ප්‍රවීණ සාහිත්‍යධර, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරි තිලකසිරි පඬිතුමා දිවිසැරිය නිම කරයි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ප්‍රවීණ සාහිත්‍යධර, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරි තිලකසිරි පඬිතුමා දිවිසැරිය නිම කරයි
    https://hirunews.lk/498642/renowned...fessor-siri-thilakasiri-pandithum-passes-away · හිරු සිංහල

    1793901015_5850361_hirunews.jpg


    ශ්‍රී ලාංකීය සම්භාව්‍ය සිංහල සාහිත්‍යයට, සංදේශ කාව්‍ය අධ්‍යයනයට සහ පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ පඬිවරයෙකු වන රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරි තිලකසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු විසින් රචිත සහ සංස්කරණය කරන ලද ප්‍රසිද්ධ කෘති අතර සිංහල සන්දේශ කාව්‍යයේ සමාජ පසුබිම, සම්භාවිත සිංහල සාහිත්‍යයේ සමාජ - දේශපාලන පරිසරය, වෑත්තෑවේ තෙරිඳුන් කළ ගුත්තිල කාව්‍යය, කව්සිළුමිණ, පරෙවි සන්දේශය, කවීශ්වර කළ මයුර සන්දේශය, සිංහල වියරණ විදි, සාහිත්‍ය අටුවාව, ප්‍රේමදාස මනම්පේරි සමඟ එක්ව සංස්කරණය කළ ගුරුළුගෝමීන්ගේ අමාවතුර ඇතුළත්. බොරැල්ල පිහිටි පෞද්ගලික මල්ශාලාවකදී හෙට සවස 5.00 සිට දේහයට අවසන් ගෞරව දැක්විය හැකි අතර අවසන් කටයුතු සෙනසුරාදා සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,522
    113
    එතුමා දිවි සැරිය නිමා කරපු එක නං දුක් වෙන්න හේතුවක් තමයි
     
    • Love
    Reactions: Anyhacker