඟි තිබෙනවා.

විවිධ ලිපි අඩංගු කොටස:
රූප රහිතව ලිපි පමණක් අඩංගුව ඇති මෙම කොටසේ භාෂාව "වොයිනචිස්(Voynichese)" ලෙස හඳුන්වන අතර, එය කිසිදු මිහිපිට ඇති භාෂාවකට හෝ ලිපි පද්ධතියකට සමාන නොවේ. මෙම ලිපි පිලිවෙලකට ලියා ඇති බවක් පෙනුණත්, එහි තේරුම තවමත් විසඳා නැත.
රූප: ශාක, තරු, හා මිනිස් රූප ඇතුළත් මෙම රූපවල බොහොමයක් අදටත් හඳුනාගත නොහැකි ඒවායි. උදාහරණයක් ලෙස, ශාක පිලිබද කොටසේ ඇති ශාක කිසිවක් පෘථිවියේ හමුවන ශාකවලට සමාන නොවේ. Voynich Manuscript ගැන බොහෝ උපකල්පන තිබේ.සමහරු පවසන්නේ මෙය රහසිගත කේතයකින් ලියැවුණු ග්රන්ථයක් බවයි. නමුත්, එවැනි කේතයක් බිඳීමට තවමත් කිසිවෙකුට හැකිවී නැත. කෘත්‍රිම බුද්ධිය හා යාන්ත්‍රික ඉගෙනුම් භාවිතයෙන් පවා එහි ලිපිය විකේතනය සිදුකීරිමට අපොහොසත් විය.දෙවන ලෝක යුද්ධයේදී එකල භාවිත වූ රහසිගත කේත හා සංඥා බිඳින්න උත්සාහ කළ බුද්ධිමතුන්, ගණිතඥයින්, භාෂාවිද්යාඥයින්, හා වෙනත් විශේෂඥයින් පිරිසට පවා මෙය විකේතය කීරීමට නොහැකි විය.NSA, FBI වැනි ආයතනවලටත් මේක ජයගන්න බැරිවුණා. 2024දී ලීසා ෆේගින් ඩේවිස්වැනි පර්යේෂකයන් බහු-වර්ණාවලි ජායාරූපකරන මගින් (multispectral imaging)
මගින් යම් ඉඟියක් හසුකරගත්තත්, ඒවාත් තවමත් පැහැදිලි උත්තර ලබාදෙන්නට අසමත් විය.එය ඖෂධ, තාරකා විද්‍යාව, හෝ රසායන විද්‍යාව පිළිබඳ ග්රන්ථයක් විය හැකි බවට මතයක් තිබේ. තවත් මතයක් වන්නේ මෙය එකල සිටි රසවාදීන් (alchemist) හෝ වංචාකරුවන් විසින් රැවටීමක් ලෙස නිර්මාණය කළ බවයි. සමහරු යෝජනා කරන්නේ මෙය පෘථිවි භාෂාවකට අයත් නොවන, විශ්වීය හෝ අමුතු භාෂාවකින් ලියැවුණු බවයි.නමුත් 2009දී කරන ලද කාබන් කාලනිර්ණය පරීක්ෂණවලින් හෙළි වූයේ මෙම අත්පිටපත 1404-1438 කාලය තුළ ලියැවුණු බවයි.Voynichese හි ලිපි යම් රටාවකට යටත් බවත්, එය සැබෑ භාෂාවක ලක්ෂණ දක්වන බවත් විශ්ලේෂණවලින් හෙළි වී තිබේ. එහෙත්, එය තවමත් පරිවර්තනය කළ නොහැකිය.
Voynich Manuscript යනු මිනිස් බුද්ධියට අභියෝග කරන, තවමත් විසඳා නැති රහසකි. එය යම් දිනක විසඳුණහොත්, එය මිනිස් ඉතිහාසයේ නොදන්නා පැතිකඩක් එළිදරව් කරනු ඇත. එතෙක්, එය කුතුහලය හා ආශ්චර්යය ජනනය කරන, ලෝකයේ මෙතෙක් සොයාගෙන නොමැති රහස්වලින් එකක් ලෙස පවතිනු ඇත.