රුපියල් බිලියන 3ක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිටට

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,590
    2,693
    113
    United States
    රුපියල් බිලියන 3ක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිටට
    https://www.divaina.lk/breaking-news/112735 · දිවයින

    boat1.jpg


    ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන අද (05) උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාව 'පහන් පුතා' ලෙස හඳුනාගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ එම යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 189කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 3ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබේ.
     
    • Wow
    Reactions: vito and waca