වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්
    https://www.divaina.lk/main-news/112433 · දිවයින

    trincomalee2.png


    ත්‍රිකුණාමලය, කප්පල්තුරේ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක සිටි නාවික හමුදා සෙබළකු වෙඩි තබා ඝාතනය කර එහි සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුට බරපතළ තුවාල කරමින් පාතාල කුලී ඝාතකයකු පෙරේදා (02දා) රාත්‍රී ටී 56 අවියක් යොදාගෙන එල්ල කළ ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ දකුණේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන දෙහිබාලේ විසින් බවට පොලිසිය සැක පහළ කරයි.

    මෙහිදී ඝාතනයට ලක් වූ නාවික හමුදා සෙබළා මෙම ප්‍රහාරයේ ඉල්ලක්කයක් වී නොසිටි අයකු බව පොලිසිය පවසයි. ඔහු අමතර රැකියාවක් ලෙස ත්‍රිරෝද රථ කුලී සේවයේ නිරත වී සිටි අතර ඔහු මෙම ප්‍රහාරයේ ඉලක්කයක් වී නොසිටි අහිංසක පුද්ගලයකු බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

    මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති අතර බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටින පුද්ගලයන් දෙදෙනාම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව පොලිසිය පවසයි.

    පොලිසිය සැක පහළ කරන්නේ මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටින ඩැරල් නමැත්තා දකුණේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙහිබාලේගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු බවටය.
     
    • Sad
    Reactions: Yudewwa

    monson

    Well-known member
  • May 7, 2007
    26,602
    31,270
    113
    හොර තක්කඩි පචයගේ ආණ්ඩුව කිව්වා නේද පාතාලේ වෙඩි තියාගත්තට සාමාන්‍ය මිනිස්සුන්ට හානියක් නැහැ කියලා ?