☢️ හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරවලින් පවා විනාශ කිරීමට නොහැකි වූ අපූරු වෘක්ෂයන් 🌳

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,169
    153,585
    113
    ජපානෙ සාමාන්‍ය වැසියන් ලක්ෂ ගාණකට ජීවිත අහිමි කරපු හිරෝෂිමා-නාගසාකි නගරවලට එල්ල වෙච්ච පරමාණු බෝම්බ ප්‍රහාරෙ බලපෑමට නතුවෙලත් නොනැසී පවතින්න හැකියාව ලැබුණු ගස් වර්ග 200 කට අධික ප්‍රමාණයක් හිරෝෂිමා, නාගසාකි නගර තුළ සං‍රක්ෂණය කරලා තියෙනවා අදටත් බලාගන්න පුළුවන්. 'Hibakujumoku' ( 被爆樹木) කියන නමින්, එහෙමත් නැත්නම් "survivor tree" හෝ " A-bombed tree" කියන තේරුමෙන් හදුන්වන මේ ගස් සමූහය අතරට Weeping Willow, camphor trees, eucalyptus, wisterias, Japanese fern palms, junipers, ginkgo, hackberry, pines වගේ ගස් වර්ග ඇතුළත් වෙලා තියෙනවා.

    බෝම්බ පිපිරුම්වල අපිකේන්ද්‍රයෙ (Epicenter/Ground Zero) ඉදලා කිලෝමීටර් 2 ක වපසරියකට අයත් කලාපයක් ඇතුළෙ විවිධ දුරවල්වලින් තමයි මේ ගස් පිහිටලා තිබිලා තියෙන්නෙ. මේ ගස් අතරින් හිරෝෂිමා නගරෙ, 'Motomachi' කියන ගං ඉවුරෙ තියෙන පිහිටලා තිබ්බ "Weeping Willow" වර්ගයේ ගස පිහිටලා තිබිලා තියෙන්නෙ බෝම්බ පිපිරුමෙ අපිකේන්ද්‍රයට මීටර 370 ක් වගේ සෑහෙන ආසන්නයකිනුයි. මේ ගස් ඔක්කොම අතරින් බෝම්බෙ පිපිරුම්වල අපිකේන්ද්‍රයට ආසන්නයෙන් ම පිහිටලා තිබුණු ගහ විදිහටත් මේ "Weeping Willow" වර්ගෙ ගස සලකනු ලබනවා. වාර්තාවලට අනුව පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් බේරුණු මේ වගේ ගස් 160-170 අතර ප්‍රමාණයක් හිරෝෂිමා නගරෙනුත්, ගස් 50 ක් පමණ ප්‍රමාණයක් නාගසාකි නගරෙනුත් හදුනගෙන මේ වෙනකොට සංසරක්ෂණය කරලා තියෙනවා.







    බෝම්බ පිපිරුමේ අපිකේන්ද්‍රයෙ (Epicenter/Ground Zero) ඉදලා මීටර 740 ක් දුරින් පිහිටලා තිබ්බ 'Eucalyptus' ගසේ වර්තමාන තත්ත්වය

    HiroshimaCastleEucalyptus7206.jpg
    ​



    Photo credit: Paul Salopek​

    2_IMG_2896


    ​

    Photo credit: Jan Hicks​

    AVvXsEgvCm3TA_uHwTJy0BnbruCdvgZgXjJq3dn3SkpnT2U7Qz_UXiDg3lFdny_DDux47bNHPEdhocj-7T2jk9u3EZ1MQq7VCUqIAx-VKYt0_EMkitPokNHp72vEZ4N1JoviTAdE4tTVkfo0iuMb






    ​

    හිරෝෂිමා-නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයේ බලපෑමට නතු වුණු ගස් (1945 වසරේදී ලබා ගත් ඡායාරූප)​


    nagasaki-color.jpg

    image16.jpg
    images

    460831_r26925.jpg


    පරමාණු බෝම්බ පිපිරුමෙන් එල්ලවුණු අධික තාපය, කම්පන තරංගවලට වගේම අධික විකිරණවලටත් අහුවෙලා මේ ගස්වල කඳ, අතු, කොළ සම්පූර්ණෙන් ම වගේ ගිනිගෙන විනාශ වෙලා ගියත් බොම්බ පිපිරුමෙන් අවුරුද්දක වගේ කාලයක් යන්නත් ඉස්සෙල්ලා කවුරුවත් බලාපොරොත්තු නොවුණු විදිහට මේ ගස් ඔක්කොම වගේ දළු දාලා ආයෙ වැඩෙන්න පටන් අරන් තියෙනවා. මේ ගස්වලට මේ තරම් දරුණු ව්‍යසනයකට උනත් මේ විදිහට මුහුණ දෙන්න මේ ගස්වලට තිබ්බ භූගතව වහිදුණු ශක්තිමත් මුල් පද්ධතිය, ශක්තිමත්, ඝන බාහිර පොත්ත වගේම, මේ ගස්වල කඳේ සහ අතුවල අභ්‍යන්තරයට වෙන්න තිබ්බ අංකුර (Epicormic buds) තමයි මූලිකව ම උදව් වෙලා තියෙනවා කියලා කියන්නෙ.

    පරමාණු බෝම්බ ප්‍රහාරෙන් බේරුණු 'Eucalypt' ගසක්​

    ​

    ​

    පරමාණු බෝම්බ ප්‍රහාරෙන් බේරුණු 'Weeping Willow' ගසක්​

    Photo credit: dwyer_joseph​

    wehxqcapj8v01.jpg

    ​

    ​

    Photo credit: Chris-and-Barb​

    AVvXsEgaaVy-rHrtc-RwIb1UG2SF5EW45E6EkTLxAxFuVCOslUVp0RPK5lP5C8swl4ViOMSFnDvsp8sdiRUCF-5HjgMrDEnGhBm8L6r9slxbLGwGTYo6Q2_UcwghzDFWQXK_bEH2QxfyzK8XggO3

    ​

    ​

    Photo credit: Tony Marchesano​

    AVvXsEiUvc2ChiX6JEihMqg9IK3JNVeLdVaDxIqUboewzUIODqtO1H4A_McXRegaOdg_kct2C0vQa5JpbOdfPJw9jbapGDaAqFh9QZh_Zcb5vLQB4rL8qeyoJLXXdDU1bOqJ42J234KArDFKm06s

    ​

    Photo credit: Aki Sasaki​

    90


    ජපාන රජයේ අනුග්‍රහය යටතේ ලෝකෙ වටේම තියෙන විවිධ පරිසර සංවිධානවල සහයත් ඇතුව මේ ගස් සං‍රක්ෂණය කිරීම සිදු කරනවා. වෘක්ෂ වගාව පිළිබදව ජපානෙ ඉන්න ප්‍රවීණ ම විශේෂඥයෙක් වෙන "Chikara Horiguchi" ත්, Green Legacy Hiroshima (GLH), The NAGASAKI Kusunoki Project කියන ව්‍යාපෘති මගිනුත් මේ ගස් සං‍රක්ෂණය කිරීමේ කටයුතු වලට සක්‍රීයව දායක වෙමින් ඉන්නවා. සං‍රක්ෂණ කටයුතුවලට අමතරව "Green Legacy Hiroshima (GLH)" ව්‍යාපෘතිය මගින් මේ 'Hibakujumoku' ගස්වලින් ගන්න බීජ ලෝකෙ වටේ තියෙන උද්භිද උද්‍යානවල, පාසල් භූමි, විශ්ව විද්‍යාල භූමිවල නැවත රෝපණය කරන්න ලබාදීමේ විශේෂ වැඩසටහනකත් නිරත වෙලා ඉන්නවා. ලෝක සාමය සහ ඕනම ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණදීලා නැවත නැගීහිටින්න තියෙන හැකියාව, ශක්තිය සංකේතවත් කිරීමයි මේ බීජ බෙදාහැරීමේ සහ රෝපණ කිරීමේ වැඩසටහනේ මූලික අරමුණ වෙලා තියෙන්නෙ.





    ​

    ​

    හිරෝෂීමා-නාගසාකි ප්‍රහාරෙ සම්බන්ධව මං මීට කලින් දාපු ත්‍රෙඩ්ස් 2 ක්​


    ​

    ✍️ සටහන : @Stimulus mind ✍️​

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,452
    1
    20,549
    113
    35
    Spain
    මීටර 370ක් දුරින් තිබුණ willow ගහත් බේරිලා තියෙන එක නම් ඇත්තටම පුදුමයි.
    පුදුමයකට වඩා ආශ්චර්යජනක දෙයක් නේ. පිච්චිලා අඟුරු වෙලා නොගිය එකත්, ආපසු දළු දාල හැදුනු එකත්.
     
    • Like
    Reactions: Stimulus mind

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ජපානෙ සාමාන්‍ය වැසියන් ලක්ෂ ගාණකට ජීවිත අහිමි කරපු හිරෝෂිමා-නාගසාකි නගරවලට එල්ල වෙච්ච පරමාණු බෝම්බ ප්‍රහාරෙ බලපෑමට නතුවෙලත් නොනැසී පවතින්න හැකියාව ලැබුණු ගස් වර්ග 200 කට අධික ප්‍රමාණයක්
    බෝම්බෙ වැටුණ තැන ඉඳන් මීටර් සීයක දුරින් තිබ්බ ගින්කෝ ගස් පවා ආයෙ දළු දැම්මා කියන්නෙ පුදුම හයියක්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    අවුරුදු මිලියන 65 පෙර ලෝක විනාශය වෙච්ච දරුණු උල්කාපාත ගැටුමෙන් පස්සේ, ගහ කොළ බේරෙන්න ඇත්තේ මේ වගේම වෙන්න ඇති
    ගින්කෝ කියන්නෙ කොහොමත් ඩයිනසෝර්ලගෙ කාලෙ ඉඳන්ම වඳ නොවී බේරිච්ච ගස් ජාතියක්නෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,169
    153,585
    113
    පුදුමයකට වඩා ආශ්චර්යජනක දෙයක් නේ. පිච්චිලා අඟුරු වෙලා නොගිය එකත්, ආපසු දළු දාල හැදුනු එකත්.
    විද්‍යාඥයො එහෙම ඒ දවස්වල අනුමාන කරලා තිබිලා තියෙන්නෙ පස්වල තිබ්බ විකිරණ ගතිය නිසා අඩුම තරමෙ අවුරුදු හැත්තෑ ගානක්වත් යනකම් කිසිම පැළයක් හිරෝෂිමා, නාගසාකිවල වැවෙන එකක් නෑ කියලා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,452
    1
    20,549
    113
    35
    Spain
    මේවායෙ විකිරණ ප්‍රමාණෙත් සෑහෙන්න ඇති.
    එහෙම නෑ කියනවා බන්, මොකද බෝම්බ පිපුරුවම න්‍යෂ්ඨික ද්‍රව්‍ය බෙදිලා ගිහින් ඉතුරු වෙන්නේ හානියක් නැති ද්‍රව්‍ය. මට ඔකේ සීන් එක මතක නෑ, අපේ කාබන්, සිලිකන් වගේ පරමාණු හැදෙන්නේ බරෙන් වැඩි පරමාණු බිඳ වැටිලා. ඉතින් මුල් අවස්ථාවේ විකිරණ ටික හරි ඉක්මනට පරිසරයෙන් අයින් වෙනවා. මේක න්‍යෂ්ඨික ද්‍රව්‍ය කාන්දු වීමක් වගේ නම් තමයි අවුරුදු සිය ගානක් විකිරණ තියෙන්නේ.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,333
    4,832
    113
    එහෙම නෑ කියනවා බන්, මොකද බෝම්බ පිපුරුවම න්‍යෂ්ඨික ද්‍රව්‍ය බෙදිලා ගිහින් ඉතුරු වෙන්නේ හානියක් නැති ද්‍රව්‍ය. මට ඔකේ සීන් එක මතක නෑ, අපේ කාබන්, සිලිකන් වගේ පරමාණු හැදෙන්නේ බරෙන් වැඩි පරමාණු බිඳ වැටිලා. ඉතින් මුල් අවස්ථාවේ විකිරණ ටික හරි ඉක්මනට පරිසරයෙන් අයින් වෙනවා. මේක න්‍යෂ්ඨික ද්‍රව්‍ය කාන්දු වීමක් වගේ නම් තමයි අවුරුදු සිය ගානක් විකිරණ තියෙන්නේ.
    එතකොට ඔය බෝම්බෙන් පස්සෙ ඇතිවුනා කියන විකිරණ බලපෑම අදටත් තියෙනවයි කියන්නෙ. මට ලොකුවට තේරෙන්නෙ නෑ සයන්ස් කලේ නැති හින්දා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,452
    1
    20,549
    113
    35
    Spain
    එතකොට ඔය බෝම්බෙන් පස්සෙ ඇතිවුනා කියන විකිරණ බලපෑම අදටත් තියෙනවයි කියන්නෙ. මට ලොකුවට තේරෙන්නෙ නෑ සයන්ස් කලේ නැති හින්දා.
    විකිරණ උරාගන්නවා, නමුත් විකිරණ ක්ෂය වෙලා යනවා. ටික ටික අඩු වෙනවා. අපේ ශරීරයේත් යම් විකිරණශීලී ගතියක් තියෙනවා, කාබන් 14 කියන කාබන් වල බරෙන් වැඩි සම්ස්තානිකය නිසා. අපි මැරුණම අපි ආහාර වලින් කාබන් තවත් ගන්නේ නැති නිසා කාබන් එකතුවීම නවත්නවා. ඉතින් එදා ඉඳල අපේ කාබන් 14 අඩු වෙමින්නයිට්‍රජන් හැදෙනවා. ඕකෙන් තමයි අර කාබන් කාල නිර්ණය කරන්නේ. ඔය වගේමයි බර විකිරණශීලී ද්‍රව්‍යයත්. නමුත් බෝම්බය පිපිරිලා බර විකිරණශීලී පරමාණු බිඳවැටිලා විකිරණ නිකුත් වෙලා යනවා. සීසියම්, අයඩින් වගේ විකිරණශීලී ද්‍රව්‍යයත් එහෙම ඉතුරු වෙනවා, නමුත් ඒවා ටික ටික ක්ෂය වෙනවා. . ප්‍රශ්නේ මුල් පිපිරීමෙන් නිකුත් වෙන විකිරණ. ඒවත් ටික ටික අඩු වෙමින් යනවා. පරිසරයේ රැඳිලා තියෙන්නේ නෑ. නමුත් න්‍යෂ්ඨික බලාගාරයක් කාන්දු වුනොත් බිඳ නොවැටුණු බර විකිරණශීලී ශ්‍රව්‍ය පරිසරයට එකතු වෙනවා. එකෙන් තමයි ඔය චර්නොබිල්, ෆුකුෂිමා එහෙම හානි සිදු වුනේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,169
    153,585
    113
    මේවායෙ විකිරණ ප්‍රමාණෙත් සෑහෙන්න ඇති.
    එහෙම නෑ කියනවා බන්, මොකද බෝම්බ පිපුරුවම න්‍යෂ්ඨික ද්‍රව්‍ය බෙදිලා ගිහින් ඉතුරු වෙන්නේ හානියක් නැති ද්‍රව්‍ය. මට ඔකේ සීන් එක මතක නෑ, අපේ කාබන්, සිලිකන් වගේ පරමාණු හැදෙන්නේ බරෙන් වැඩි පරමාණු බිඳ වැටිලා. ඉතින් මුල් අවස්ථාවේ විකිරණ ටික හරි ඉක්මනට පරිසරයෙන් අයින් වෙනවා. මේක න්‍යෂ්ඨික ද්‍රව්‍ය කාන්දු වීමක් වගේ නම් තමයි අවුරුදු සිය ගානක් විකිරණ තියෙන්නේ.
    මේ ඩොකියුමෙන්ටරි එක බලන්න. හිරෝෂිමා,නාගසාකි ඇටෑක් එක ගැනයි, ඒකෙන් වෙච්ච බලපෑම ගැනයි කරපු හොද ම ඩොකියුමෙන්ටරි එකක්.

    White Light/ Black Rain: The Destruction of Hiroshima and Nagasaki (2007)​


    b550f4ba-6345-11f0-b80d-02a07e508a33




    ෆුල් ඩොකියුමෙන්ටරි එක. මේක නම් 360p කොලිටි වීඩියෝ එකක් හැබැයි.