ලතින් කංකාරිය

chanaka

Well-known member
  • May 4, 2006
    3,265
    918
    113


    නුඹට පානා හනික කෝපේ
    නමට පමනා කරුම දීගේ

    පිපුණු තිසරුන් මඟදි දුටුවැයි
    පැලුණු එ උකුල් නොදැක කොහොමැයි

    පිරිමි ඔහොමයි මුගුර නරකයි
    උකස් දුන් හර්දේ නුඹටා

    ඇහැට ගැටෙනා තැනක මානේ
    ගැහැණු අගුණා මෙමට කීවේ

    ඇති හොඳටම බේගලේ ලොකු කෑදරේ
    නොදන්නවා නෙවේ

    කෝ ඔය බොරු ආදරේ රෑ කාමරේ
    ඉහ උඩ හෙලු මාලිගේ අන්තප්පුරේ

    උඩැක්කියක් නොවේ
    මා බිසවකි කඳුකරේ ඒ රජපෙලේ

    ගැහැණු රවටා බෝමා කැටුව ආ දා මා
    පණට සේමා නුඹට ප්‍රේමේ

    පණට පණ හා සේමා ගැහැණු බෝමා
    කනට කර මා මටලු ප්‍රේමේ

    ඇති දැන් මගේ දේසනේ ගත බීසනේ
    ගිනිගන්නවා වගේ

    බෝ අවුලයි පෑ සෙනේ හද ආසනේ
    අව්වැහි වැටෙනා ලෙසේ ධර්මේ ලොවේ

    පිරිමින් යටයි කොහේ
    කාටත් ඇති කෑදරේ රති සාගරේ

    මගේ පෙරදා පවටා නුඹේ පිනටා
    දෙගුරු රවටා එන්ට ආවේ

    දෙගුරු පෙරදා රවටා දුගී පැලටා
    එන්ට කියලා ඇයිද කීවේ

    නුඹට පානා
    ਹනික කෝපේ

    පිපුණු තිසරුන් මඟදි දුටුවැයි
    පැලුණු එ උකුල් නොදැක කොහොමැයි

    පිරිමි ඔහොමයි මුගුර නරකයි
    උකස් දුන් හර්දේ නුඹටා

    ඇහැට ගැටෙනා
    තැනක මානේ

    ගැහැණු අගුණා මෙමට කීවේ


    ​

    ආධ්‍යාත්මික ප්‍රේමය අදහන බිරිදක් හා කාමය ආත්මය කොට ගත් පිරිමියෙකුගේ විවාහයේ අදුරු පැතිකඩක් නිර්මාණයෙන් පිළිඹිබු වේ පිරිමියාගේ විනෝදකාමී,බොළද ජීවිතයත්, බිරිදක් වශයෙන් ඇය ගෙවන කටුක ජීවිතයේ ඇති ගැඹුරත්,වේදනාවත් මනාව පෙන්වා තිබේ.විවාහයට පෙර සහකරුවකු තෝරාගැනීමට පෙර දස දහස්වාරයක් සිතන්නට සලස්සවන ගීතයක්

    පිපිණු තිසරුන් මගදි දුටුවැයි / පැලුණු ඒ උකුල් නොදැක කොහොමැයි"⁠ සහ ⁠"පිරිමි ඔහොමයි මුගුර නරකයි"⁠ යන පදවලින් කියැවෙන්නේ පිරිමින් මඟතොටදී වෙනත් ස්ත්‍රීන් දකින විට චපල වන බවත්, තමන් ලබාගත් ආදරය හෝ විවාහය පසෙකලා වෙනත් බාහිර රූපයන්ට ලොබ බැඳෙන බවත්ය. ⁠"නමට පමණා කරුම දීගේ"⁠ යන්නෙන් නාමිකව පමණක් පවතින, කිසිදු සැබෑ ආදරයක් හෝ සතුටක් නැති විවාහයක ඇති අසාර්ථක බව නිරූපණය වේ. ⁠
    ​
    "ඇති හොඳටම බේගලේ ලොකු කෑදරේ"⁠ මගින් රෑ කාමරයට හෝ කාමුක ආශාවන්ට විතරක් සීමා වූ බොරු ආදරයේ සහ කපටිකමේ රංගනය හෙළි කරයි. ⁠"උඩැක්කියක් නොවේ / මා බිසවකි කඳුකරේ ඒ රජපෙලේ"⁠ යන්න ගීතයේ ඉතා ප්‍රබල පද පේළියකි. තමන් අනුන්ගේ තාලයට නටන "උඩැක්කියක්" හෝ කීකරු මෙහෙකාරියක් නොවන බවත්, තමන්ට හිමි අභිමානයක් සහ වටිනාකමක් ඇති "බිසවක්" වැනි තැනැත්තියක් බවත් ඇය අවධාරණය කරයි.

    "මගේ පෙරදා පවටා නුඹේ පිනටා / දෙගුරු රවටා එන්ට ආවේ"⁠ මගින් දෙමාපියන්ගේ බසට පවා පිටුපා ආදරය උදෙසා පැමිණි නමුත්, අද වන විට ලබන්නට වී ඇති දුක සහ රැවටීම පිළිබඳව ඇය තුළ ඇති පසුතැවීම ප්‍රකාශ වේ. සමස්තයක් ලෙස, මෙය ස්ත්‍රියකගේ වේදනාව, කෝපය මෙන්ම තමාගේ ආත්මගෞරවය වෙනුවෙන් පිරිමියාට එරෙහිව නැගෙන තියුණු උපහාසාත්මක විවේචනයක්..





    ​
     
    • Like
    Reactions: Schrodinger Cat

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    චරිත් අත්තලගේගෙ voice එකට මේ සිංදුව හොඳටම ගැලපෙනවා, 'පිරිමි ඔහොමයි මුගුර නරකයි' කියන පදේ ඇහෙද්දි නම් හිනාත් යනවා 😄
     
    • Haha
    Reactions: chanaka